(කාංචන කුමාර ආරියදාස)
ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද(29 ) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග මිල පහත වැටි තිබේ .
ඇතැම් එළවලු වර්ග කිහිපයක් පමණක් ඉහළ යමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ නියෝජිතයෝ පවසති. ඒ අනුව දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය තුළ අද උදෑසන බෝංචි කිලෝවක තොග මිල රුපියල් 800 ත් 850 ත් අතර අගයකට අලෙවි වූ බව වෙළෙන්දෝ කියති.
පසුගිය වසරේ ද අදවන් දිනක පැවති එළවලු මිල හා සැසදීමේදී එළවලු වර්ග බොහොමයක මිල සියයට සියයක් මිල ඉහලව පවතින අතර ඇතැම් එළවලු සම මිල මට්ටමක් පවතීම හා මිල අඩුවී ඇති බව පෙනීයයි.
අමුමිරිස් කිලෝව රුපියල් 800 ක් 900 ත් අතර පැවතිණී . එම මිල පසුගිය වසරේද පැවති මිල ගණන් වෙයි .වට්ටක්කා කිලෝව වසර දෙකම සැසදීමේදී ලොකු වෙනසක් නොමැත.
විශේෂයෙන් කන්ද උඩරටින් ලැබෙන කැරට් කිලෝවක් 230ත් 270 වූ මිල ගණන් යටතේ අලෙවි වීම විශේෂත්වයකි. ඒ අනුව පසුගිය දා ලීක්ස් කිලෝවක් රුපියල් සියයත් එකසිය විස්සත් අතර මිලකට අලෙවි විය.
මේ වනවිට ලීක්ස් කිලෝවද 280 දක්වා කන්ද උඩරට මෙන්ම පහත රට ප්‍රදේශවලින් වලින් ලැබෙන එළවළු තොග මිලද පහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ කියති.
දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ 2025. 12 .29 දින එළවළු කිලෝවක පැවති තොග මිල පහත පරිදිවේ.
බෝංචි 800 ත් 850
ලීක්ස් 300 ත් 350
කැරට් 250 ත් 270
ගෝවා 200 ත් 250
තක්කාලී 380. 400
රාබු 100 ත් 150
කැකිරී 100 ත් 120
පිපිඤ්ඤා 80ත් 100
වැටකොලු 350 ත් 400
බණ්ඩක්කා 200 ත් 260
පතෝල 350 ත් 400
වම්බටු 350 ත් 550
අමු මිරිස් 800ත් 850
මැකරල් 400 ත් 450
මාළු මිරිස් 1400 ත් 1600
දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ 2024.12. 29 දින එළවළු කිලෝවක පැවති තොග මිල
බෝංචි 350 ත්400
ලීක්ස් 250 ත් 270
කැරට් 160 ත් 270
ගෝවා 100 ත් 130
තක්කාලී 280. 300
රාබු 60 ත් 120
කැකිරී 50 ත් 80
පිපිඤ්ඤා 100ත් 110
වැටකොලු 160 ත් 240
බණ්ඩක්කා 50 ත් 60
පතෝල 150 ත් 200
වම්බටු 350 ත් 400
අමු මිරිස් 850ත් 1000
මැකරල් 150 ත් 250
මාළු මිරිස් 550 ත් 750
2025 දෙසැම්බර් මස 18
662
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දඹුල්ලේ එළවලු මිල පහළ බැහැලා