(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

දෙහිවල,බෝධීය වත්ත,ශ්‍රී සරණංකර පාර ප්‍රදේශයේදී 16 හැවිරිදි    දැරියකට වෙඩිතබා බරපතල තුවාල සිදු කිරිමේ සිදුවීමට අදාලව වෙඩික්කරුට ආධාර අනුබල දුන්  සංවිධානාත්මක අපරාධ කල්ලි  සාමාජිකයන්තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙසෙල්වත්ත දිනුෂ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයන් බව පොලිසිය සඳහන්කරයි.

පසුගිය දෙසැම්බර් මස 30 වන දින කොහුවල පොලිස් වසමේ ශ්‍රී සරණංකර පාර, බෝධීය වත්ත, දෙහිවල ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට දී සෙනුරි අකීෂා රංජීත් පරණවිතාන යන දැරියට වෙඩිතබා බරපතල තුවාල සිදු කිරිම සම්බන්ධ සිදුවීමේ වෙඩික්කරු හට නවාතැන් ලබාදීම, ප්‍රවාහනය කිරීම හා වෙඩි තැබීමෙන් පසු ඒ සඳහා භාවිතා කල යතුරුපැදිය රැගෙනගොස් සඟවා තැබීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට ආධාර අනුබල ලබාදීම යන චෝදනාව මත, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28, 32 හා 36 පසුවන සැකකරුවන් තිදෙනා  වැල්ලම්පිටිය හා දෙමටගොඩ යන ප්‍රදේශයන්වලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.