
(කාංචන කුමාර ආරියදාස)
ලොකු ලූනුවලට මිලක් නැතැයි කියා ඊට විරෝධය දක්මනින් දඹුල්ල ප්‍රාදේශීය සභා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ලොකු ලූනුවලින් නිර්මානය කළ මල් මාලවක් පැළඳ අද පැවැති මහසභා රැස්වීමට පැමිණියහ.
වත්මන් ලොකු ලූනු මිල සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු අතර වාද විවාද ඇති වූ අතර එහිදී සභාව තුළ උණුසුම් තත්වයක් ද ඇතිවිය.
දඹුල්ල ප්‍රාදේශීය සභා සභාපති ඩබ්ලිව් .එම් . තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සුපුරුදු පරිදි මාසික මහ සභා රැස්වීම ආරම්භ විය.
විපක්ෂය නියෝජනය කරන කේ .ජී .සෝමතිලක, ප්‍රියරංජන කුමාර, නන්දන සෙනවිරත්න, ජගත් සේනානායක යන මන්ත්‍රිවරු සීගිරිය දඹුල්ල ප්‍රධාන මාර්ගයේ සිට ලොකු ලුනු වලින් සැකසූ මල් මාලා ගෙලේ දමා ගෙන ප්‍රාදේශීය සභා ගර්භයට පිවිසියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලගෙ කාලෙ ලූණු ගොවියො පාරෙ ගියේ ඔටුණු දාගෙන නේ! වල්ගෙ නැති හරක්.
ඔය ලූනු වැල් ටික එල්ලන්න තිබුනෙ මුංගෙ පස්ස පැත්තෙ. ලංකාවෙ ගොවියො නැත්තටම නැතිකල සක්කිලි.
වියලි මිරිස් වලටත් හොඳ මිලක් නැහැයි කියනවා. ඒවත් මාල හදලා කරේ එල්ලා ගත්තොත් හොඳ නැත්ද ?
ළූණු වලට අලෙවි ජාලයක් දැම්ම නං ඔය ප්‍රස්නේ විසඳෙනව. හඳුන්නෙත්ති ඇමතිතුමා ගේ රතු සීනි අලෙවි ජාලය ආදර්ශයට ගෙන ළූණු අලෙවි ජාලයක් හදන්න ඕන.
අඩුවෙනකොට ගොවියාගේ පැත්තේ වැඩිවෙනකොට පාරිභෝගිකයාගේ පැත්තේ අඩු වෙනකොට ඕවා දාගෙන පාරේ වැඩි වෙනකොට ඒකම දාගෙන පාර්ලිමේන්තුවේ අයියෝ සිරි ලංකා දැන් අපිට කියන්නේ රු.500 ට ළූණු කන්න කියලද?
ලූණු මාල කෙසේ වෙතත්, වෙන්නේ කුඩු පැකට් බෙල්ලේ එල්ලගන්ඩ තමා?