පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ නවලෝක රෝහලෙන් නිවස බලා යෑමට සියල්ල සූදානම් කර රෝහල් කාර්ය මණ්ඩලයෙන් සමු ගෙන තව මද වේලාවකින් එළියට පැමිණීමට නියමිතය.
ඔහු රැගෙය යන වාහනය ද රෝහල් පෝටිකෝව යටට මින් මදවේලාවකට පෙර රැගෙන ආවේය.
රෝහලේත් ඔහු පිළිගැනීමට හා ඔහු යනු දැක බලා ගැනීමට තැන තැන රැස්වී සිටින පිරිස් අතර ලොකු උනන්දුවක් දක්නට ඇත.
ඇතෙමෙක් හැඟීම් බරව කතා කරති.
ඇතෙමෙක් සිදුවන්නේ කිමෙක්දැයි විමසිල්ලෙන් සිටිති.
(ඡායාරූප රේඛා තරංගනී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන ජනතාව වෙන උනන්දුව ගැන මට හිතාගන්නවත් බැහැ...!(ස)
බුලත් අතේ තියාගෙන බලාගෙන ඉන්න අම්මා කෙනෙකුත් ඡායාරූපයේ ඉන්නවා. මම හිතන්නේ මෙම ක්‍රියාව අනුමත කරන කෙනෙක් වෙන්න ඇති. (නි)
ඒ කියන්නේ මේ රටේ මිනිස්සු ආදරය කරන්නේ මේ වගේ අයටද? අනේ මන්දා.(ස)
මේ රටේ මිනිස්සු ගැන හරියට කලකිරෙනවා.(නදී)
මිදි කොහෙද තිත්ත. නරි කියයිද ඇත්ත.(නදී)
මගේ නහරයක් පුපුරනවා දැන් තියෙන කේන්තියට (දී)
ඇයි අනේ මේ? මට මුකුත් මතක නෑ නෙ. ඔයාලට මතකද?(ස)
අපේ රටේ තවමත් මෙහෙම මිනිස්සු ඉන්නවද ? (නි)
අඩන්නද, හිනාවෙන්නද කියලා හිතා ගන්න බැරිය. (ස)
නොමිලේ පුන්නක්කු කිලෝවක් දෙනවා සැම කෙනාටම මං ගානේ. මම ඉතින් කිවුවේ මට දෙන්න පුළුවන් දේ (නි)
මිනිසුනේ මෙන්න ලංකාව. මොනව කියන්නද? මොනව ලියන්නද? කාට කියන්නද? කාට ලියන්නද? මට නම් හිතා ගන්න බැහැ (නි)
අත්තම්මා බුලතුත් අරගෙන ඉන්නේ වැදලා පිළිගන්න වෙන්ටෑ? (නි)
විහිලු කියන්නේ මේවාට තමයි (දී)
මේවා දකින කොට හිතෙන්නේ. ශ්‍රී ලංකාව තුන්වන ලෝකයේ රටක් නෙමේ. නව වෙනි ලෝකයේ රටක් කියලයි. අනේ අනිච්චං පහත් මිනිස්සු.(නදී)
එතකොට දැං මෙයාට හොදයිද?(නු)
වෛද්‍යවරු උසාවි ගේන්න ඕන බොරු වාර්තා දුන්නට...!(නු)
ආච්චිලත් බුලත් ගෙනල්ලා?? (නි)
මිහිතලය උහුලන්නේ නැති අපරාධ (නි)
කවුද මේවට වග කියන්නේ ? (නි)
ආවට පස්සේ කලින් කරගෙන ගිය ව්‍යාපාර මතක් වෙයිද දන්නේ නැහැ නේද?නැත්නම් කොහොමද ඉතින් නවත්තපු තැනින් නැවත පටන් ගන්නේ? (නි)
මේ රටේ ජනතාව ගැන මට හරි දුකයි. (නි)
විහිලු කියන්නේ මෙන්න මේවාට තමයි (දී)
අනේ අමතක... මිනිසුනේ......??(ස)
මතක තිය ගනිල්ලා ප්‍රභාකරන් මේ රටට කරපු විනාසෙට වැඩ වැඩි දෙයක් ඔය ගොබිල කරනවා. ඉස්සරහට වෙන්නේ බෙල්ලේ වැල් දාගන්නයි.(නදී)
"ඇයි! මීට කලින් මාව දැකලා නැද්ද? යනවා මිනිහො වැඩක් බලාගෙන"...... (නි)
අපේ රට ගැන මෙහෙම කලකිරීමක් දන්නා කලෙකදී ඇති වුණේ නැහැ. රටකට ගිය කල! (නි)
මොනවා ලියන්නද කියල හිතුනා. (ස)
මොකක්ද ඒ සිද්ධිය අපිට මතක නෑ අනේ... (ස)
ඒ කියන්නේ මේ රටේ මිනිස්සු ආදරය කරන්නේ දුමින්ද වගේ අයටද? (නි)
අනේ ලංකාවේ නීතිය කොහිද? සියලු ජනතාව එකතුවනු! (නි)
මොනවා ලියන්නද කියලා මතක නැහැ. (නි)
අනේ මන්දා මේ මිනිස්සුන්ට අං ඇවිල්ලද? ඇත්තටම කලකිරෙනවා මේ මිනිස්සු ගැන. (නි)
මිනිස්සු ජිනීවා යනවා ඇර වෙන මොනව කරන්නද. කාට කියන්නද මේ අරුමය (නි)
මෙන්න ලංකාවේ නිතිය.(නු)
නිකමට හිතන්න මේ අහිංසක අපි මොන තරම් අසරණද කියලා, හිතේ තියෙන කේන්තිය වත් කියා ගන්න බැහැ(දී)
මෙහෙම රටකද අපි ජිවත් වෙන්නේ ...!!!(ස)
මගේ රට ගැන මට කණගාටුයි. (නි)
මට මුකුත් මතක නැහැනේ... (ස)
මතක නෑ. (ස)
මිනිස්සු පිරිලා ඉන්නේ හරියට ලෝකේ රජ්ජුරුවෝ බලන්න වගේ (නි)
මේවා දැක්කම ලේ රත් වෙනවා. මගේ මස් මටම කන්න හිතෙනවා .ආශ්චර්ය! (නි)
මොනවා කියන්නද? මේ මිනිස්සු මේ දේසපාලන ක්‍රමේ අනුමත කිරීමක් නෙමෙයිද මේ කරන්නේ. මිනිස්සුන්ට හොද නම් මට මොකෝ. මට නම් නවසිලන්තේ පුරවැසිබාවය තියනවා. (නි)
ඇවිද ගන්නවත් බැරුව අහි කියපු විදිහටනම් (දී)
නීතිය, භීතීය, අපට ප්‍රීතිය, එයාලට...?
මොනවා ලියන්නද මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)
අද එහෙනම් නවලොකෙත් ජාතික රෝහල වගේ ඇති. අද චැනල් ටිකක් පරක්කු වෙනවා. අනේ පව්. අපේ රණ වීරයාට ජය වේවා....කියන කට්ටියකුත් ඔය වටේ ඇති (නි)
මම හිතන්නේ රටේ ජනතාව පාරට බභින යුගය ඇවිත් කියලා. මගේත් සිමාව ඉක්මවලා ඉවරයි. (නි)