‘තොරතුරු ලබා දිය නොහැකි අවස්ථා ගැන තොරතුරු දැනගැනීමේ පනතේ වගන්ති කිහිපයක් සඳහන් වෙනවා. එම වගන්තිවල කුමක් සඳහන් වුවත් මහජන යහපත සඳහා වන තොරතුරක් නම් කුමන සීමා කිරීම් තිබුණත් ලබා දිය හැකියි. ඒ කියන්නේ ලබා දීම සීමා කර ඇති තොරතුරු වුවත් මහජන යහපත සඳහා නම් ලබා දිය යුතුයි. පනතේ ඒ බව සඳහන් වෙනවා. ජනමාධ්‍යයටත්, පුරවැසියන්ටත් එයින් උපරිම ප්‍රයෝජන ගත හැකියි.‘ යැයි තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ එස් ජී පුංචිහේවා මහතා පැවසීය.
‘තොරතුරු දෙන්න තවම බයද?‘ මැයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ දී පැවැත්වූ විවෘත සංවාදයක් අමතමින් පුංචිහේවා මහතා එලෙස කීවේය. කොළඹ මාහානාම ගුරුවරිය සම්බන්ධයෙන් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ වැදගත්කම සහ තොරතුරු දැන ගැනීමේ පනත සම්බන්ධයෙන් එම සංවාදය පැවැත්විණි.
ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවෙන් ජයග්‍රහණය කළ කොළඹ මහානාම විද්‍යාලයයේ ගුරුවරිය තමන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම් ගැනත් එම අත්දැකීම්වලින් රාජ්‍ය සේවකයන්ට උගත හැකි පාඩම් ගැනත් කරුණු දැක්වීය.
මෙම සංවාදයේ දී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතීඥ එස් ජී පුංචිහේවා මහතා මෙසේ ද කීවේය.
‘ජනමාධ්‍යවේදීන්ට නඩු දැමිය හැකි අවස්ථා දෙකක් තිබුණා. දණ්ඩනීති සංග්‍රහයේ නීතියක් තිබුණා. එය 2001දී පමණ ඉවත් කළා. මාධ්‍යයේ යම් දෙයක් පළ වුණාම අපහාසයක් වුණා කියා නඩු දාන්න නීතිපතිට බාර දෙනවා. රජයේ වියදමින් නීතිපති තමයි නඩු දාන්නේ. දැන් ඒ නීතිය නෑ. දැන් තිබෙන්නේ වන්දි ඉල්ලා සිවිල් නඩු දානවා. පුද්ගලයෙක් වශයෙන් තමන්ට අපහාස වූ බව කියමින් නඩු දමනවා. කීර්තියක් කියා නමට තිබුණත් එය නීතිය බාර ගන්නවා. ඒ අනුව මාධ්‍යවේදීන්ට නඩු දානවා. ඉන් බේරෙන්න තිබෙන දේ තමයි මහජන යහපත සදහා එය හෙළි කළාය කියන කරුණ. දූෂණ කළා, වංචා කළා යැයි හෙළි කළ අවස්ථාවක ඔහු නඩු දානවා නම් අදාළ පුද්ගලයා ඔප්පු කළ යුතුයි තමා එවැනි වංචාවක් නොකළ බව.
තමන්ගේ ආයතනයේ තොරතුරු ආයතනයේ අවසරයක් නැතිව පිටට දෙන්න බැහැ කියා ආයතන සංග්‍රහයේ තිබෙනවා. තොරතුරු පිට කිරීම වැරදි බව ආයතන සංග්‍රහයේ තිබෙනවා. ආයතනයේ පුද්ගලයන්ගේ වැරදි ආයතනික වැරදි ලෙස හෙළිදරව් කරන්න බැහැ කියා සංස්කෘතියක් හැදිලා තියෙනවා.
නිල රාජ්‍ය රහස් පනත සියලු දෙපාර්තමේන්තුවලට අදාලයි කියා මතයත් තිබෙනවා. එය අදාළ වෙන්නේ ත්‍රිවිධ හමුදාවලට සහ පොලිසියේ අපරාධ අංශවලට පමණයි. හමුදාමය කටයුතු සම්බන්ධ තොරතුරු පමණයි එයින් දෙන්න බැරි. හමුදා කණ්ඩායමක බාහිර දූෂණ සිදුවුනොත් ඒවා හමුදාවේ දේවල් විදියට සලකන සංස්කෘතියක් තිබුණා. ඒ පමණක් නොවෙයි අනෙක් සියලුම දෙපාර්තමේන්තු මෙය අනුගමනය කළා. නිල රාජ්‍ය රහස් පනතේ නීති මේකට අදාළ නෑ. නමුත් භාවිතයෙන් පාවිච්චි කරනවා. ඊට ලොකුම ගැම්මක් කර ගත්තේ ආයන සංග්‍රහයේ වගන්ති. ඒ නිසා නිලධාරීන් තොරතුරු දෙන්නේ නෑ. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මූලික අයිතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් තිබෙනවා. මේ නඩු තීන්දුවෙන් අපූරු දෙයක් වෙලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිති උල්ලංඝනය කරන්න ආයතන සංග්‍රහයේ මේ නීතියට පුළුවන් කමක් නෑ. ඒ බව මේ නඩු තීන්දුවේ විනිසුරුවරයා සඳහන් කර තිබෙනවා. තමන්ගේ දුක්ගැනවිල්ලක් මාධ්‍යයට කියන්න බාධාවක් නෑ. මේ නඩුවේ විත්ති වාචක ලෙස විත්තිකරුවන් පාවිච්චි කළේ ආයතන සංග්‍රහේ ඇති මාධ්‍යයට තොරතුරු දීම පිළිබඳ වගන්ති. මෙවැනි දෙයක් විත්ති වාචකයක් ලෙස කියන්න හේතු වී තිබෙන්නේම ගුරුවරියට ඇය කියන ප්‍රශ්න සිදුවීම බව විනිසුරු සඳහන් කර තිබෙනවා. මේ දැනුම රජයේ සේවකයන් අතරට ගෙන යා යුතුයි. ‘
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා මෙසේ ද කීවේය.
‘මහානාම ගුරුවරිය තමන්ගේ අසාධාරණයට විරුද්ධව අධිකරණයට ගියාට ඇය කළේ මහා සමාජ පෙරළියක්. ඇගේ නඩු තීන්දුව රජයේ සේවකයන්ගේ කතා බහට ලක් වී තිබෙනවා. හඬක් නැති රාජ්‍ය සේවකයන්ට මෙය ලොකු හයියක් වෙලා තිබෙනවා.
ජනමාධ්‍යයේ කාර්ය භාරය ගැන පසුගිය කාලයේ කතා බහක් ඇති වුණා. මේ ගුරුවරිය කිව්වා ඇයට මාධ්‍යයෙන් ලැබුණු සහයෝගය ගැන. ඇය කිව්වා ඇයට උදව් කළ ලංකාදීපය ගැන හා සිරස ගැන. ඇත්තමට මේ තමයි මාධ්‍යයේ කාර්ය භාරය. මාධ්‍යයට දැඩි පීඩන ආ කාලයක වුණත් මාධ්‍ය මේ සටන ගෙනිච්චා. මාධ්‍යයේ කාර්යයක් තමයි හඬක් නැති අයට හඬක් සැපයීම. මේ ගුරුවරියගේ ප්‍රශ්නය සමාජයට ගෙන ගිය මාධ්‍ය ආයතනවලට මා ස්තුතිවන්ත වෙනවා.
මේ නඩු තීන්දුව හරහා අධිකරණයේ ස්වාධීනත්වය ගැන තව දුරටත් තහවුරු වෙනවා. මේ නඩු තීන්දුව කියද්දි ආඩම්බරයක් ඇති වෙනවා. මහානාමයේ ගුරුවරිය අපි සියලු දෙනාට පාඩමක් උගන්වා තිබෙනවා. පනතකට එහා ගිය අයිතියක් මේ නඩු තීන්දුවෙන් ලැබී තිබෙනවා. ‘‘ යැයි ද කලංසූරිය මහතා කීවේය.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරියේ කැඳවුම්කරු සීතා රංජනී, හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සහ ලංකා ගුරු සංගමයේ හිටපු ලේකම් හා ජන සංසදයේ සාමාජික චිත්‍රල් පෙරේරා මහතා ද අදහස් දැක්වූහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘තොරතුරු දෙන්න බය වෙන්න එපා‘
චන්ද්‍රසේන ගමගේ Wednesday, 05 October 2016 03:55 PM
ආයතන සංග්‍රහයේ මාධ්‍ය සම්බන්ධයෙන් වූ වගන්ති රාජ්‍ය සේවකයන් තමන් ගේ දූෂණ හා අකාරක්ෂ්‍යම තාවයන් වසා ගැනීම සදහා පාවිච්චි කළා. (බ)