ඉතාලියේ සංචාරයකට ආ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා එසැණ සමග සාකච්ඡාවකට එක්විය.
ප්‍රශ්නය - ඔබ සෑම වසරකම මැයි පළමුවැනිදා පාදෝවා නගරයට පැමිණෙනවා. ඇයි මෙහි විශේෂත්වය.
පිළිතුර - මම මැයි පළමුවැනිදා පාදෝවා නගරයේ ශුද්ධ වූ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පවත්වන ශ්‍රී ලංකා දේව මෙහෙයට සහභාගීවීමට පැමිණියා. 15 වැනි වතාවටයි ආවේ.
ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ ඇමතිවරු රජයේ වියදමින් මේ වගේ සංචාරවල නිරතවීම බොහෝ දෙනෙක් අනුමත කරන්නේ නැහැ.
පිළිතුර - මම ජනාධිපතිතුමාට දැනුම් දුන්නා නව පාප්තුමා දැක ගැනීමට අවශ්‍ය බවත් මැයි පළමුවැනිදා පාදෝවා දේව මෙහෙයට සහභාගී වියයුතු බවත්. මම ඉතාලියට ආවේ මගේ පුද්ගලික මුදලින්. ගුවන් යානයේ තුන්වැනි පන්තියේ ආවේ. මා සමග වෙනත් කිසිවෙක් ආවේ නැහැ. මෙහේ ඇවිත් නැවතී සිටින්නේ වෙරෝනා නගරයේ මගේ හිතවතකුගේ නිවසක. ඒ නිසා මම රජයේ මුදල් මේ සංචාරය සඳහා වියදම් කළේ නැහැ.
ප්‍රශ්නය - ඔබ ජ්‍යේෂ්ට අමාත්‍යවරයෙක්. බොහෝ දෙනකු පවසන්නේ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරුන් රටට බරක් බවයි. මේ ගැන ඔබේ අදහස දැනගන්නට කැමතියි.
පිළිතුර - මම රජයේ අමාත්‍යවරයෙක්. ඇමතිධූරයේ දිග පළල මට වැඩක් නැහැ. මට ඇමතිවරයෙක් ලෙස ඕනෑම අයකුගේ ඉල්ලීමක් ඉටුකැර දෙන්න පුළුවන්. මන්ත්‍රීවරු 160 ගණනක් රජයට සිටින නිසා ජනාධිපතිතුමා බලවත් අසීරුතාවකට පත්වෙලා ඉන්නේ. අලුත් මන්ත්‍රීවරු නියෝජ්‍ය ඇමතිකම් ඉල්ලනවා. නියෝජ්‍ය ඇමතිවරු ඇමතිකම් ඉල්ලනවා. අනිත් අය හොඳ ඇමතිකම් ඉල්ලනවා. මුලදි යම් කලකිරීමක් තිබුණා. නමුත් දැන් එවැන්නක් නැහැ. 2004 දී ජනතා විමුක්ති පෙරමුණ සමග එකතුවී අමාත්‍යධූර 35 ට අඩුකළ වෙලාවෙත් මේ ගැටළුව ආවා.
ප්‍රශ්නය - අද රටේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන සැකයක් මහජනතාව තුළ මතුවෙමින් තිබෙනවා. මහා පරිමාන අපරාධකරුවන් සහ ඝාතකයන් පවා පසුගිය දිනවල නිතිපති උපදෙස් මත නිදහස් කළා.
පිළිතුර - මගෙන් මේ ප්‍රශ්නය ඇසිම ගැන සතුටු වෙනවා. මේ නිදහස් වූ පිරිස අතර මගේ බිරිඳත් සිටිනවා. සිර දඬුවම් විදින වයස අවුරුදු 60 ට වැඩි කාන්තාවන් නිදහස් කිරීමට ජනාධිපතිතුමාට ඇති බලතල අනුව තමයි නිදහස් කළේ. ඇයට දැන් අවුරුදු 65 ක් වයසයි. නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මිනිස් ඝතාන කරපු තැනැත්තන් නිදහස් කරන්න ජනාධිපතිතුමා කටයුතු කරන්නේ නැහැ. ක්ෂණික කෝපය ඒ වගේම වෙනත් කරුණු මත ඇතිවුණු මිනිස් ඝාතන හේතුවෙන් සිරදඬුවම් විදින අය පිළබඳ ජනාධිපතිතුමා හිතන්න ඉඩ තිබෙනවා.
ප්‍රශ්නය - භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා පසුගිය දා ඇප මත මුදා හැරියා. ඔහු උසාවියට දන්වා සිටියේ විෂ බිජ නිසා උසාවි පැමිණිය නොහැකි බවයි. නමුත් ඇප දුන් වහාම විශාල පිරිසක් සමග දූවිලි සහිත මාර්ගයක ඔහු ගමන් කළා. මෙය සැබැවින්ම හාස්‍යයට කරුණක් නොවේ ද ?
පිළිතුර - අප හිතවත් භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණියට හැකියාව තිබෙනවා තම නීතීඥයන් මගින් මේ ගැන අධිකරණයට දන්වා සිටින්න. අපි මේ ඝාතනය අනුමත කරන්නේ නැහැ. අපි ඒ ගැන බලවත්සේ කම්පා වුනා. ජනාධිපතිතුමාට දන්වා සිටියා මෙවැනි අවාසනාවන්ත දේ මින් ඉදිරියට සිදුවන්නට දෙන්න එපා කියා.
ප්‍රශ්නය - සංචාරක කර්මාන්තය අපේ රටට විදේශ විනිමය ගෙනෙන ශක්තිමත් අංශයක්. නමුත් තංගල්ලේ හෝටලයක එංගලන්ත ජාතිකයෙක් මරාදමා ඔහුගේ පෙම්වතිය රාත්‍රියක් පුරා දූෂණය කළ ආකාරය විදෙස් මාධ්‍ය වලින් ප්‍රචාරය වුනා. මීට රජයේ නායකයකු සම්බන්ධ බව පවසමින් යුරෝපය පුරා ශ්‍රී ලංකාව ගැන අප්‍රසන්න මතයක් ගොඩනැගෙමින් තිබෙනවා.
පිළිතුර - මන්ත්‍රීවරු සිටිය යුත්තේ පාර්ලිමේන්තුවේ පමණයි. අනෙක් ප්‍රාදේශීය සියළුම දෙනා නියෝජිතයන් ලෙස හැඳින්විය යුතුයි. පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු නියෝජිතයන් ලෙස හඳුන්වනවානම් මේ ගැටළු නැහැ. අපේ පක්ෂයෙන්ම ඡන්දයට ඉදිරිපත් වූ අසහනකාරයන් මේ වගේ පහත් පෙළේ සිදුවීම් වලට සම්බන්ධ බවට වාර්තා වී තිබෙනවා. මේ ඝාතනයේ සැකකාර මන්ත්‍රීවරයා පක්ෂයෙන් ඉවත් කළා. ජනාධිපතිතුමා මේ වගේ සිදුවීම් තරයේ හෙලා දකිනවා. අපිත් එතුමාට කීවා මේ අයට දැඩි දඬුවම් දිය යුතු බව.
විශේෂ ස්තූතිය වෙරෝනා නුවර සුරංග මහබදුගේ මහතාට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මගේ කට කිව්වලු. (නි)
හොරාගේ අම්මගෙන් පේන අහලා වැඩක් වේද?(නදී)
මොකක්ද අපේ රටේ තියෙන නීතිය ? (නි)
ඔව් ඔව් කාට උනත් උසාවි නම් යන්න පුළුවන් එක ඇත්ත. (නදී)
අපි මේවට මොකුත් කියන්නෙ නැහැ. කිවුවොත් අපට යහ පැවැත්ම කියාදුන් අපේ ගුරුවරුන්ට කරන නිගාවක් වෙනවා (නි)
එලියටපෙන්නුවේ නැති වුනාට ඇතුලේ ලොකු පොරයක් තියෙනවා ඇමතිකම් වලට. ඹන්න ඹහෙ 160 ටම දිල දාන්න තව දෙතුන් දෙනයිනේ නිකම් ඇත්තේ. මෙතරමි දෙවල් ඉවසගෙන ජිවත් වෙන අපිට ඹික වැඩක්ද?(නදී)
මොළේ කොටසක් අඩු, හැමදේම අමතක කෙනෙක් වෙනුවෙන් උසාවි යන්න අපිටත් මොළේ නැහැයි කියලා හිතුවාද මහත්තයෝ? (නි)
සුරංග ඉතාම වැදගත් පැනයක් අහලා තියෙනවා. (නි)
තංගල්ලේ මිනි මරුවා රැස්වීම්වල්ත් ආවා. කාගේ පුතාගේ යාළුවා නිසාද සිද්දිය යට ගසාගෙන යන්නේ. මේකද දේශපාලනය කියන්නේ.(නදී)
අපි ගැන හිතාගෙන ඉන්නේ මොන විදියටද දන්නෙ නැහැ. (නි)
දුමින්දට විරුද්දව වෙන උදවිය උසාවි යන්නේ මොකටද උසාවි ගිය අයටත් සදාරනයක් ඉටුවෙන්නේ නැතිකොට .(නදී)
මෙයා අව්රුදු 15ම ආවේ හිනෙන්ද දන්නේ නැහැ.(නදී)
මේක ජනාධිපති තුමා ගැන වර්නනාවක් විතරයි නේ. (නදී)
අපේ සීංහලයන් ඒකාලේ ශ්‍රී පාදේ ගියේ තමාගේ දේපොළ දරුවන්ට පවරලා. ගමන එතරම් දුෂ්කරලු. .(ස)
අපේ සීයල ඒකාලේ ශ්‍රී පාදේ ගියේ තමාගේ දේපොළ දරුවන්ට පවරලා. ගමන එතරම් දුස්කරලු.(නදී)
උසාවි ගියා කියලා වැඩක් තියෙනවද ? (නි)
මේ විදිහට තව අවුරුදු 10ක් ගියොත් රට ඉවරයි මහත්තයෝ. (නි)
මන්ත්‍රී කියනවාට වඩා මෙයාලට කියන්න වෙන හොද වචනයක් නැද්ද? (නි)
අසාධාරණ ගැන කියන්නේ කොහාටද කියන එකනේ ප්‍රශ්නේ. (නි)
හැම රටේම අපරාද තියනවා කියන්නේ. හැම රටේම අපරාද කාරයන්ව රජයෙන් ආරක්ෂා කරනවා ඇති. එහෙම නැති රටක් නැතිලු.(නදී)
දුමින්ද ගැන උසාවි යන්න පුළුවන්ලු. අනේ ඉතින් එහෙම ගියත් මොකද වෙන්නේ එක මොහොතික් කිදහස් කරලා දායි. හැබයි එකක් කියන්නම් පින්වතුනි කරන කලට පව් මිහිරිය මීසේ. ගෙවනකලට. ඉතිරිටික හිතාගන්න.(නදී)
අනේ මේ ගොල්ලන්ගෙන් ප්‍රශ්ණ අහල වැඩක් නෑ. මේ ගොල්ලන්ගෙ හිතේ තියෙන දේවල් එළියට දැම්මොත් සුටුස් කියල ඇමති කම ගහල යනවා.(නදී)
යකාගේ කතාවක් තමයි මේක. ඇයි අපි උසාවි යන්නේ? ගිය අයට වුනු දේ තමයි කව්රු ගියත් වෙන්නේ. රටේ තියෙන පාහර දේශපාලනය හින්දා.(නදී)
දුමින්ද ගැන ඕනෑ කෙනෙකුට උසාවි යන්න පුළුවන් තමයි. නමුත් අපිට නම් බැහැ (නි)
අර ඉංගිරිසි ජාතිකයා මරපු එකට දඬුවම් නොකර පිස්සු දොඩවනවා. බහුබූත කතාවක්නේ කියල තියෙන්නේ. මන්ත්‍රී කියනවා වෙනුවට නියෝජිත කියන්න කියලා. (නදී)