IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


දඩයමේ ගිය පොලීසියේ දෙන්නෙක්ට ගම්මු සලකලා

(කුෂාන් ජයවර්ධන සහ කාංචන කුමාර ආරියදාස)

සිවිල් පුද්ගලයකු හා එක්ව මුව දඩයමේ ගිය බව කියන පොලිස් සැරයන්වරුන් දෙදෙනකු හා තවත් පුද්ගලයකු ඝාතනය කරන ලද මුවකු ද සමඟ අල්ලා ගැනීමට මකුළුගස්වැව  හීනුග්ගල ප්‍රෙද්ශයේ තරුණ පිරිසක් කටයුතු කර ඇතැයි ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.

අල්ලාගත් සැකකරුවන් තිදෙනා හා ඔවුන් විසින් ඝාතනය කරන ලද බව කියන මුවා ගම්වාසීන් විසින් මකුළුගස්වැව පොලිස් ස්ථානයට  භාරදීමට කටයුතු කර තිබේ.

ගල්කිරියාගම වනසත්ව අඩවියට අයත් මකුළුගස්වැව හීනුග්ගල ප්‍රෙද්ශයේ කැලැවකදී මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා ඇතුලු සැකකරුවන් තිදෙනා එක්ව මුව දඩයම සිදුකර තිබූ බව පොලිසිය කියයි.

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් ද  සිද්ධිය සැලවීමත් සමග එම ස්ථානයට ගොස් විමර්ශණ සිදුකර තිබිණ.

මුව දඩයම සම්බන්ධයෙන් මෙලෙස පොලිස් භාරයට ඇති පොලිස් සැරයන්වරුන් දෙදෙනා මඩාටුගම හා ගිරානේගම පොලිස් ස්ථානවලට අනියුක්තව රාජකාරි කරනු ලබන අය බවත්  සැකකරුවන් විසින් වෙඩි තබා එම මුවා ඝාතනය කර ඇති බවත් වනජීවී නිලධාරීහු පවසති.

 

 



අදහස් (1)

දඩයමේ ගිය පොලීසියේ දෙන්නෙක්ට ගම්මු සලකලා

Pradeep Kumara Friday, 25 July 2025 12:01 PM

"වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම්ද ඒ අමාරුව" පොලිසියේ වැඩේත් කරන්න වෙලා තියෙන්නේ ගමේ කොල්ලන්ට...

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 92 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 332 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 61 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site