(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වි ගිය පුත්තලම දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කරමින් දින 53 කට පසු  නැවත පුත්තලම පාලවිය දක්වා දුම්රිය ධාවනයට හෙට (19 ) කටයුතු සුදානම්ව ඇති බව දුම්රීය දෙපාර්තුමේන්තුව පවසයි.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රටපුරා දුම්රිය මාර්ග රැසක් විනාශ වි තිබු අතර එම තත්වය මිගමුවේ සිට පුත්තලම දක්වා දුම්රිය මාර්ගයට දරුණු හානි සිදුව තිබුණි.

එයින් සිදුවු හානි හේතුවෙන් කුනාටුවෙන් මෙම දුම්රීය මාර්ගයේ හානි වු ස්ථාන ක්‍රමයෙන් සැකසිමට දුම්රිය දෙපාර්තුමේන්තුවේ නඩත්තු ඒකකයෙ කාර්ය මංඩලය විසින් අදාල කාර්ය මංඩලය හා යන්ත්‍ර සුත්‍ර යොදා ගනිමින් සැකසිම සිදුවු අතර ඒ අනුව මහවැව ප්‍රදේශයෙ දරුණු හානියකට ලක්වු ස්ථානය යළි  සැකසිමේන් පසු හලාවත දක්වා දුම්රිය ධාවනයට පසුගිය දින කටයුතු කර තිබුණි.