IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු සීමිතයි:අලෙවිය වැඩිවෙයි

(කාංචන කුමාර ආරියදාස)

ඇඳිරි  නීතිය ඉවත් කිරීමෙන් පසු දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අලුයම 4 ට විවෘත කිරීමත් සමග ලැබී තිබුණු ඉතා සීමිත එළවළු තොග අලුයම කාලයේම දුර පළාත්වල වෙළෙන්දන් පැමිණ මිලදී ගෙන පිටව ගොස් ඇති බව ව්‍යාපාරිකයෝ පැවසූහ.

 ගොවීන් ආර්ථික මධ්‍යස්ථානයට ගෙනවිත් තිබූ ඉතා සීමිත එළවළු සඳහා අධික ඉල්ලුමක් සහ අධික මිලක් ලැබෙන පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ  පවසති

වට්ටක්කා, කැරට් ,වම්බටු, ලීක්ස් ,ගෝවා ,බෝංචි ආදී දී   එළවළු වර්ග යම් මට්ටමකින් ආර්ථික මධ්‍යස්ථානයට ලැබී තිබුණු අතර පහතරට එළවළු වර්ග බොහොමයක් ඉතාමත් අඩුවෙන් ලැබුණු බවෙළෙන්දෝ  පැවසූහ.

 එමෙන්ම දඹුල්ල නගරයේ ඉන්ධන පිරවුම් හල් බොහොමයක ඩීසල් නොමැතිවීම හේතුවෙන් වාහන   තැන් තැන නැවතී ඇති අයුරුද දකින්නට තිබේ.

එමෙන්ම ඉන්ධන පිරවුම්හල් කීපයක්ම ඉන්දන  නොමැති නිසා වසා දමා තිබුණු අතර  පෙට්‍රල් ලබා  ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් දැකගැනීමට හැකි විය.

තවද , දඹුල්ල ගලේවෙල නාඋල සීගිරිය ආදී ප්‍රදේශවල ජනතාව භාණ්ඩ මිලදී ගැනීම් සඳහා උදෑසන සිටම නගරවලට පැමිණෙමින් සිටිති

බස් නැවතුම් පොළ සහ අනෙකුත් ස්ථානවල මගින් රැස්ව සිටි අතර ගමනා ගමනයට   බස්රථ නොමැති වීම නිසා ඔවුන් අසීරුතාවයකට පත්ව සිටින අයුරුද දැක ගැනීමට හැකි විය. දුර පළාත්වල  පොදු ප්‍රවාහන සේවා දැක ගැනීමට නොහැකි විය.

වෙළෙන්දන්ද තම හිතුමතේට මිල ගණන් කියමින්  භාණ්ඩ අලෙවි කිරීමේ කටයුතුවල  නිරත වන බවද ජනතාව කියති . අද(12)  දඹුල්ල සති පොල ද යම් මට්ටමකින් විවෘතව තැබීමට වෙළෙන්දන් පියවර ගෙන තිබිණි.

( (දඹුල්ල නගරයේ ඉන්ධන පෝලිමක්) 



අදහස් (0)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු සීමිතයි:අලෙවිය වැඩිවෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 42 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 987 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1792 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2008 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1023 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 968 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site