(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ෂාල්ක් මහතා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1994 දී ආරම්භ කළ බවත්, වෙළඳ, සංචාරක මෙන්ම පුරවැසි සබඳතා යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම සාකච්ඡාව අතරතුරදී කථානායකවරයා එහිදී අවධාරණය කළේය.
දකුණු අප්‍රිකාවේ සංහිඳියා යාන්ත්‍රණය සාමයේ වැදගත්කම පිළිබඳව ලෝකයට ප්‍රමුඛ පණිවිඩයක් ලබා දෙන බව සඳහන් කළ කථානායකවරයා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම පිළිබඳව දකුණු අප්‍රිකානු රජයට කෘතඥතාවද පළ කළේය.
දකුණු අප්‍රිකානු රජයේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ප්‍රයත්නයන් පිළිබඳව මහ කොමසාරිස්වරයා මෙහිදී පැහැදිලි කළ අතර, එමඟින් සංහිඳියා යාන්ත්‍රණයන් ඉදිරියට ගෙන යන අතරම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමද අරමුණු කොට ඇති බවද සඳහන් කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දකුණු අප්‍රිකා මහ කොමසාරිස් කථානායක හමුවෙයි