
(කේ බුද්ධික කුමාරසිරි)
නීතීඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳට තලංගම අකුරේගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ එක් වෙඩික්කරුවකුට රැකවරණයදීම සම්බන්ධයෙන් අත්අංඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු මාර්තු 12 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (27) දින නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් ගත කරනු ලැබුවේ සී.කැලුම් එස් කුමාර සහ එච්.එම්.ඩී.එස්.ද සිල්වා නමැත්තන් දෙදෙනෙකි.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් මොනරාගල දී අත් අඩංගුවට ගත් දෙවන සැකකරුට රැකවරණය දීමේ චෝදනා එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd