IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


දඹුල්ලේ සජබ හයකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

(නිමල කොඩිතුවක්කු)

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගයේ සභිකයින් හය දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අද (16) සිට අත්හිටුවා තිබේ.

පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති හා උපසභාපති පත්කිරීමේදී පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි එහි සඳහන් වේ.

ඒ අනුව දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයන් වන සුසිල් හේරත්, අනිල් ඉන්ද්‍රජිත් දසනායක, ධනංජය සම්පත් කරද්දගොල්ල, ප්‍රියංජන කුමාර රත්නායක, කුසුමා කුමාරි, දිල්රුක්ෂි ප්‍රේමරත්න යන මහත්ම මහත්මීන්ගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා තිබේ.



අදහස් (3)

දඹුල්ලේ සජබ හයකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

සෑම් Monday, 16 June 2025 04:22 PM

සදා පරදින පක්ෂයක සාමාජිකත්වය තිබුණා කියලා මොනවා කරන්නද? එම 6 දෙනාට නම්බුවක් ඔතැනින් යන එක...

:       1       34

ජිල්බු Monday, 16 June 2025 04:27 PM

මගේ ජීවිතයේ එකම බලාපොරොත්තුව සමගි ජන බලවේගයේ සමගිය කවදාක හෝ ඇතිවේවා යන්නයි...

:       7       20

idr tharanga Monday, 16 June 2025 04:35 PM

ඊට කලින් තමුන්ගේ නායකයාගේ තහනම් කරන්න ඕනෑ. වේදිකාවල කිව්වේ කොහොමද? මැරුණත් හොරු එක්ක මේ සජිත් එකතු වෙන්නේ නෑ කියලා...!

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1562 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site