
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සිව් වසරක් පෙම් කළ තරුණයා එක්දරු පියකු බව දැනගත් විශ්ව විද්‍යාල සිසුවිය පෙම් සබඳතාවය නතර කිරීමත් සමගම එයට උරණව තරුණියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරී එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තේගොඩ කුඩාමාදුව පාර සිසිල් සෙවණ උද්‍යානයේ පදිංචි එක්දරුපියකි.
එම සැකකරු සමග පැමිණිලිකාර තරුණියගේ සහ වෙනත් කාන්තාවගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය දර්ශන රැසක් ඇතුළත් ජංගම දුරකථය සහ ලැප්ටෝෆ් වර්ගයේ පරිගණකයද පොලිස් භාරයට ගෙන ඇත.
දකුණු පළාතේ පදිංචි 26 හැවිරිදි පැමිණිලිකාරිය 2022 වසරේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා හෝමාගම ප්‍රදේශයේ පුද්ගලික විශ්ව විද්‍යාලයක් සඳහා ඇතුළත් වී ඇති අතර එම විශ්ව විද්‍යාලයේම අධ්‍යාපනය ලබමින් සිටින අතරතුර සැකකරුද හඳුනාගෙන පසුව ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තිබූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ කාලකන්නි ඉන්න රටක් මේක අවුරුදු 4ක් ප්‍රේමකරලා, ඉස්සෙල්ලාම ප්‍රේමය මොකද්ද කියලා ඉගෙන ගන්න...
හුගාක් ගැණු ළමයින්ට අද නියම ආදර වන්තයා අඳුර ගන්න බැහැ .. එයාලා කොච්චර උගත් උනත්.. රූපට, සල්ලි වලට රැවටෙනවා.. ඉන් පස්සේ රටේම නම ගිය වනචරයන්ට අහු වෙනවා. ඒ වගේම අද ඉන්නේ හුගාක් කාලකන්නි පිරිමි. මුන්ට පිරිමි කියන්න බෑ.. මුණ නපුන්සක සුනකයෝ.
මටත් "ලැප්ටොප් " වර්ගයේ පරිගණකයක් ගන්න ඕන.
වල් ගෑනුන්ට ඔහොම වෙලා මදි...!
මොකටද නිරුවත් වෙන්න යන්නේ... ඒ නැතත් පින්තූර ගන්නත් දීලා ... කැම්පස් නෙවේ, හෝඩියේ ඉඳලා ඉගෙන ගන්න... තව සැරයක්...
ඒක තමයි අපි කියන්නේ. ප්‍රේමයයි, වල්කමයි පටලවා ගත්තාම ඕක තමයි වෙන්නේ...!