ලෝක ජනමාධ්‍ය දිනය අදයි. ඒ නිමිත්තෙන් කැලණිය විශ්ව විද්‍යාලයයේ ජන සංනිවේදන අධ්‍යයන අංශය සංවිධානය කළ ‘නොබියව කතා කරන්න.සියලු මාධ්‍යයන්ගේ ප්‍රකාශනයේ අයිතිය සුරක්ෂිත කරමු‘ මැයෙන් මහජන අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් අද එම විශ්ව විද්‍යාලයය ඉදිරිපිටන් ඇරැඹීය.
කැලණිය විශ්ව විද්‍යාලයයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ මාහාචාර්ය මාපා තිලකරත්න මහතා එහි ප්‍රථම අත්සන තැබීය.
ලෝක ජනමාධ්‍ය දිනයට සමගාමීට ප්‍රවෘත්ති දෙපර්තමේන්තුවේද අද වැඩමුළුවක් පැවැත්විණි.
(කැලණිය විශ්ව විද්‍යාලයයේදී - ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)
(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී - ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කතාවට ඔහොම කිවුවට වැඩේ කරන්න ගියාමනේ ප්‍රශ්නේ. විරුද්ධව කතා කළොත් ද්‍රෝහියෝ. පක්ෂව කතා කලොත් දේශ හිතෛශියෝ (නි)
ලංකාවේ විකල්ප අදහස් දැරීම මරණයට හේතුවක් වේ. (නි)
නමට නම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයකි. (නි)
එසේම පනින්න පෙර සිතා බලනු. (නි)
පහුගිය අවුරුද්දේ මාධ්‍යවේදීන් 6 දෙනෙක් මරලා, ප්‍රහාර 17 වෙලා. හැබැයි නමට අපි උතුම්. (නි)
විකල්ප අදහස් දැරීම රටට අහිතකරයි කියන්නේ මොන තර්ක අනුවද? කෙනෙක්ට ඕනෑම අදහසක් දැරීමට අයිතියක් ඇත. එය රටට අහිතකරනම් ඒ සදහා උසාවි ඇත. (ත)
අර අහවල් පවුල ගැන හැර අනිත් ඕනෑම කෙනෙක් ගැන බය නැතිව කතා කරන්න. (නි)
කතා කරමු ! කතා කරමු ! නොබියව කතා කරමු! මැරයන්ගෙන් ගුටි කයි, කැමරාව නැතුව යයි , වීඩියෝ ලට ගලවා ගනී. සුදු වෑන් පැමිණෙයි.... (නි)
ඇයි ජීවත් වුණා ඇතිද ? (නි)
ලංකාව ලොව මාධ්‍යවේදීන්ට අනතුරුදායකම රටවලින් එකකි. (නි)
අපේ රටේ ඕවා බැහැ (නි)
නිදහස් මාධ්‍ය ගැන කථා කරන කැලණිය සන්නිවේදන අංශයේ හිටපු අය දැන් කොහේද ඉන්නේ කියලාත් පොඩ්ඩක් සොයාබැලිය යුතුයි (නි)
අපිට මෙහෙම කරන්න පුළුවන් නම් හොදයි. හැබැයි ලංකාවේ නම් නෙමෙයි (නි)
ඔහොම කතා කරන්න ගිහිල්ලා තමයි අසාද් සාලි මහා උළු ගෙදරට ගියේ. ඕව ලංකාවේ බැහැ නිකන් මරුන් කන්නේ නැතිව කට පියන් ඉන්න.(නදී)
නොබියව කතා කරනු. දත් දොස්තර මග බලා සිටියි. (නි)
නොබියව කතා කරන එක ලංකාවේ තියෙන දේශපාලනයත් එක්ක කරන්න හරිම අමාරුයි (නි)
අපේ රටේ වර්තමානය වෙනකොට ඍජුව කතාකිරීමේ අයිතිය සෑහෙන දුරකට පටු වී හමාරයි. අදහස් එලියට එන්නට මත්තෙන්ම කී දෙනෙක්ගේ ජීවිත නැතිකර ඇද්ද? මෙය රටක ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීමේ විතරක් නොවේ රටක පරිහානියේත් මුල් පියවරකි. (නි)
ඒක ලංකාවේ කරන්න හරිම අමාරුයි (නි)
කව්ද ජුලිඅස් පුචික් කියන්නේ මැයි දිනේට එහෙම කෙනෙක් අදාල නැද්ද ?(නදී)
නොබියව කතාකරනු මරණ සහතිකයද ලියා ගනු! (නි)
නොබියව කතා කරනු, කොයි මොහොතේ හෝ අතුරුදහන් වීමට සුදානමින්.(නදී)
නොබියව කතා කරනු, නොබියව කතා කල අසාද් සාලි අද ඇතුලේ. හෙට කව්ද දන්නේ නැහැ.(නදී)
නොබියව කතා කරන එක නම් මහ දෙයක් නෙමෙයි. වැන් වල යන්න වෙන එකයි ප්‍රශ්නෙ. (නි)
නොබියව කතාකරමු... ඒක නම් මැරෙනකන්වත් කෙරෙන්නෙ නැති වැඩක් ලංකාවෙ (නි)
ඕව කතා කරන්න ගිහින් සුදු වෑන් 1ක තමා යන්න වෙන්නේ. (නි)
අපේ රටේ පාට පාට මාධ්‍යවේදීන් ගැන අපට දුකයි. මාධ්‍ය පෙනී සිටිය යුත්තේ ජනතාව වෙනුවෙන් මිස දේශපාලකයාගේ කුණු හෝදන්න නෙමෙයි. අපට අවශ්‍යය ස්වාධීන මාධ්‍යයක්. (නි)
නොබියව කතා කරනු. හෙට ගුටි කනු. (නි)
ඉතාම විශිෂ්ට කාර්යයක්. මෙය අදට පමණක් සීමා නොකොට දිගටම ගෙනයාමට යාපා මැතිතුමන්ටත් කැලණිය විශ්ව විද්‍යාලයටත් ශක්තිය ධෛර්යය ලැබේවා. බුද්ධි කෙන්ද්‍රයකින් විය යුත්තේ මෙවැනි දේයි. (නි)
මේ මහත්තයාට පුළුවන්ද බය නැතුව අපි දෙන මාතෘකාව ගැන කථා කරන්න? (නි)
නොබියව කතා කර සුදු වෑන් එකෙන් යමු. (නි)
ලංකාව මාධ්‍යවේදින්ට ලොව අනතුරුදායකම රටවල් වලින් එකක්. ඉතින් කොහොමද නොබියව කතාකරන්නේ. (නි)
නොබියව කතා කරන්ට ගිහින් දැන් කී දෙනෙක් පරලොව ගියාද මහත්තයෝ? (නි)