
( රංජිත් රාජපක්ෂ )
නාවලපිටියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක් ගිනි ගෙන විනාශ වී ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසීය.
ගිනිගත්හේන නාවලපිටිය අඹගමුව ප්‍රදේශයේද ඊයේ (20) සවස මෙම ගිනිගැනීම සිදුව ඇතැයි පොලීසිය කියයි. ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් රියදුරා විසින් පරික්ෂා කරමින් සිටියදී ත්‍රීරෝද රථයේ ඇති වූ ඉන්ධන කාන්දුවක් හේතුවෙන් එක්වරම ත්‍රිරෝද රථයේ ගින්න හට ගෙන ඇති බව ගිනිගත්හේන පොලිසිය කියා සිටියේය.
ප්‍රදේශවාසීන් සහ ගිනිගත්හේන පොලිසියේ නිළධාරින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා නිවා දැමුවද ගින්නෙන් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය්යෝ ඔය ත්‍රීවීල් කබල් කවුද දැන් පදින්නේ හෙහ් හේ, ගන්නකෝ බයිදු එකක්, වැඩිය නැහැ කෝටියයි දෙකයි සුපිරි එකක් ගන්න පුළුවන්. එක චාජ් එකෙන් කිලෝමීටර 500ක් පුළුවන් හෙහ් හේ.