
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති නියමු ව්‍යාපෘතිය සාර්ථක බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී අද පැවැසුවාය.
ඇය මෙසේ පැවැසුවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීවාය.
"වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීම සඳහා ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කිරීම, දරුවන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් Brain Health යන සංකල්පය පදනම් කරගනිමින් ජාතික මට්ටමේ දැනුවත් කිරීමේ කතිකාවතක් ආරම්භ කර ඇත.
ඒ අනුව දැනට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් පවුල් සවිබල ගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා නියමු වැඩසටහනක් ආරම්භ කර ඇත.
එමඟින් අවුරුදු 18ට අඩු දරුවන් සිටින පවුල්වල ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන් ඉන් මුදවා ගැනීමට ක්‍රමවේද හඳුන්වා දී ක්‍රියාත්මක කරයි.
නියමු ව්‍යාපෘතිවල සාර්ථක ප්‍රතිඑල ලැබී ඇති බව වාර්තා වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd