IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


තෙත වීවලට අවම මිලක්

(යොහාන් භාසුර)

ගොවීන්ට යළ කන්නයේ වී අළෙවි කිරීමේදී තෙත වී අළෙවි කිරීම අවස්ථාව දෙමින් තෙත් වීවලට අවම මිලක් නියම කළ බවත් ඒ අනුව තෙත නාඩු වී කිලෝවක් රුපියල් 102 කට, තෙත සම්බා වී කිලෝවක් රුපියල් 105 කට සහ තෙත කීරි සම්බා වී කිලෝවක් රුපියල් 112 කට මිලදීගත හැකි බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (30) පැවසීය.

වී මෝල්හිමියන් සමඟ බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යංශයේදී අද (30) පැවැති සාකච්ඡාවකින් පසුව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා එසේ පැවසීය.  

තෙත වී වී අළෙවි කරන විට මෙම අවම මිලට වඩා අඩු මිලට වී අළෙවි නොකරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවත් එම මිලට වඩා වැඩි මිලකට ඕනෑම කෙනෙකුට වී මිලදීගත හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

යළ කන්නයේ ගොයම් කැපීම තැනින් තැන ආරම්භ වෙමින් ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යංශය වියළි වී මිල 120, 125 සහ 132 ආදි වශයෙන් පිළිවෙළින් නාඩු, සම්බා සහ කීරි සම්බා වීවලට නියම කර ඇති බවත් කරුණාරත්න මහතා පැවසීය.

නාඩු වී කිලෝවක් රුපියල් 120 කට මිලදී ගත් පසු නාඩු සහල් කිලෝවක් රුපියල් 230 කට අළෙවි කළ යුතු බව ද නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (0)

තෙත වීවලට අවම මිලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site