(මනෝප්‍රිය ගුණසේකර)
රහස් පොලිස් අත්අඩංගුවෙන් පලායැමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු නඩු කිහිපයකම විත්තිකරුවකු වන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නඩු විභාගය අවසන් වන තෙක් රැඳවුම් නියෝග මත තංගල්ල පැරණි බන්ධනාගාරයේ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය භාරයේ රඳවා ගැනීමට ආරක්ෂක ලේකම්වරයා තීරණය කර ඇති බව නීතිපතිවරයා කොළඹ මහාධිකණ විනිසුරු සුජීව නිශ්ශංක මහතාට අද (08) දැනුම් දුන්නේය.
විත්තිකාර ‘හරක් කටා’ නමැත්තාගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන මත ආරක්ෂක ලේකම්වරයා මෙම තීරණය ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
නඩුව කැඳවූ අවස්ථාවේදී සූම් තාක්‍්ෂණය ඔස්සේ විත්තිකාර හරක් කටා අධිකරණය සමඟ සම්බන්ධ කළ අතර සෙසු විත්තිකරුවන් සිව්දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා කරුණු දක්වමින් විත්තිකරුගේ රැඳවුම් නියෝගය අවසන් වීමෙන් පසු විත්තිකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමට මුලින් තීරණය කර තිබුණත් විත්තිකරුගේ ආරක්‍ෂාව සැලකිල්ලට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන මත නඩු විභාගය අවසන් වනතුරු ඔහු රැඳවුම් නියෝග මත රඳවා ගැනීමට තීරණය කර ඇතැයි දැනුම් දුන්නේය.
විත්තිකාර හරක් කටා නමැත්තා තංගල්ල පැරණි බන්ධනාගාරයේ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය භාරයේ තවදුරටත් රඳවා ගැනීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා දැනුම් දුන්නේය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා කරුණු දක්වමින් රජයේ නීතිඥවරයාගේ දැනුම්දීම පිළිබඳ දැඩි විරෝධය පළ කළේය.
වසර දෙකක පමණ කාලයක් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටි තම සේවාදායකයා රැඳවුම් නියෝග අවසන් වීමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත් කිරීමට සුදානම් බව මීට පෙර අධිකරණයට දැනුම්දී තිබියදීත් නඩු විභාගය අවසන් වනතුරු මෙලෙස රඳවා ගැනීමට කටයුතු කිරීම යුක්ති සහගත නොවන්නේ යැයි කී නීතිඥ ජාලිය සමරසිංහ මහතා මේ තත්වය යටතේ සාධාරණ නඩු විභාගයකට පෙනී සිටීමට තම සේවාදායකයාට ඇති අයිතිය අහිමි වන්නේ යැයිද පෙන්වා දුන්නේය.
කරුණු සළකා බැලීමෙන් අනතුරුව නඩු විභාගය ලබන 24 වැනිදාට කල් තැබු විනිසුරුවරයා විත්තිකරුවන් එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙෂ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
නඩුව අවසන් වන තෙක් ’’හරක් කටා’’ රැදවුම් බාරයේ