IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


නවක වදයට මුල් වූ සරසවි සිසුවියන් 6ක් ඇතුළු 15ක් අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි )

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුවියන් පිරිසකට නවක වදය දුන් බව කියන සිසුවියන් 6 දෙනකු සහ සිසුන් 9 දෙනකු  අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේම ඉගනුම ලබන අවුරුදු 24 ත් 26 අතර වයස් වල පසු වන සිසුන් පිරිසකි.

සැකකාරියන් සහ සැකකරුවන් 2021 සහ 2022 වසර වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් පිරිසකට නවක  වදය ලබා දී ඇතිබවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නවක වදය සම්බන්ධ පැමිණිලි විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන වලින් අනතුරුව සැකකරුවන්  ඊයේ(03) අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (5)

නවක වදයට මුල් වූ සරසවි සිසුවියන් 6ක් ඇතුළු 15ක් අත්අඩංගුවට

මැක්ස් Thursday, 04 September 2025 09:05 AM

පරපීඩක මානසිකත්වයෙන් පෙළෙන මේ අමන රැලත් මහින්දානන්ද, ශෂීන්ද්ර, නලින් ප්‍රනාන්දු, කෙහෙලිය, ලන්සා සමඟ එකට ඈඳා සිරගත කළොත් නරක ද? මේවා සරසවිවලට බෝ කළේ වත්මන් ආංඩුවෙ අයම නිසා ඒවා එලෙස වේ දැයි සැක සහිතය.

:       0       0

maalaka Thursday, 04 September 2025 09:06 AM

24 - 26 කියන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලයේ ඉන්න සාමාන්‍ය සිසුවන්ද?

:       0       0

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Thursday, 04 September 2025 09:13 AM

කිසිඳු සමාවක් නැතිව වහාම ශිෂ්‍යභාවය සදහටම අහෝසිකරපල්ලා. තවත් නැලෙව්වොත් මේ රට කවමදාකවත් හැදෙන්නේ නෑ. අපි ජෝඩුව වාගේ රටකාපු එවුන්ගේ කක්කා හෝදන බත්කන හරක් විතරක් මේ රටේ තව තවත් බෝ වේවි. බත්කන හරක් බෝ නොවේවා

:       0       0

chinthaka Thursday, 04 September 2025 10:05 AM

ශිෂ්‍යභාවය අහෝසි කල යතුයි , රජයේ රැකියාවකට නොගත යුතුයි, මෙවැනි මානසික අසහනකාරීන්, සමාජයෙන් ඉවත්කර දැමිය යුතුයි

:       0       0

Perera Thursday, 04 September 2025 10:06 AM

වැරදිකරුවන් බවට එකඟ වුවහොත් මුන්ගේ ශිෂ්‍යභාවය වසර 10කට අත්හිටුවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 321 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16419 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 618 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site