ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ව්‍යවස්ථාවට අනුව නම් සභාපතිවරයකු නම් කිරීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුවට කිසිදු බලයක් නැති බවත් එවැනි බලයත් ඇත්තේ ක‍්‍රිකට් ආයතනයේ සාමාජිකයන්ගෙන් සමන්විත මහ සභා රැස්වීමකට පමණක් බවත් හිටපු සභාපතිවරයකු වන තිලංග සුමතිපාල මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයට නාම යෝජනා බාරදී සිටි සුමතිපාල මහතාගේ නාමයෝජනාව ප‍්‍රතික්‍ෂෙප වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තමන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා අද (29) පස්වරුවේ කොළඹ ක‍්‍රිකට් සමාජ ශාලාවේදී (සී. සී. සී.) පැවැති මාධ්‍ය හමුවේදී සුමතිපාල මහතා මේ බව පැවසීය.
එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමතිපාල මහතා මෙසේද පැවසීය.
‘‘මට පෙන්නේ නෑ මේකේ නීතියක් තියනවා කියලා, මේක හාස්‍යයට කරුණක්.
‘‘විධායක කමිටුව කොහොමද සභාපතිවරයා නම් කරන්නේ? මෙහෙම ගියොත් කොහෙ හරි රටක කෙනෙකුත් ඇවිල්ලා සභාපති වෙයි. සභාපතිවරයා පත්විය යුත්තේ මහ සභා රැස්වීමකදී සාමාජිකයන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් පමණයි’’
තිලංග සුමතිපාල මහතා පැවසුවේ අනිද්දා (31) පස්වරුවේ මේ පිළිබඳව කරුණු දක්වමින් ක‍්‍රීඩා ඇමතිවරයාට සන්දේශයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියට අනුව වැඩ කිරීම හොදයි (දී)
ඒක ඇත්ත.... (දී)
කතාව ඇත්ත (දී)
මේකට නියම සුදුස්සා අර්ජුන විතරමයි.(නදී)
දැන් ඉවසන්න කාලය විසින් හැම දෙයක්ම විසඳාවි සුදුස්සට සුදුසු තැන ලැබේවි (අ)
දිඨ්ට ධම්ම වේදීනිය කර්මය පල දෙනවා කියල කියන්නේ ඕකට තමයි. දැන්ද තේරුණේ රටක නීතියක් තියෙනවා කියල (අ)
පාර්ලිමේන්තු හෝ පළාත් සභා මන්ත්‍රීකමක් තිබීමත් සභාපතිකමට නුසුදුසුකමක් ලෙස ව්‍යවස්ථාවට එක්කළ යුතුයි. යමක් කළහැකි අය කොච්චර රටේ ඉන්නවද? (නි)