IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


ද:ආසියාවේ ලොකුම ටැම්පිට වෙහෙරට ආරක්ෂිත වහලක්

(අංජුල මහික වීරරත්න)

බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ ටැම්පිට විහාරය ආරක්ෂා කිරීමේ කටයුතු සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

බිංගිරිය දේවගිරි රජමහා විහාරය අනුරාධපුර රාජධානි සමයේ ස්ථාපිත කරන ලද විහාරයකි. එම යුගයට පසුව ඉදි කෙරුණු බවට සැලකෙන දැව කණු සහිත ආවාස ගෙයක් සහ මහනුවර රාජධානි යුගයෙහි දී ඉදි වූ දකුණු ආසියාවේ විශාලතම ටැම්පිට විහාරය, ස්ථූපයක්, බෝධි ප්‍රාකාරයක් හා බ්‍රිතාන්‍ය යුගයට අයත් සණ්ඨාර කුලුනක් මෙම විහාර භූමියෙහි පිහිටා ඇත.

කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහය යටතේ ඉදි කරන ලද බවට සැලකෙන මෙම ටැම්පිට විහාරය උසින් අඩි 6 ක් වූ ගල් කණු 24 ක් මත දිග අඩි 40කින් හා පළල අඩි 24කින් යුතුව නිර්මාණය කර තිබේ. 

මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට ආවේණික වූ දැව මුට්ටු, පැරණි බිතුසිතුවම හා ප්‍රතිමා ද එම විහාරයේ දක්නට ලැබේ. කෙසේ වුව ද, විහාරයේ බාල්ක බොහොමයක් පාරිසරික හේතූන් හා ජීවී ක්‍රියාකාරකම් හේතුවෙන් දිරාපත් වී ඇති බව නිරීක්ෂණය වී ඇති අතර, මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම විහාරයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ. දේවගිරි රජමහා විහාරයේ ටැම්පිට විහාරයේ සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය ක්‍රම වේදයක් යෝජනා කිරීමට පත් කරන ලද විද්වත් කමිටුව විසින් ටැම්පිට විහාරය සංරක්ෂණය කිරීම උදෙසා ආරක්ෂක වහලයක් ඉදිකිරීම සුදුසු බවට යෝජනා කරනු ලැබ ඇත.

ඒ අනුව, මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ලබා දෙනු ලබන ප්‍රතිපාදන භාවිත කරමින් ටැම්පිට විහාරයේ යෝජිත ආරක්ෂිත වහලය රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව මඟින් ඉදි කරවා ගැනීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

ද:ආසියාවේ ලොකුම ටැම්පිට වෙහෙරට ආරක්ෂිත වහලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14418 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 417 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 252 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site