
(යොහාන් භාසුර, ලක්නව් නුවර සිට)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලක්නව්දී අනිද්දා (16) පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානකට අහිමි වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරියෙක් පැවසුවේ දසුන් ශානක පාදයක මස් ඉරීමේ ආබාධයකට ලක්ව ඇති බවත් ඔහුගේ තත්ත්වය පිළිබඳ මේ දක්වා නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි බවත්ය.
කෙසේ වෙතත් නිශ්චිත වශයෙන්ම ඔහුට ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගයට සහභාගි විය නොහැකි බව කී එම නිලධාරියා ඇතැම් විට ඔහුට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි සියලුම තරඟ ද අහිමි වීමේ අවදානමක්ද ඇතැයි සඳහන් කළේය.
ලක්නව්හි එක්නා ක්‍රීඩාංගණයේදී අද (14) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසියට ද දසුන් ශානක සහභාගී නොවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Travelling reserve විදිහට තියාගෙන ඉන්න චාමික කරුණාරත්නව team එකට අරගෙන, කුසල් මෙන්ඩිස්ව කැප්ටන් කරා නම් ලංකාවට හොඳ ගේමක් දෙන්න පුළුවන් ඉදිරි තරඟවල..
පිරිමි ළමයි ගස්ගල් වගේ ඉන්න ඕනේ. නමුත් හදන්නේ මල් වගේ... පොඩ්ඩ ඇත්නම් තුවාල වෙනවා.