(ගයාන් සූරියආරච්චි)
සංවිධානාත්මක හා අපරාධ කල්ලි සාමාජිකයකු වන දෙමටගොඩ රුවන් නැමැත්තාට අයත් රුපියල් කෝටි 10 කට ආසන්න වටිනාකමකින් යුත් පස් මහල් ගොඩනැගිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගනු ලැබීය.
එම ගොඩනැගිල්ල දෙමටගොඩ රුවන් නැමැත්තා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් ලබාගත් ගොඩනැගිල්ලක් බවට අනාවරණයවීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ භාරයට ගත්තේය.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මීට පෙර දෙමටගොඩ රුවන්, ඔහුගේ බිරිය, ඔහුගේ සහෝදරියට සහ පුත්‍රයාට එරෙහිව නීති විරෝධීව උපයාගත් දේපොළ සම්බන්ධයෙන් නඩු පවරා තිබුණි.
මත්ද්‍රව්‍ය හා පාතාල සාමාජිකයන් විසින් නීති විරෝධීව උපයාගත් බව කියන දේපොළ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කරනු ලබන විමර්ශනවලට මෙම ගොඩනැගිල්ල ක්‍රියා විරහිත තත්ත්වයට පත්කළ බව උසස් නිලධාරියෙක් පැවැසීය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
දෙමටගොඩ රුවන්ගේ කෝටි 10ක දේපොළ සී.අයි.ඩීයට