IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


දේශබන්දු කමිටු වාර්තාව මේ මාසයේදී කතානායකට

(සුජිත් හේවාජුලිගේ)

පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාට  එරෙහි චෝදනා  විමර්ශන කරන මැතිසභා ත්‍රිපුද්ගල   කමිටුවේ විමර්ශන බොහෝ දුරට මෙම මාසයේදී අවසන් කිරීමට නියමිතය.

විමර්ශන අවසන් වීමෙන් පසු කමිටු වාර්තාව කමිටුවේ සභාපතිවරයා විසින් කතානායකවරයාට භාර දෙනු ඇත.

කමිටුවේ වාර්තාව පරීක්ෂා කිරීමෙන් පසු කතානායකවරයා විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර සිය ලිඛිත දේශනා අනිද්දා(8) අඟහරුවාදා  ඉදිරිපත් කරන ලෙස  පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාට  එරෙහි චෝදනා  විමර්ශන කරන මැතිසභා ත්‍රිපුද්ගල  කමිටුව  වග උත්තරකාර  සහ පැමිණිලි පාර්ශ්වවලට  දැනුම්දී ඇත

මේ අනුව දෙපාර්ශ්වයේම ලිඛිත දේශන 8 වැනිදා ප.ව. 3.30ට පෙර පරීක්ෂණ කමිටුවට  ඉදිරිපත් කළ යුතුවේ.

පොලිස්පතිවරයාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් දෙපාර්ශවයේම සාක්ෂි වීමසීම පසුගියදා අවසන් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස  අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු  නීල්  ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරු කටයුතු කරති.



අදහස් (0)

දේශබන්දු කමිටු වාර්තාව මේ මාසයේදී කතානායකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 234 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 425 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 172 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site