IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග

(රෝෂන් තුෂාර)

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින්  අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය  තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද (19) නියෝග කළේය.

පසුගිය දොළොස්වෙනි දින ධීවරින් දස දෙනෙකු සමග  අත් අඩංගුවට ගත් කිලෝ ග්‍රෑම් 263 ක මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

දෙවුන්දර ධීවරයින් 10 දෙනෙකු ගමන් ගත් බහුදින ධීවර යාත්‍රාවක තිබියදී අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 179.906ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 83.582ක් මත්ද්‍රව්‍ය කාර්යාංශය පොලිපැක් උර පහළොවක බහා අධිකරණයට ඉදිරිපත් කළ අතර මහේත්‍රාත්වරයාගේ නියෝගයෙන් අනතුරුව  අධිකරණ රෙජිස්ඨාර් වරයාගේ නිරීක්ෂණය යටතේ ලාකඩ මුද්‍රා තබා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරිණි.

දෙවුන්දර විරලයේ සිට කිලෝමීටර් 246 ක්  ඈත මුහුදේදී නාවික හමුදාව විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබිණි .

මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමට එරෙහිව ධීවරයින්ට පනවා ඇති නඩුව ලබන විසි දෙක දින අධිකරණයේ කැඳවීමට නියමිතය. 



අදහස් (0)

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික්හින්න රෝහලේ ගැටුමට ඩොක්ටර්ට ඇප
2024 මැයි මස 02 66 0

පසුගිය ඉරිදා (28) සවස මැණික්හින්න රෝහලට හදීසි රෝග තත්ත්වකයට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගියෙකු සහ ඔහු සමග පැමිණි පාර්ශවයේ පිරිසකට පහරදීමේ සිද්ධිය ස


නීතිවේදීහු පහකට ජනාධිපති බහුමාන
2024 මැයි මස 02 244 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනකු සඳහා “ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ” බහුමානය ප්‍රදානය කර තිබේ .


විධායක නිලධාරීන්ට සාකච්ඡාවක්
2024 මැයි මස 02 361 0

රජයේ විධායක නිලධාරීන් මුහුණ දී සිටින වැටුප් සහ දීමනා ගැටලුවට විසඳුම් ඉල්ලා ක්‍රියාත්මක කරන දෙදින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ විරෝධය හේතුවෙන් රජයේ විධාය


සීදූව හිටපු නාගරික මන්ත්‍රී කුඩු සමග මාට්ටු
2024 මැයි මස 02 66 0

අයිස් පානය කිරීමට ඇබ්බැහි ව සිටින බව කියන කටුනායක සිදුව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු රුපියල් ලක්ෂ හතරකට වඩා වටිනා හෙරොයින් ග්‍රෑම් 16 මිලිග්‍ර


‘‘දූෂණ හෙළි කරනවාට බයේ මට වස දුන්නා‘‘
2024 මැයි මස 02 895 0

මීට මාස එතහමාරකට පමණ පෙර විදේශ ගතවන අවස්ථාවේ තමා ඝාතනය කිරීමට පිරිසක් උත්සාහ කළ බවට සැකයක් ඇතැයි, හිටපු වාරිමාර්ග හා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා අ


යාපනයේ රෝහලක් අසලින් මිනිස් ඇටකටු හමුවේ
2024 මැයි මස 02 364 0

යාපනය පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 446 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1862 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1665 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site