IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


තරුණ රජ්‍ය නිලධාරී මානව සම්පත් සංවර්ධනට ජපානයෙන් ශිෂ්‍යත්ව

(විමුක්ති එස් රුද්‍රිගු)

පශ්චාත් උපාධි වැඩසටහන් සඳහා අවස්ථා ලබා දීම මගින් මෙරට විධායක මට්ටමේ තරුණ රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා ජපන් ප්‍රදාන ආධාර වැඩසටහන මෙම වසරේද ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා මෙම වසරේ ජපානය රුපියල් මිලියන 687 ක පමණ මුදලක් වෙන්කර තිබෙන බවත් බවත් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ජපාන රජය වැඩසටහන සඳහා අරමුදල් සපයන බවත් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් මුදල් අමාත්‍යාංශය පැවැසුවේය. 2010 සිට 2025 වසර දක්වා රාමු 4 ක් යටතේ එම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවත් මේ වනවිට වැඩසටහන යටතේ ශාස්ත්‍රපති උපාධි වැඩසටහන් සඳහා අවස්ථා 240 ක් සහ ආචාර්ය උපාධි වැඩසටහන් සඳහා අවස්ථා 16 ක් ලබාදී තිබෙන බවද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මෙම වසරේ වැඩසටහන සඳහා ඊයේ(24) ශ්‍රී ලංකා රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය ප්‍රදාන ගිවිසුමකට අත්සන් තැබූ බවත් එය නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික පත්‍ර දෙකක් දෙරටේ රජයන් අතර හුවමාරු වූ බවත් මුදල් අමාත්‍යාංශය පැවැසුවේය.

 



අදහස් (1)

තරුණ රජ්‍ය නිලධාරී මානව සම්පත් සංවර්ධනට ජපානයෙන් ශිෂ්‍යත්ව

PGPTHILAK Friday, 25 July 2025 09:21 AM

ඕවා බොරු වැඩ! හොරුන්ට ඉක්මනින් දඩුවම් දෙන යාන්ත්‍රණයක් නැතිව වෘත්තීය සමිති මාපියාවල්වල චන්ඩි පාට්වලට බයවෙලා බලයේ රැඳී සිටින ආණ්ඩු සිටින තුරැ හොරු වැඩි වෙනවා මිස වෙන කිසිවක් නොවේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 85 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 314 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 57 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site