
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ දෙනගම යසන්ත ආරියසේන)
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය
මිය යන විට ඒ මහතා වයස අවුරුදු 62 කි,
ගාල්ල, මාතර, හම්බන්තොට හා වවුනියාව දිසාපති වශයෙන්ද, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් වශයෙන් සහ රජයේ විවිධ තනතුරු රැසක් දරා ඇති ඒ මහතා දෙදරු පියකි.
ඒ මහතා දින කීපයකට ඉහතදී බස්නාහිර ආණ්ඩුකාර තනතුරේ වැඩ බැලීමේ ද නිරත විය.
දේහය අද ජයරත්න මල්ශාලාවේ තැන්පත් කිරීමට නියමිත අතර හෙට ගාල්ල ආණ්ඩුකාර නිල නිවස වෙත රැගෙන යාමට නියමිතය.
ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති හා ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතක හැටියට නම් එතුමා රත්නපුර දිසාපති හැටියටත් හිටියා...
කවුරු වුණත් බුදු දහමට අනුව නම් තමන් ජීවත්ව ඉන්දැද්දී කරපු දේවල් අනුව තමයි මතු භවය තීරණය කරන්නේ. කෙසේ වෙතත් මම එතුමාට මම අදහන ආගම දහම අනුව අජරාමර නිවන් සුව අත්වේවා...
අපි පොඩිකාලේ පත්තරවල මෙයාගේ චිත්‍රකතා රසවින්දා. ඒ පිනෙන්ම ඔබතුමාට අජරාමර නිවන් සැප ලැබේවා.
එතුමාට නිවන් සුව..., මිය යන්නේ රජයේ රෝහලේ... ඒ කාලේ පුද්ගලික රෝහලක නැත්නම් රට රෝහලක, බිල ගෙවන්නේ ජනපති අරමුදලෙන්...
රාජ්‍ය සේවයේ මා දුටු පතෝල චරිත අතර කෙනෙක්...
චිත්රශිල්පි බන්දුල හරිස්චන්ද්‍ර මහතා වෙන කෙනෙක්. එතුමා ගැන මේ ලින්ක් එකෙන් තියෙන ලිපියේ සඳහන් වෙනවා. එතුමා දැන් වයස 85ක් විතර කෙනෙක්. දෙන්නටම එකම නම තියෙන නිසා පැටලෙනවා.