ශ්රී ලංකාවේ අනන්‍යතාවන් යටතේ පවත්වාගෙන යන ජාත්‍යන්තර විදුහලක් දෝහා කටාර් රාජ්‍යයේ ‘ශ්‍රී ලංකා ස්ටැෆර්ඩ්‘ නාමයෙන් පවත්වාගෙන යයි.
මෙම විදුහලේ සිංහල, දෙමළ, අරාබි යන භාෂා තුනෙන්ම උගැන්වෙයි.
සිසුන් 400ක් පමණ සිටිති. ගුරු මණ්ඩලය 44කි. ආචාර්ය විල්ප්‍රඩ් පෙරේරා හා අයේෂා රහුමාන් විදුහල්පතිවරුය.
කුමුදු ෆොන්සේකා මහතාගේ අදහසක් අනුව විදුහල පිහිටැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමුදු ෆොන්සේකා මහත්මයාට අපගේ ප්‍රණාමය පුද කරන්නෙමු (නි)
චමින්දට ප්‍රවෘත්ති වාර්ථාකරුවෙන් වෙන්න තිබුනා.(නදී)
නන්දන, ඔය ලියපු දේ දැක්කම , මට කියන්න තියෙන්නේ අනේ මෙහෙම මිනිස්සුත් අපි අතර ඉන්නවා නේද කියලා. ඔය ලිඳේ ඉන්න ගෙම්බෙකුට වඩා වැඩි දෙයක් නොදන්නා බවනම් පැහැදිලිව පේනවා. ඔලුව අතගාල බලන්න ඔයාට අං එහෙම තියෙනවද කියලා. (නි)
කුමුදු ෆොන්සේකා කියන පුද්ගලයා ලෝකය පුර සිටින ශ්‍රී ලාංකිකයන් හැමට ආදර්ශයක්. මම1996 දෝහා කටාර් යනවිටත් ඔහු එහි සොෆිටෙල් හෝටලයේ මුල්‍ය පාලක ලෙස රැකියාවේ නියුතු වෙන ගමන් සමාජ සේවයක් ලෙස ලංකා ලයන්ස් සංගමය පිහිටුවා විශාල සේවයක් කරන ගමන් තානාපති නිලධාරියකු එවකට එරටෙහි නොසිටි නිසා තම මුදල් සහ කාලය කැපකරමින් ලාංකිකයන්ගේ සියල්ල සොයා බැලූ පුද්ගලයා විය. ඉහල රැකියාවක් තිබුනද කිසි දිනක පොඩි රැකියාවල් කරන ඉංග්‍රීසි කතා නොකරන අය සමගද සිංහලෙන් කතා කරමින් ලොකු පොඩි බේද නොසලකා කරන සේවයත්, මෙතරම් කලක් පිට රට ජීවත් වුවද ලංකාව කෙරෙහි ඇති ආදරයත් ගැන පුදුම සහගතය.ඔබ සැබෑ ලංකා පුත්‍රයෙකි. (මම මොහුගේ කිසිවකු නොව දෝහා කටාර් හි මාස 10 රැකියාව කල කාලය තුල ලැබූ අත්දැකීම් මත මෙය ලියුවෙමි.) (නදී)
මම මෙම උත්සවයට සහභාගිවුනා , ජාති භේද නැතිව කුඩා දරුදැරියන් සාමුහිකව ක්‍රියාකරන ආකාරය දැක්කම ගොඩක් සතුටු හිතුනා. ලංකාවේ විවිධ සංස්කෘතින් විදහා පාන නර්ථනයට භාතිය සංතුෂ්ගේ ශ්‍රීලංකා මාතා සින්දුව එක් කොට තිබුණා. කුඩා ළමුන්ගේ එම ඉදිරිපත් කිරීම දැක්කම මට සතුටු කඳුළු අවා, සත්තයි. ජාති භේද නොදන්නා කුඩා දරුවන්ව ජාති භේදය කරා යොමු කරන්නේ අපිම නොවේද? මේ සඳහා සියළු වැඩිහිටියන් වග කිවයුතුයි.(නදී)
මේක අද ඊයේ පටන් ගතට එකක් නෙමෙයි. සැමිගේ සාමාන්‍ය දැනුම ගොඩක් දුර්වලයි. මුස්ලිම් කියන්නේ ආගමක් ඒ ආගම අදහන්නේ අරාබි භාෂාවෙන්. බුද්ධාගමේ ගාථා තියෙන්නේ පාලි භාෂාවෙන්. මමත් අවුරුදු 8ක් දෝහා වල හිටිය හැබැයි මම මේක කියන්නේ බොහොම වගකීමෙන් ඔතන ලොකු පුටුවල ඉන්න අය ලංකාවට නිවාඩු එනකොට එයාලගේ නෑදෑයන්ට දෙන්න තෑගි ගන්නේ පාසලේ මොනවහරි උත්සවයක් ගැන කියල ඒකට තෑගි දෙන්න කියල පුද්ගලික ආයතනවලින් තෑගි ගන්නවා. ඉතින් ඔය ආයතන තෑගි දෙන්නේ පාසලේ ළමයින්ට දෙන්න. ඒවා අරන් ලංකාවට ඇවිත් එයාලගේ නෑදෑයන්ට දෙනවා ලංකාදීප පත්තරේට තව විස්තර ඕනනම් 0714880275ත ගන්න.(නදී)
කොට්ටෝරුව කෙහෙල් ගහට කොටපු කතාව නන්දන අහල තියෙනවා නේද ? මෙයට අං විතරක් නෙමේ වලිගයකුත් තියෙනවද දන්නේ නැහැ .(නදී)
සිසිර මමත් ඉන්නේ කටාර්වල. මගේත් දරුවෝ දෙන්නෙක් මේ පාසලට යනවා. මම කැමතියි ඔයා කියපු දේ මොන පදනමක සිට කියනවාද කියලා දැනගන්න. පදනම් විරහිත චෝදනා වලින් විශාල හානියක් අපේ පාසලට සහ රටට සිදුවෙනවා. ඔයා ප්‍රතිචාර දක්වයි කියලා මම හිතනවා (නි)
රොෂාන් වැඩි විස්තර දැනගන්න ඔයාගේ නම්බර් එකට ගත්තා. ඒත් කතාකරන්නේ නැහැනේ. (නි)
මමත් ඉන්නේ දෝහා වල. මේකේ සැබෑ මුහුණුවර දන්නේ අපි. මේක හොර ගුහාවක්. අසරණ දෙමව්පියන්ගේ දරුවන් පව්.(නදී)
කුමුදු පොන්සේකා මහතා ගැන පුලස්ති රාජපක්ෂ ලියාතිබුනේ සහතික ඇත්ත. ඔය වර්ෂයේ ලේ දන්දීමක් සොපිටෙල් හෝටලයේ පැවැත්වුවාත මමත් සහභාගී වුනා.(නදී)
පාසැල පටන් ගත්ත බව ඇත්ත. නමුත් අද පාසැල පිරිහිලා. එකම ගුරුවරයෙක් අවුරුදු තුනක් ඉඳලා නැහැ. අධ්‍යාපනය කඩා වැටිලා. අපිත් දරුවන් ලංකාවට ගෙනාවා. (නි)
සෑම්, මුස්ලිම් අයට ලෝකයේ තියන හැම භාෂාවක්ම පොදුය. මොකද මුස්ලිම් ජාතිකයන් නොමැති රටක් ලෝකයේම නොමැත. කිසාම දෙයක් දිහා වපර ඇහෙන් බලන්න එපා. සුබවාදීව සිතන්න. මෙම කුඩා දරුවන් හරි අනාගතේදී ජාතිවාදයෙන් තොරව අපේ රටට දායාද කරමු. ඔබ සැමට සුබ දවසක්. (නි)
මේ කර ඇති කාර්යය අනගිභවණීයයි (නි)
සුදත් , මමත් ඉන්නේ දෝහා තමා. කුමුදු ෆොන්සේකා නම් හොඳ කෙනෙක් බව ඇත්ත. නමුත් ඔය පාසලේ නම් ඔය කියන විදියට සිංහලකමට නම් මොනවත් වෙන්නේ නැහැ. සේරම වෙන්නේ "ඉංගිරිස්" වලින් (නි)
පාසලක් කියන්නේ ලොකු ක්‍රියාවලියක්. වැරදි වෙන්න පුළුවන්. හැබැයි අඩුපාඩු තමයි වැඩි. මොනවා වුනත් මේක අපේ පාසැල. අපේ ළමයි මෙයින් දැනුම ලබනවා. එය ගොඩක් වටිනවා. ගොඩක් පවුල් දැන් දෝහා පදිංචි වෙලා. එයට මේ පාසලත් එක හේතුවක්. වැරදි අඩුපාඩු කෙලින්ම කතා කලොත් විසදගන්න බැරි නැහැ. පුලස්ති විස්තර නිවැරදියි, සිසිර ඔබ දන්නා දේ විස්තර කළා නම් අසරණ දෙමව්පියන්ට සරණක් වේවි. පාසැල පවත්වා ගෙනයන අය මෙන්ම අපෙත් නිවැරදි දැක්ම එහි දියුණුවට ඉවහල් වේ යයි සිතමි. (නි)
දෝහා ජීවත් වෙන ජනතාවට ශ්‍රී ලංකා පාසැල මහත් සහනයක්. කුමුදු ෆොන්සේකා මහතා සහ අනෙකුත් සාමාජීකයන් කරන සේවය අති මහත්. අගය කළ යුතු දේ අගය නොකරමින් ධනාත්මකව නොසිතමින් එක තැන සිටින ජාතියක් අපි. (නි)
බොහොම කණගාටුයි මේකේ තියෙන සමහර ප්‍රතිචාර දැක්කම. සිසිර වගේ පුද්ගලයන් නිසා හොඳට පවතවාගෙන යන ආයතන විනාශ වෙනවා.මේ සිසිර කියන පුද්ගලයා මේ පාසල ගැන මොනවා දැනගෙන මෙහෙම දොඩවනවද මන්දා. මේකට සත පහකින් හරි ආධාරයක් කරලා තියෙනවා නම් ප්‍රතිචාර දක්වන්න. මෙහි අදහස් පල කරන්නෝ දැනුවත්ව අදහස් පල කරත්වා. මෙය ලාභ ලබා ගැනීම සදහා පටන්ගත් ආයතනයක් නොවේ. (නි)
අනේ හොදයි
නන්දන කියලා පෙනී ඉන්න කෙනා වෙනත් ජාතියක බව හොදින් තේරුම් ගන්න පුලුවන්. (නි)
ඔය මුස්ලිම් කියන්නේ මොන භාෂාවද හැබෑටම? (නි)
මුස්ලිම් භාෂාවක් නෙමේ ජාතියක්. අරාබි භාෂාව වෙන්න ඇති උගන්නනේ. (ස)
සේනාව මේවා දකිද්දී කටේ පිට්ටු හිරවෙනවා වගේ දැනෙනවද....(ස)
මම නම් ශ්‍රී ලංකා පාසල ගැන දන්නේ නැහැ. නමුත් කුමුදු පොන්සේකා මහතා කියන්නේ කටාර් සම්පතක්. අවංකවම අසරණ වුණ අයට සැහෙන්න උදවූ කර තියෙනවා. පුලස්ති රාජපක්ෂ මහතා ලියා තිබුනේ සහතික ඇත්ත. (නි)
මේ පාසැල කුමුදු ෆොන්සේකා මහතාගේ එක සේවාවක් පමණි. ඔහු විසින් වසර ගණනාවක් පුරාවට දෝහා වල අසරණ වූ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් කළ නිහඬ සේවාව සැබවින්ම අගය කළ යුතුය.ඔහු විසින් දියත් කළ සමහරක් සමාජසේවා කාර්යන් සඳහා මටද දායක වන්නට අවස්ථාව ලැබීම භාග්‍යක් සේ සලකමි. ඔහු සැබවින්ම ගෞරවයට පාත්‍ර විය යුතු මහත්මයෙකි. (නි)
මගේ දරුවෝ කුවේට් වල හින්දි පාසලට ගියා, දැන් ලංකාවේ ඉන්ටනැෂනල් යනවා. වාරිකයට පුතාලා දෙන්නට එක්ලක්ෂ හතලිස්දාහක් ගෙවනවා. අද මම ලෝක අමාරුවකට වැටිලා ඉන්නේ. කුවේට් වල ලංකාවේ පාසලක් ඇයි ඇරියේ නැත්තේ? (නි)
දෝහා ස්ටැෆොර්ඩ්හි උගන්නනේ ඉංග්‍රීසි භාෂාවෙන්. විෂයක් විදිහට සිංගල,දෙමල, අරාබි සහ ආගමක් හැටියට බුද්ධාගම, ඉස්ලාම්, ක්‍රිස්තියානි උගන්වනවා. සිසුන් 700 පමණ ඉන්නවා. (නි)
පුලස්ති රාජපක්ෂ සහ මොහමඩ්ලාගේ කතාව හරි. රොෂාන් හා සිසිරලාගේ කතාවද හරි. අපිට හිතාගන්න අමාරුයි කොයි පැත්තද හරි කියා. මේ ගැන හරියටම දන්න කෙනෙක් ඇත්ත තත්වය පැහැදිලි කරන්න. (නි)
ජයවේවා