ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා සිය දියණියන් දෙදෙනා වන මලියා (14) සහ සාසා (11) ට අවවාදයක් දුන්නේය.
මේ දින වල විලාසිතා රැල්ලක් මෙන් තරුණ පෙළ අතර හමා යන ‘‘පච්චා කොටා‘‘ගැනීමේ කලාව ගැනයි.
දියණියන් දෙදෙනා කිසියම් දිනක ඔවුන්ගේ පච්චා කොටාගත හොත් තමා තම බිරිද වන මිචෙල් සමඟ එම ස්ථානයටම ගොස් දියණියන් එම පච්චා කොටා ගත් ස්ථානයේම එම පච්චයම කොටා ගන්නා බව පවසා තිබේ.
එතැනින්ද නොනැවතී ඔබාමා අතුළු පවුලේ හතර දෙනාම යු ටියුබ් වීඩීයෝවට පැමිණ එසේ කොටා ගත් පච්චය පවුලේ පච්චයක් ලෙස ලොවට පෙන්වන බවත් සිනාසෙමින් තම දියණියන්ට කී බව ජනාධිපති ඔබාමා ඇමෙරිකා රූපවාහිනියට කීය.
දියණියන් දෙදෙනාගේ මානසික සමබරතාවය රැක ගැනීම තම බිරිද මිචෙල් හොදින් ඉටු කරනා බවත් ජනාධිපති ඔබාමා එහිදී පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තනෙන්නම් දුලා කරපුදේ කරපු තවත් ඇමරිකා ජනාදිපති කෙනෙක් හිටියා. දුව පෙම්වතෙක් හොයාගත්තම තාත්ත පෙම්වතියයක් හොයාගත්තේ පෙම්වතිය (මොනිකා) තාත්ත කවුද දන්නවනේ ?(නදී)
මම පච්චයෙක් නම් ඔබාමාගේ පපුවේ කොටන්නේ " ලෝකයේ සම්පත් සූරා කමින් මින්ස් ඝාතන කරන ඔබාමා " යනුවෙන්.(නදී)
මගේ මහත්තයත් අපි යාළුවෙලා ඉන්න කාලේ පච්චයක් කොටාගන්න හරියට දැඟලුවා. මම කිව්වා ඔයා කෙටුවොත් මමත් එකක් කොටාගන්නවයි කියලා. ඒක ටිකෙන් ටික මග ඇරිලා ගියා. පහසුවෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නත් තියෙනවා. (නදී)
දරුවන් බලන්නේ අම්මගේ අම්ම. අම්මත් දරුවන් ගේ වගකීම දරනවා. තාත්තාත් වගකීම දරනවා නම් දරුවෝ නොමග යන්නේ නෑ.(නදී)
ඒක ඒගොල්ලන්ගේ දෙයක්නේ. ඒ ඇමෙරිකාවේ සංස්කෘතියනේ. එයාලට හොඳ නම් අපිට මොකද.... (නි)
දරුවන් මෙලොවට බිහිකලා සේම යහපත් ලෙස සමාජයට දායාද කිරීම දෙමවුපියන්ගේ විසාල වගකීමක්,ලොකු පින්කමක්. 95% කට වඩා දරුවන් නොමග යන්නේ දෙමවුපියන්ගේ වරදින්. ඔවුන් ආදර්ශවත් ලෙස ජීවත් වනවානම් දරුවන් දෙමවුපියන් අනුගමනය කරන බැවින් ගුණ ගරුක අයලෙස සමාජයට එක්වේවි. අනවශ්‍ය දේ කිරීමෙන් දරුවන් පීඩාවට පත්කලයුතු නෑ. (නදී)
අන්න නියම 'ආඩම්බර තාත්තා' කෙනෙක්. (නි)
අපේ දෙමවුපියෝ මෙහෙම කියල යාප්පුවෙන් නවතයිද? අපේ අම්මි නම් තෝ මරනවා ගෙදර ආවොත් කියයි. සංස්කෘතීන් දෙකක වෙනස හරි අපුරුයි. (නි)
අපේ තාත්තත් ඔහොම කිවුවා මට මතකයි.... හැබැයි මම රට ආවට පස්සේ පච්චයක් ගහ ගත්තා. ඒක කාලෙකට එන උණක්.දැන් නම් උන බැහැලා ගිහිල්ලා.මනෝ විද්‍යාවේ නම් කියන්නේ මේ විලාසිතා කරන්නේ කැපී පෙනෙන්න කියලා. (නි)
අපේ රටේ නම් දරුවෝ බලන්නේ සුදු ඇදලා පිරිත් නුල් අගලක් විතර ගනකමට බැදලා ඊලග ඡන්දෙට ලෑස්ති වෙන්නනේ... (නි)
ලංකාවෙත් දැන් පච්ච විලාසිතාව හරි ජනප්‍රියයි. මම දැක්කා මත්තලෙත් විදි දිගේ තියනවා මේවා කරන තැන්.ප්‍රමිතිය එහෙම කොහොමද දන්නේ නැහැ.හැමෝම කාලය යොදවන්නේ බනින්න.අන්තිමට මේවා කොහොම හරි බෝ වෙලා.ප්‍රමිතිය අමතක වෙලා. (නි)
පච්ච කලාව අපට හුරු නැති වුණාට එය අප්‍රිකාවේ,නවසිලන්තේ,ෆිජි, සැමෝව සහ ආදී ඇමරිකානු වැසියන්ගේ නිල තල,ගෝත්‍රය,ප්‍රදේශය පෙන්වන සංස්කෘතික අංගයක්.අද විලාසිතාවක්. (නි)
හැමෝම බනිනවා බටහිර සංස්කෘතියට.නමුත් බටහිර සංස්කෘතියත් මේවා කොහෙන් හෝ ගත්තු දේවල්.අප්‍රිකාවෙන්,පැසිෆික් රටවලින්. ජනප්‍රිය වෙන්න දෙයක් නැති නිසා අපෙන් මොනවත් අරන් නැද්ද කොහෙද. (නි)
අපේ දෙමවුපියෝ නම් කියයි උඹ ගෙදර එන්න නෙමෙයි ඕක ගහගෙන කියලා.මේ මිනිස්සු ඒකම වෙනත් විදියකින් කියනවා (නි)
"ටීනේජ්" කියන වයසේදී "අයිඩෙන්ටිටි ක්‍රයිසිස්" කියලා මානසික තත්වයක් හට ගන්නවා.මේක ලෙඩක් නෙමෙයි.අවුරුදු 13 සිට 19 දක්වා තරුණ අය පෙලබෙනවා තමන්ට අවේනික හැදින්වීමක් සමාජෙට දෙන්න.විලාසිතාවට වැඩි තැනක් දෙන්නේ මේ වයසේදී. (නි)
බටහිර දෙමවුපියෝ දරුවෝ හදන්නේ මනෝ විද්‍යාවට අනුව. ඒකයි මෙහෙම ප්‍රකාශයක් කරලා තියෙන්නේ. (නි)
අම්මා හා තාත්තා තදින් නොසිටියහොත් දරුවන් හරි මග යවන්නට බැහැ.ඒක මොන රටේ වුණත් ,තාරාතිරමක් නොමැතිව කාටත් පොදු සනාතන ධර්මයක්.නොමේරූ කුඩා දරුවන්ට තේරෙන්න කියලා දෙන්න ඕනෑ.උගත් මවක් හා පියෙකු හැටියට ජනපති ඔබමා හා මිචෙල් ඔබාමා බටහිර ජීවත් වුණත් හොඳ නරක තම දරුවන්ට කියාදී ඇති හැටි නම් හරිම අගෙයි.පිටරටක වෙසෙන අපට අපේ සමහර තරුන දු පුතුන් කොටා ඇති පච්ච දකිනකොට ඇතිවන්නෙ ශෝචනීය හැගීමක්. (නි)
අපේ රටේ නම් තියෙන්නෙ කැසිනෝ සැල් (නි)
ලංකාවේ පැරණි ප්‍රසිද්ධ පච්චා තමා රතු ඉන්දියන් මුහුණ,කිරිච්චියේ ඇමුණුනු නයා. (නි)
පච්ච කියනකොට මට මතකෙට ආවේ, අපේ පච්ච සිරා අයියවයි කොච්චි අයියවයි. (නි)
ඔබ තුමා දියණියන්ට පච්ච කොටන්න එපා කීවට මුලු ලෝකෙටම පච්ච කොටන්නනේ අර අදින්නේ.(නදී)