(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීම සඳහා ඔහුට එරෙහි චෝදනා විමර්ශන කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
එම කමිටු වාර්තාවෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි විෂමාචාර චෝදනාවලට වරදකරු කර ඇතැයිද කතානායකවරයා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි විසමාචාර චෝදනා විමර්ශන කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරමිනි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම පාර්ලිමේන්තු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු ලලිත් ඒකනායක යන මහත්වරු කටයුතු කළහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දේශබන්දු පොලිස්පති තනතුරෙන් නෙරපයි?
Asela Tuesday, 22 July 2025 10:45 AM
අපි දැනටමත් තීරණය දන්නවා. ඒක හරියට රජයේ පුරප්පාඩුවක් සඳහා විධිමත් දැන්වීමක් වගේ. ඒ පුද්ගලයා දැනටමත් තෝරාගෙන තිබුණත්, දැන්වීම විධිමත්භාවය සහ ක්‍රියා පටිපාටිය සඳහා පමණයි.
ටිල්වින් සීයා Tuesday, 22 July 2025 10:57 AM
හරි එහෙනම් කියපු විදියටම කරාට ස්තුතියි. පොරොන්දු වෙච්ච තනතුර ලැබෙයි.
Rata Perata Tuesday, 22 July 2025 11:34 AM
නෙරපලා විතරක් මදි, වැරදි කරලා තියෙනවානම් දඬුවම් දෙන්නත් ඕනේ