(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

‘දිට්වා”   සුළි කුනාටුවට මුහුණදීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් කර වාර්තා කිරීමටත් ඒ සඳහා සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන විශේෂ කාරක සභාව පත්කිරීමේ යෝජනා සම්මතය ලබන  21 වැනිදා පාර්ලිමේන්තුවට අනුමැතිය සඳහා  ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

ඉන් පසුව “දිට්වා”  සුළි කුණාටුවෙන් පසු රටේ පවතින තත්වය පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බව  පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.

විපක්ෂය එම යෝජනාව ඉදිරිපක් කරයි . පාර්ලිමේන්තුව ලබන 20  වැනිදා සිට 23 වැනිදා දක්වා රැස්වන බවද ඔහු ප්‍රකාශ කළේය සුභ සාධක ප්‍රතිලාභ පනත යටතේ  අස්වැසුම සුභසාධක  ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ලබන  20 වැනිදා විවාදයට ගැනීමට නියමිතය.

ලබන  22 වැනිදා ආණ්ඩු පක්ෂය ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වේ. 23 වැනිදා පැවැත්වෙන්නේ විශ්වවිද්‍යාල සංශෝධන  පනත් කෙටුම්පත විවාදයයි.