(එච්.එම් .ධර්මපාල සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

දෙහිවල පීටසන් පටුමග මුහුදු මාර්ගයේ sea shark හෝටලයට පැමිණි දෙදෙනෙකු එහි හිමිකරුට වෙඩි තබා පලායාමෙන් අනතුරුව තුවාල කරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි දෙහිවල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ශාන්ත බාලසූරිය (සනා) නමැති (55) හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය කියයි.

මෙම පුද්ගලයා දෙහිවලින් පිටසන් පටුමග මුහුදුබඩ පාරේ sea shak නමැති හෝටලය පවත්වාගෙන යන අතර එම හෝටලයට (09) දා සවස මත් පැන් පානය කිරීමේ මුවාවෙන් දෙදෙනකු පැමිණ වෙරළ තීරය කොටසේ මේසයක මත්පැන් පානය කරමින් සිටියදී එහි සිටි එක් අයකු යාබද මේසයක් අසල පුටුවක වාඩි වී සිටි මෙම පුද්ගලයාට වෙඩි තබා මාර්ගයේ නවතා තිබූ ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පලා ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් සවස 7.50 පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් තුවාලකරුගේ උදරයට පපුවට හා හිසට වෙඩි වැදී තිබේ.

පසුව තුවාලකරු කඩිනමින් කළුබෝවිල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ