පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මහාධිකරණයෙන් ඇප ලබා ගැනීම ගැන නඩුවේ විරුද්ධ පාර්ශ්වය උසාවියට අපහාස වන කතා පතුරුවන බවත්, එමගින් දුමින්ද සිල්වා මහතාට ද අපහාස වන බවත්, ඔහුගේ නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ කියා සිටියේය.
මෝසමක් මගින් කරුණු දැක්වූ ඔහු දුමින්ද සිල්වා මහතා ද අධිකරණයට ඉදිරිපත් කළේය.
කලිසමකින් හා කමිසයකින් සැරසී දුමින්ද සිල්වා උසාවියට පැමිණ සිටියේය.
2011 ඔක්තෝබර 08 වැනිදා කොලොන්නාවේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රී ඇතුළු සිව් දෙනකු ඝාතනය වූ සිද්ධියේ 11 වැනි සැකකරු දුමින්ද සිල්වායි.
තම සේවාදායකයාට නගන පදනම් විරහිත චෝදනාවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද වර්ණකුලසූරිය මහතා අධිකරණයට දැන්වීය.
නඩුව මැයි 08ට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු කියන දේවල් කියා ගත්තාවේ , (දී)
ඒ නරක අමයිනේ පුතේ ඔයා තරම් හොද නැහැ ඒ අය, පුතා ගණන් ගන්න එපා ඕවා (දී)
හරිම සාමාන්‍ය විදියට ඉන්නේ.(නදී)
උසාවි ගිහින් දුමින්දට අපහාස කළා කියලා හිරුණිකාව අත්අඩංගුවට ගන්නද හදන්නේ.(නදී)
එසේනම් මොකද්ද කරන්න ඕනේ
මෙයාව නිදහස් කරන්න, සාලි මහත්තයානේ ත්‍රස්තයා නේද?(නදී)
ඇදුමක් ඇදගෙනද ඇවිත් තියෙන්නේ
දුමින්දට නෙමෙයි, රටේ නීතියටයි රටේ මිනිස්සුන්ටයි ලොකුම අපහාසය කරලා තියන්නේ....!!
මොනවා වුණත් දුමින්ද පියකරු ලෙස ඉන්නවා. අනිත් හැමෝගෙම මුහුණුවල තියෙන්නේ වෛරයේ සෙවනැලි . (නි)
ලංකාවට දෙවියන්ගේම පිහිටයි. (ස)
ඔය ටයි එක දාගෙන ඉන්නේ දුමීන්ද අයියගේ තාත්තා. එයා හරි හොඳායි. එයාට කේන්ති යන්නෙම නැහැ. අඬ අඬා ඉන්න ගෑනු කෙනා බාරතගේ ප්‍රිය බිරිඳයි. නිතිග්ඥ මහතාගේ පින්තුරයක් දාල නැත්තේ ඇයි? (නදී)
කට වටා වැට බැඳීමට වඩා තමා ගුණ ගරුකව ජීවත් වීමෙන් අනිකුන්ගේ දොස් බොරු කල හැකියි නේද?(ස)
ඊලග චන්දෙ වෙනකන් ඔහොම යං ඉතිහාසේ පළමු වතාවට වැඩිම අවලංගු චන්ද සංඛ්‍යාවක් බලාගත හැකි.
නීතිඥ මහත්තයා කියන කතා වලට මට හිනායන්නෙ නෑ අඬෙනවා.(නදී)
අපේ රටේ නායකයින් පත්තරයක් වත් බලනවනම් මෙහෙම වෙන්නේ නැහැ. තට්ටිය හිතගෙන ඉන්නේ රටේ ජනතාව මොඩයෝ කියලා.(නදී)
මේ ඉදිරිපත් කරපු මෝසම ඊශාන දිග මෝසමද නිරිත දිග මෝසමද? අනේ,මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මිනිස්සු අපහාස කරනවා තමයි මොකද ඇත තියලා නවත්තන්නද (දී)
අනේ පවව් අසරණයා (දී)
පව් අප්පා . (දී)
අයියෝ දුමින්ද
අනේ මට අපහාස කරන්න එපා....මට මොනවත් මතක නැහැනේ ......(දී)
ඕවා ගණන් ගන්න එපා දුමින්ද පුතේ (දී)
හේමන්ත මහත්තයා කියන කතා ගැන අපි තලබල විය යුතු නැහැ. එතුමා නීතීඥයෙකු නිසා තම සේවදායකයා වෙනුවෙන් ඕනෑම දෙයක් එතුමා කරනවා. කියනවා. (නි)
අනේ මේ දෙවි කෙනෙක් වගේ ඉන්න අහිංසකයව නිදහස් කරන්නේ කවද්ද දෙයියනේ? (නි)
මේ කට්ටියම සුදු ඇදගන ඉන්නේ කරපු පවු හෝදගන්න පන්සලට යන්නත් එක්ක වෙන්න ඇති. හැබැයි අර ටයි එක දාගන ඉන්න කෙනානම් දරුණු කෙනෙක් වගේ.(නදී)
බෝ පැලයක් වගේ ඉන්න කෙනෙකුටනේ මේ මිනිස්සු අපහාස කරන්නේ.(නදී)
ටයි එක දාපු එත්කෙනා පෙරකදෝරුවෙක්ද?(නදී)
දිට්ටදම්ම වේදනීය කර්මය තාම පටන්ගත්තා විතරයි. බුදුන්ගේ දහමේ සදාකාලික සත්‍ය එයයි .(නදී)
තල තෙලට වේලේ, මී බෙටි කුමට වේලේ.(නදී)
ඔය ඔරවන්නේ නිකන් නොවේ .මල්ලි .......සල්ලි වලට..... මොවුන්ට සල්ලි දෙනවනම් ඕන දෙයක්. (ස)
ලබන ඡන්දයේදිත් අපි මේ අයවම දිනවමු (නි)
එතකොට අර හිරුනිකාට කුදල්ලා කියලා ඒ කලේ අපහාසයක් නොවෙයිද (දී)
කවුද අපේ දෙයියට අපහාස කලේ. කැත වැඩ කරන්න එපා හරිද.(නදී)
රටම ගඳගස්සනවාට නඩු දාන්න ඕනෑ.(නදී)
එතකොට මේ අපට මොනවද කරන්නේ? (නදී)
ප්‍රදීප් ඇය භාරතගේ බිරිදයි.(නදී)
දුමින්ද මහහ්තයා මොකද්ද අර කුඩලු කතාවක් කියලා තියෙන්නේ (දී)
කොල්ලෝ ඉස්කෝලේ ප්‍රින්සිපල්ට කියන්නෙත් මෙහෙමයි
නඩුවෙනුත් දිනයි. ඒත් දිට්ඨ දම්මවේදනීය කර්මයෙන් දිනන්න කවදාවත් බැරි බව මතක තියාගන්න.(නදී)
සමා වෙන්න මම මිට පස්සේ දුමින්දට බනින්නේ නැහැ (දී)
අර කුඩයකුත් අල්ලලා තියෙන්නේ ඔලුවට , මේකෙන් පේනවා නේද ලෙඩේ බරපතලකම?(නදී)
අනේ මන්දා කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ (දී)
මිට පස්සේ අපහාස කරන්නේ නැහැ
අගේ ඇලෙනවාද ගණන් ගන්න එපා (දී)
ඉතින් මොකද්ද තියෙන වරද (දී)
නිතිය නැත්තට නති වූ රටක් ......
වරද කා අතේ උනත් එසේ අපහාස කරන එක නම් වැරදියි (දී)
නිතිය හරියට මකුළු දැලක් වගෙයි. මැස්සෝ මදුරුවෝ පැටලිලා මැරෙනවා, ලොකු රාජාලි දැල කඩාගෙන යනවා. (නි)
මිනිස්සුන්ගේ කටවල් වහන්න අපිට පුලුවන්ද (දී)
මට නම් මොකුත් ලියන්න හිතෙන්නෙ නැහැ. නොලිය ඉන්න බැහැ. මගේ ලේ ටික රත්වෙනවා. හිරුනිකා, අපි ස්වභාව ධර්මය ගොඩක් විශ්වාස කරමු . (නි)
අපේ දුමින්ද අයියාට මොකුත් කියන්න එපා (දී)
මලක් වගේ කීකරු දුමින්ද මහත්තයට අපහාස කරන්නේ මොන හිතනින්ද? (නදී)
රාජිත, ඔයා හරියටම හරි. හැමදාම ලංකාවේ ප්‍රවෘත්ති බලනකොට ලංකාව ගැන කලකිරෙන එක විතරයි වෙන්නේ. (නි)
ඇත්ත...ඇත්ත... මොනවා කලත් රටේ සමාජයේ වැදගත් චරිතයක්නේ අපහාස කරන එක නම අනුමත කරන්න බැහැ (දී)
අපි මොකද්ද දැන් කරන්න ඕනේ (දී)
පව් එයා
අයෙමත් කරන්නේ නැහැ ඔන්න
මහත්තයෝ , කියන්න බැරිද මේ ටෙලිනාට්‍යයට තව කොටස් කීයක් තියනවාද කියලා. අනේ පින්සිද්දවෙයි මෙගා ටෙලියක්නම් කරන්න එපා. ඇතිවෙලා තියෙන්නේ.
මේවාට කතා කරලා නිකන් වලිගෙ නහ ගන්නවාට වඩා හොදයි කතා නොකර ඉන්න එක (දී)
හෙන විහිළුවක් ලංකාවේ වෙන්නේ, ජයවේව ආණ්ඩුවට.(නදී)
මුදල් වලට රට ගිය කාලේ . මිනි මරුවෝ ජාති හිතෛෂී වෙනවා . උන් වෙනුවෙන් අඬන්ට කුඩ ඉහලන්න බොහෝ අය පැනල එනවා . මේක තමා අද ලෝක ස්වභාවය . මෙයාලට දොස් කියනවා කියල නඩු කියන්නත් තව හරක් ඉන්නවා. ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය රටක් නිසා වෙන්න ඕනේ.(නදී)
ටයි මහත්තයා නිකන් බයවෙලා වගේ. (ස)
අයියෝ සල්ලි
වෛයිරයෙන් වෛරය නොසන් සිඳේ. කරන කලට පව් මිහිරිය මීසේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ. මෙත් වඩමු.(නදී)
ඔබතුමා මේ නඩුවේ 11වන සැකකරු ඒ කියන්නේ මේ මරණය සම්භන්දයෙන් ඔබතුමා සැකයි කියන එකනේ , ඉතින් මිනිස්සු මොකුත් නොකියා ඉදීවිද (දී)
පව් නේ, මටනම් දුකත් හිතෙනවා
මිනිස්සු එහෙම තමයි (දී)
මිනිසාට හැමදාම උදේට හවසට ලොවට සෙත් පතන්න පුරුදු වෙනවානම් කෙරෙන වැරදි වලින් වැලතී ඉන්න පුළුවන්. කරුමෙට මිනිසා මෙය කිරීමට පසුබට වෙන්නේ මන්ද කියා සිතා ගන්න අමාරුයි.(නදී)
මම හිතුවේ මුතුකුඩ මැරිලා කියල ඔය ඉන්නේ.(නදී)
මේ මනුස්සයා කලිසමකින් කමිසයකින් සැරසී එන්නෙ නැතුව ඇදුම් නැතුව එන්න යෑ? (නි)
අනේ දුමින්ද මන්ත්‍රීතුමාට අපහස කරන්න එපා. එය හරි අවි හින්සකයි.(නදී)
සඳරුවන්, ඒක මටත් හිතුනා (නි)
මේවා දැක්කහම මොනවා හරි නොලිව්වොත් අපටම හොද නැහැ. ආසියාවේ ආශ්චර්ය ටික ටික ළගටම එනවා. සුන්දරම වචන වලින්, තේමා වලින් කරන දේවල් මුළු ලෝකයම දන්නවා. (නි)
ම්නිස්සු නානාප්ප කාරයි (දී)
සමා වෙන්න
මට නම් දුකයි ලංකාවේ මිනිස්සු ගැන
“වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද ඒ අමාරුව” දැන් තියෙන්නේ නොපිට පෙරලිච්ච සමාජයක්නේ.(නදී)
ආසියාවේ ආශ්චර්යය කියන්නේ මේවට වෙන්න ඇති. මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අපහාස කරලා නතර උනා ඇති
දුකද ඔබට
අපහාස නොවෙයි ඇත්ත
ගුණ ගරුක වෙන්න ගුණ ගරුක බවක් තියෙන කෙනෙක් වෙන්න එපායැ අපොන්සු.(නදී)
මට නම් නිකන් පිස්සු වගේ (නි)
දුමින්ද සිල්වා දේශපාලඥයෙක්! කලාකාරයෙක්! සමාජ සේවකයෙක්! මිනී මැරිම් සම්බන්ධව ඔහුට පෙර වැරදී නැහැ නේද? ඔය මිනීමැරුම කළේ ඔහුමද? ඔය කියන කාගෙ ,කාගේත් කිල්ලෝට වල හුණු තියෙනවා. අන්තිමේ වෙන්නේ, හුණු ගාගන්නවට වඩා හුණු නාගන්නා එකයි. (නි)
අපි දුමින්දට ප්‍රශංශා කරන්න නේ ඕනෑ. (නි)
ඔය ඉතාලියේ හිටපු මහත්තයා නේද?(නදී)
අදහස් කියවන්න ගොඩක් වෙලා ගියා. මට හිතා ගන්න බැරි තවත් කවුද මේ ගොල්ලන්ට ඡන්දෙ දෙන්න ඉතුරුවෙලා ඉන්නේ කියලා (නි)
ඉස්කෝලේ වගේ
කුඩේ අල්ලන්නේ දුහුවිලි වැටෙනවටද? (නි)
මිනීමැරුමක සැකකරුවෙකුය. (ත)
එසේ කරන අයට විරුද්දව කටයුතු කරන්න
ඇත්ත නේන්නම් මුතුකුඩ. හැබැයි, ඔය මොන බරට සහන දුන්නත් වැසිකිළි බරට නම් සහනයක් නැහැ. (නි)
නීතියට ගිය කලක්
අඹ මල්රේණුවක වරදක් නොකරපු මිනිහෙක්ට ඇයි මේ සරදම් අපහාස.... (නි)
මුතුකුඩ ඒ බර මේ බර අස්සේ අපෙන් වෙන්න ඕනෑ යුතුකමත් කරමු. නැද්ද?
දුමින්දට වෙඩි වැදුනයි කියමු (පොටෝ දැක්කම නම් කතාව ඇත්ත කියලා හිතෙනවා). එතකොට කවුද වෙඩි තිබ්බේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
සමා වෙන්න....සමා වෙන්න නැවත කරන්නේ නැහැ
මට මොකුත් මතක නැහැ
ලංකාවේ යහතින් ජිවත් වෙන්න හොදම ක්‍රමය හැම වරදක්ම කිරීම.(නදී)
ලංකාවේ නීතියට මොනවාද වෙන්නේ? (ස)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එයා යන යන තැන සෙනග එනවා නම් මොකද ගුවන් තොටුපොළට සෙනග ආවේ නැත්තේ? (නි)
කෝ අපේ හිරුණිකා? (නි)
මේවා බලල අපේ කෝපය වෙඩි වෙනවා විතරයි. (ස)
කවුද අනේ දුමින්ද කියන්නේ මට මතක නැහැනේ
අනුර, මටත් ඇත්තටම පෙනෙන්නේ නලුවෙක් වගෙයි. (නි)
කව්රු දැන් මොනවා කිව්වත් අන්තිමට ඒ පාඩුව දැනෙන්නේ මේ සුදු සාරිය ඇදගෙන ඉන්න අම්මට නේද?(නදී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. දැන් එයා විෂබීජ වලට ඔරොතු දෙනවලුද ? (නි)
මේ නීතීඥ වෘත්තිය ආචාර ධර්ම කියලා එකක් දාලා මණ්ඩලයකට යටත් කළා නම් හොද නැද්ද? මොකද මේ රැකියාව ස්වයං රැකියාවක් වගේ නේ දැන් දුවන්නේ. මිනියක් මරපු කෙනාටත්, මැරුන කෙනෙකුගේ අයිතීන් වෙනුවටත් එකම පුද්ගලයා පෙනී ඉන්නවා (නි)
අපේ දුමින්ද මහත්තයට අපහාස කරන්න එපා
ඒ කියන්නේ භාරත මහත්මයා මෙයාට වෙඩි තියලා එයත් එයාට තියාගෙන කියලද? (නදී)
මොනවාආඅආආ..! දුමින්දට අපහාස කරනවා ආආආආආආආ?? (නි)
අර කුඩේ ඉහලාගෙන ඉන්න මාම දැක්කම බය හිතෙනවා.(ස)
පින්තූර දිහා බලපුවම පේන්න ඉන්නේ පෙරේතයෝ, භූතයෝ කුම්භාන්ඩයෝ තමියි .(නදී)
ලබන සැරේ දුමින්දව කොළඹ ලිස්ට් එකේ නො.1 විදියට පාර්ලිමේන්තුවට යවමු. ආශ්චර්ය ලෝකෙට පේන්නත් එක්ක. (නි)
ජොතිපාල මහත්තයගේ ගීතයක් මට මතක් වෙනවා. 'මේ වාරේ ඔබේ එනවරේ මගේ රජකම් කෙරුවත් කළකම් පලදී ". ඔහොම යමු .(නදී)
උසාවියට අපහාස කරන්නේ බේගල් දෙසන නීතිඥයා මිසක් වෙන කවුරුත් නොවේ.(නදී)
නිතිය හරියට මහා මුහුද වගේ. ඒක නිසා හේමන්ත මහත්තයෝ ඔබ කැමති දේ ඔබ කරන්න. එත් දිට්ට් ධර්ම වේදනීය කියලා කර්මයක් ගැන අප දන්නා නිසා උපේක්ෂාවෙන් බලා සිටිමු. (ස)
කුඩේ අල්ලන කෙනා කුඩේ අල්ලන්නේ වැරදි අතින් නේද? ඔහොම කුඩේ අල්ලාගෙන කොපමණ දුරක් යන්නද? එක්කෝ පැත්ත මාරු කරන්න ඕනෑ. නැත්නම් අත මාරු කරන්න ඕනෑ. (නි)
මට බය හිතෙන්නේ කුඩේ අල්ලාගෙන ඉන්න කෙනාට නොවෙයි. ටයි එක දාගෙන ඉන්න කෙනා දැක්කම. (ස)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. තම ශරීරයට විෂබීජ ඇතුළු වේ යැයි බියෙන් අධිකරණයට නොපැමිණ, පසුව දහසක් සෙනග පිරිවරාගෙන රෝහලෙන් පිටවීම අධිකරණයට කළ අපහාසයක් නොවේද? (නි)
අදික රුධිර පීඩනය තියන අයට හොදම බෙහෙත ලංකාවේ පුවත් නොඅසා,නොබලා සිටිමයි. (ස)
ටයි එක දාගෙන ඉන්න මාමා කාටහරි ගහන්න වගෙයි ඉන්නෙ. මට හරියට බය හිතෙනවා. අර කුඩේ අල්ලන මාමටත් හරියට කේන්ති ගිහිල්ලා වගේ පේන්නෙ. (නි)
අනේ අපොයි රට ඉන්න අපිට ලංකාවට යන්න වත් හිතෙන පුවත්ද මේ දාන්නේ. ඔක්කොම වගේ චන්දේ දැම්මේ නැතිනම් කවුද අනේ මෙයාලව පත් කරේ. ඔව්වා කවුද ඉතින් බලන්නේ නේද? (නදී)
දුමින්ද මහතා වගේ හේමන්ත මහතාත් සැරසී සිටියේ කලිසමකින් සහ කමිසයකින්ද?(නදී)
මේ වගේ හොද මහත්තයෙකුට කරන අපහාස දෙවියොම බලාගන්න ඕනෑ (නි)
බලන්න මූණ තාත්තලා දුක් විදිනවා, තාත්තලා කැමති පුතා නොමගට නොව සුමගට යොමු වනු දැකීමයි. හොද නරක දරුවට කියලා දෙන්න කරුණාකරලා.(ස)
මුතුකුඩ ඔයා කොහේද හිටියේ මෙචචර දවස් අපි ඔයාව හෙව්වා. දැන් අපි මුතුකුඩ ගැන කතා කරමු. දුමින්ද අමතක කරලා.(නදී)
අනේ පව් අහිංසකයට කව්ද එහෙම කියන්නේ. මේවා යම රජ්ජුරුවොම බලන්න ඕනේ.(නදී)
උසාවිය නොමග යවන්නේ මිනිස්සුද? නීතිවෙදිහ්ද? දොස්තරලද? ඔහුට බරපතලයි කියල උසාවියේදී කිව්වට මිනිහ මහජනයා ගොඩක් එක්ක හැසිරුනේ කොහොමද? ඔහු තවම චූදිතයෙක්. වාස් මහාත්තයෝ උසාවියේදී සැලියුට් ගහන්නේ නැද්ද?(නදී)
මුතුකුඩ, දිසානායක, දැන් අපෙන් වෙන්න ඕනෑ මොකක්ද? (නි)
කතා කිරීමේ අයිතිය නැද්ද මිනිස්සුන්ට
ඔය එන්නේ ලස්සනට නළුවෙක් වගේ..(ස)
මොකුත් නොකියා ඉන්නම් ඉවරයිනේ
අර 3 වැනි පින්තූරයේ අඩන්න වගේ ඉන්නේ දුමින්දගේ අම්මාද? ..... විරුද්ධ පාර්ශ්වය දුමින්දට අපහාස කරනවට දුමින්දගේ අම්මාට මෙච්චර දුකයිනම් අසාධාරණය වුණු හිරැණීකාටයි එයාගෙ අම්මටයි මොන තරම් දුකක් ඇත්ද? (ස)
කොහොමද ඔතන ඉන්න මහත්තයෙකුට කේන්ති ගිහිල්ලා වාර්ථා කරුවන්ගෙන් ඇහුවා නම්, "ඇයි බලන්නේ, මීට කලින් මාව දැකලා නැද්ද? වැඩක් බලාගෙන යනවා හලෝ යන්න" කියලා, කොහොමට තියෙයිද? (නි)
රන්ජනීලට එයාලව පේන්නෙ නළුවෝ වගේද? (නි)
දැන් දුමින්ද මයිකල් ජැක්සන් වගේ ලස්සනයි (නි)
මහේෂ්, ඔබ තමයි මෙතෙක් කවුරුවත් නොදුටු පැත්තක් දැක්කේ (නි)
රකිත් තවම තරුණ කොල්ලන්ට තේරෙන්නේ නැහැ මේවා. (ස)
කුඩේ අල්ලගෙන ඉන්න කෙනාව දැක්කහම ඇග හිරි වැටෙනවා (නි)
කවුද පුතේ ඉස්පිරිතාලේ බිල ගෙවුවේ.එකත් අපිටද.(නදී)
සමීර, මොනවා වෙන්නද ? බලාගෙන ඉන්නවා මිසක් (නි)
සමීර මොනවා වෙන්නද බලාගෙන ඉන්නවා මිසක්. (ස)
කොසොල් මහා රජතුමාගේ හීන හැබෑ වේගනයි එන්නේ. (නි)
වැරදි කරන්න හොදයි කියන්න හොද නැහැ.(නදී)
සදරුවන්, කොසොල් රජතුමා ලංකාවේ නිතිය ගැන දැකපු හීනෙ මොකද්ද? ඔයාට ඇගේම ගාවාගන්නේ නැතිව කිසිම දෙයක් විචක්ෂණ බුද්දියෙන් බලන්න බැරිද. (නදී)
කුඩය අල්ලන එක හොදයි නැත්නම් කපපු තැන් වලින් මොලේට වතුර යයි. (ස)
දිට්ට ධම්ම වේදනීය කර්මය වගේම අහෝසි කර්ම කියලා දේකුත් තියන බව අපේ පන්සලේ හාමුදුරුවෝ ඒ කාලේ කියනවා යන්තම් වගේ මතකයි මට. (නදී)
හා..හා... බලාගෙන අපහාස කරන්න එපා. දෙයියො කේප වෙයි.(නදී)
මට හිතෙන්නේ අපි අපිටම අපහාස කරගත්තා කියලයි.(ස)
දුමින්ද මහත්තයාගේ හෘදයට හානියක් නැති නිසා එයා දන්නවා වෙච්ච දේවල් හොඳින්ම. එනිසා නිසි වෙලාවට නිසි තැනදි ප්‍රතිපල ලැබෙනබව සිකුරුයි.“ආගම අනුව“.(නදී)
මට මැවිලා පෙන්නේ නිකන් මෝස්‌තර නිරුපන තරගයට ගිහින් වගේ. ඇදුම හැඩයි, රැගුම හොදයි , අලි නිහඩයි, රට්ටු අඩයි, නීතියටත් වෙට්ටු දමයි , ලලයි ලිලයි ලයි.(නදී)
අනේ හේමන්ත මහත්තයෝ දුමින්ද මහත්තයා හරිම හොදෛ නේ. භාරත මහත්තයා මරුනේ සිය දිවි නසාගෙනනේ. හේමන්ත මහත්තයා බුදුදහම අනුව ජීවත් වන්න. මම ඔබේ හොදටයි කියන්නේ.(නදී)
මේ ටයි එක දාගෙන ඉන්න කෙනාද දුමින්ද කියන්නේ අනේ? බලන්නකෝ ඇස් දෙකේ ලස්සන. (නදී)
අර ටයිකාරය කාටද ඔරවන්නෙ?(නදී)
ලංකාවේ කියන්නේ අරුම පුදුම දෙයක්
අනුර ඔය එන්නේ නළුවෙක් වගේ නැද්ද ?(නදී)
අපහාස වුනානම් සමාවෙන්න. මට දැන් මොකුත්ම මතක නෑ.(නදී)
ඔහොම යමු ලංකාවට මොනවා වේවිද එස්සරහට..(ස)
අපහාස කරනවා කියන්නනේ ඔහු දෙවියෙක් කියල නිතිඥයාට පෙනෙන නිසා වන්න ඇති .(නදී)
මීට අවුරුදු විස්සක(1993) ඉස්සර මොරටුව විශ්ව විද්‍යාලයේ වස් කවියක් ලියල තිබ්බා, එක නම් තිතට හරිගියා. දැනුත් එහෙම කවියක් ලියලා දන්නවනේ කරන්න ඕන දේ ..(නදී)
මම නම් හිතන්නේ අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය තමයි ඔය කියන්නේ (දී)
මහත්තයෝ අපහාස කරන්න ඕනේ චරිතයක් ඇති කෙනෙකුට. ඒක දැනගෙන කතා කරන්න. කොහොමත් ඔබතුමා වෙනුවෙනුත් අපායේ ඉඩක් වෙන් කරලයි තියෙන්නේ. මොකද ඔබතුමා පෙනී සිටින්නෙම අපරාද කාරයෝ වෙනුවෙන්. (නදී)
ඇත්තම තමා. ලංකාවේ ප්‍රවෘත්ති බලන එක, සීනි, කොලස්ටරෝල් ප්‍රෙෂර් වලට හොද නැහැ (නි)
දුමින්දගේ පැත්තෙන් කාන්තා පක්ෂය උසාවි ඇවිත් නැද්ද? (නි)
මොකද්ද අපහාස කරනවා කියන්න
දුමින්ද අයියා අහිංසකයෙක්. පව් කවුද එහෙම එයාට අපහාස කරන්නේ. එයා කොච්චර හොද කෙනෙක් ද? දැන් ලස්සන වෙලා. (නදී)
මතකය එකපාරටම ආවේ කොහොමද (දී)
දුමින්ද නිදොස් කරලා අපිව හිරේට දාන්න. (නි)
දිසානායක මහත්තයෝ, සෑම් මහත්තයෝ, අනේ අම්මපා මේ දවස් වල වාර්ථාවක්වත් බලන්න බැරිතරමට නාහේ ළගටම වැඩ. ලයිටි බිල, වතුර බිල, ගෙවල් කුලිය, බදු බර... මේවා මතක් වෙනකොට වැසිකිළි බරත් ඇතිවෙනවා. (නි)
මොන්ටසූරී ළමයෙක් ටීචර්ට කියනවා වගේ කතාවක්.(නදී)
දැන් මේ වාගේ රටේ හාස්කම් වෙනකොට එකෙන් රටේ ජනතාවට, නැතිනම් අපිට වෙන අපහාසයට කවුද වග කියන්නේ.(නදී)
තම සේවා දායකයට අපහාස කරනවාය කියන නීතික්ඥයා ඉතාලි තානාපති කාර්යාලයත් විනාශ කරලා ආපු අයෙක්.(නදී)
අර දොස්තර ගැන අපේ තිබුණු ගෟරවය දැන් නෑ.(නදී)
මිනිස්සුන්ගේ කටවල් වහන්න අපිට බැහැ (දී)
අනුර-එයා ඉස්සර හොඳ නළුවෙක්.(නදී)
ටයි එක දාගෙන ඉන්නේ දුමින්දගේ තාත්තා.(නදී)
රාජිත හරියට හරි අප පිටරට ඉදන් අනේ ලංකවේ මොකද වෙන්නේ කිය බලනවා. ඒත් මේවා දැකලා නිවාඩු එන්නවත් හිතෙන්නේ නෑ.(නදී)
පවු කියලත් හිතෙනවා මටනම් (දී)
අපහාස කරන අය අත්අඩංගුවට ගන්න කියලා නීතියක් හදයිද දන්නේ නැහැ (දී)
සමා වෙන්න ආයේ කරන්නේ නැහැ