අම්පාරේ පැවති දැයට කිරුළේදී රුපියල් ලක්ෂ 390ක් වංචා කළැයි කියන ප්‍රධාන විධායක නිලධාරිනියට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේ රහස් පොලීසියට ප්‍රකාශයක් කරන ලෙසයි.
තමන් අත්අඩංගුවට ගැනීමට යතියි කාන්ති ගුණවර්ධන නම් එම ප්‍රධාන විධායක නිලධාරිනිය විසින් ඉදිරිපත් කැරුණු අපේක්ෂිත ඇප අයදුම්පතක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව යමින් මෙම මුදල් වංචා කර ඇතැයි රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දැයට කිරුළ ලොක්කී රහස් පොලීසියට යවයි
ද සිල්වා බෙර්ලින් Tuesday, 23 April 2013 12:06 PM
දැයට කිරුල දැන් ජනතාවට කටු ඔටුන්නක් වෙලා. (නි)
සිල්වා Tuesday, 23 April 2013 12:51 AM
මුල ඉදලාම ජනතා මුදල් වංචා කරලා ස්විස් බැංකුවල තැන්පත් කරපු අය ගැනත් හොයා බලා රටේ ජනතාවට දැන ගන්න සැලැස්සුවා නම් තමයි නේද දැයට කිරුලෙ වටිනාකම තව වැඩි වෙන්නෙ? (නි)
මහී Tuesday, 23 April 2013 12:57 PM
මේවට නීතිය තදින්ම ක්‍රියාත්මක කරලා මහජනයාට සිදුවුන අසාධරනකම්වලට උපරිම දඩුවම් ලබා දිය යුතුයි.(ස)
දාස Tuesday, 23 April 2013 06:39 AM
ඔය තරම් උදහසට පත්වෙන්න මොකක්ද මෙතුමිය කරලා තියෙන වැරැද්ද ?(නදී)
වරුණ Tuesday, 23 April 2013 07:45 AM
ඔය කිරුලවල්, නැගුමවල් ගේන්නේ අපට් ආදරේටද? තම තමන්ට කිරුළු පැලද ගන්න මිසක් ලොක්කි ගහපු වගේ කොටස් සමසේ බෙදිලයැ. කට්ටියටම හෙට අනිද්දා වෙනකොට නඩුව කොහේ යාවිද දන්නේ නේ අන්තිමට ලොක්කි නිදහස්.(නදී)
ඉෂාර Tuesday, 23 April 2013 08:11 AM
මට මතක නැහැ කියලා කිව්වා නම් හරිනේ නෝනේ. (නි)
දිලීප Tuesday, 23 April 2013 08:19 AM
රහස් පොලිසියට යවලත් මදි (දී)
රත්න Monday, 22 April 2013 07:22 PM
අද කාලේ වෙන වැඩවල හැටියට මේක මීටර් 390ක මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වාගෙ කියලා එයාට හිතෙන්න ඇති! (නි)
දයා Tuesday, 23 April 2013 08:29 AM
මෙතරම් මුදලක් තනියම් යටි මඩි ගහන්න පුලුවන්ද? මේ මුදල නාස්තියට අමතරව සිදු වූවකි (නි)
සාලිය Monday, 22 April 2013 08:10 PM
මේ වැරැද්දට එයා වගේම එයා සමග වැඩ කළ බොහෝ දෙනේක සම්බන්ධ ඇති. (නි)
රකිත් Tuesday, 23 April 2013 09:05 AM
"තමන් අත් අඩංගුවට ගනීවි යැයි සැකයෙන් අපේක්ෂිත ඇප ඉල්ලීම" මා නම් මෙය දකින්නේ හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන වැට පැන්නා වගේ කියායි. (නි)
උපුල් Monday, 22 April 2013 08:24 PM
මේ ලක්ෂ 390 කාට කාට බෙදුනද දන්නෙ නැහැ. (නි)
චන්ද්‍ර Tuesday, 23 April 2013 09:27 AM
කලබල වෙන්න එපා. එයාලා ඒක බලාගනීවි. (නි)
සරත් Monday, 22 April 2013 08:37 PM
ඕක ඉතින් ආය අහන්න හම්බ වෙන් නැහැ. ඔකොම එකතුවෙලා ජනතාව බබාලා කරලා ඉවරයි.(නදී)
ගජබා Wednesday, 24 April 2013 12:51 PM
මෙයා මම දන්නා හැටියට බොහෝම පුංචි තැනක ඉඳල ආපු කෙනෙක්. හැබැයි දැන් හැසිරෙන්නේ බොහොම ලොකුවට හිතලා.(නදී)
මදූ Monday, 22 April 2013 08:52 PM
දැයට කිරුල ලොක්කා කවද්ද රහස් පොලිසි ගෙන්නේ ?(නදී)
ද සිල්වා බෙර්ලින Monday, 22 April 2013 08:56 PM
රාජපාක්ෂිකව ඉන්නවා නම් මිනියක් මැරුවත් තනතුරේ ඉන්න පුළුවන්. එහෙම නැති උනොත් මෙහෙම වෙනවා. ලොක්කට කියල බලන්න.(නදී)
ලලිත් Monday, 22 April 2013 09:03 PM
වෙලාවට වැඩ ඉවරකරලා විවෘත කරන්න නොලැපුනානම් කියයි ඇයි ටෙන්ඩර් පටිපාටිය පැත්තකට දාලා ඉක්මනට යැඩ ඉවර කළේ නැත්තේ කියලා. තැලෙන යකඩෙ හැමදාම තැලෙනවා.(නදී)
ද සිල්වා බෙර්ලින් Monday, 22 April 2013 09:37 PM
සෞදියේ 200 අනාත වෙලා ඉන්නවා, ගුවන් ටිකට් ගන්න සල්ලි නැතුව. මෙහෙ 39000000 යටිමඩි ගහගෙන. මේ වගේ අයට අරාබියේ නීති මගින් දඩුවම් කරන්න ඕනැ. ප්‍රදර්ශනයෙන් මෙයා විතරක් මෙච්චර මුදලක් ගසා කනවා නම් අනිත් අය ගසාකාපු මුදල් කොපමණ ඇද්ද? ප්‍රදර්ශනය නිසා කොපමණ මුදලක් නාස්ති වෙන්න ඇද්ද? (නි)
දේවි Tuesday, 23 April 2013 11:03 AM
අනිත් අයට හොඳනම් මට මොකද කියල හිතන්න ඇති. (ස)
වීරසේකරගේ Monday, 22 April 2013 11:42 PM
මහජනතාවට සුබ අනාගතයක්...?? (නි)