
( රංජිත් රාජපක්ෂ )
නාවලපිටියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක් ගිනි ගෙන විනාශ වී ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසීය.
ගිනිගත්හේන නාවලපිටිය අඹගමුව ප්‍රදේශයේද ඊයේ (20) සවස මෙම ගිනිගැනීම සිදුව ඇතැයි පොලීසිය කියයි. ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් රියදුරා විසින් පරික්ෂා කරමින් සිටියදී ත්‍රීරෝද රථයේ ඇති වූ ඉන්ධන කාන්දුවක් හේතුවෙන් එක්වරම ත්‍රිරෝද රථයේ ගින්න හට ගෙන ඇති බව ගිනිගත්හේන පොලිසිය කියා සිටියේය.
ප්‍රදේශවාසීන් සහ ගිනිගත්හේන පොලිසියේ නිළධාරින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා නිවා දැමුවද ගින්නෙන් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රිය ගිනිගනී
ගුණරත්න Sunday, 21 September 2025 03:11 PM
අය්යෝ ඔය ත්‍රීවීල් කබල් කවුද දැන් පදින්නේ හෙහ් හේ, ගන්නකෝ බයිදු එකක්, වැඩිය නැහැ කෝටියයි දෙකයි සුපිරි එකක් ගන්න පුළුවන්. එක චාජ් එකෙන් කිලෝමීටර 500ක් පුළුවන් හෙහ් හේ.