(රෝෂන් තුෂාර)
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව ගමන්ගත් මෝටර් රථයකට වෙඩි තැබීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවකු පැය 48ක් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා අද (12) අවසර ලබා දුන්නේය.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ආදී එකලනයට ඉදිරිපත් කළ අවිශ්ක නමැති සැකකරුවකු මෙසේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබූ ඡංගම දුරකථන 13 විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබෙන බවය.
මෙම සිද්ධියට අදාළ තවත් සැකකරුවන් දෙදෙනෙක් වන ජෑම් ජෙසුවා සහ හරිස්චන්ද්‍ර නැමැති සැකකරුවන් දෙදෙනා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවද පැවසීය.
එම සැකකරුවන් දෙදෙනා මෙම විමර්ශනයේ අටවෙනි හා නව වැනි සැකකරුවන් ලෙස නම් කරන බවද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
ප්‍රධාන සැකකරු වන වෙඩික්කරු විසින් නව වන සැකකරු වන හරිස්චන්ද්‍ර නමැත්ත්තාට ලබාදී තිබූ පාර්සලයක තිබී එහි T 56 ගිනි අවියක්, උණ්ඩ හයක්, ගංජා හා අයිස් මත්ද්‍රව්‍ය හා රත්තරන් තොගයක් සොයා ගත් බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.
සිද්ධියට සම්බන්ධ හයවන සැකකරු වන රුවන් පුෂ්ප කුමාර නමැත්තා සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන වෙඩික්කරු සමග යතුරු පැදියේ ගමන් ගත් බවට විමර්ශන වලින් අනාවරණය වී ඇති බවද පැවසීය.
කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරූපය 48ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
තුසිත හල්ලොලුවට වෙඩි තැබූ තවත් අයෙක් රඳවා ප්‍රශ්න කරන්න අවසර
සෙනෙවිරත්න Friday, 13 June 2025 11:16 AM
මේ යකා රට පටලවල වගේ
රුවන් Friday, 13 June 2025 01:56 PM
ඔස්කාර් සම්මාන උළෙලට නිර්දේශ කරන්න බැරි තාත්වික නොවන කතාවක් බැවින් මොහුව එල්ලුම්ගහට නියම කළ යුතුය. අධ්‍යක්ෂණය රනිල් ද දන්නේ නෑ.