
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලාංකේය තරුණයා ගොඩනැගීම වෙනුවෙන් සියලු කැපවීම් සිදු කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසීය.
විෂ මත්ද්‍රව්‍යය උවදුරෙන් තරුණ පරම්පරාව මුදා ගැනීමටත්, විෂ මත්ද්‍රව්‍යයට ගොදුරු වීමෙන් ඔවුන් ආරක්ෂා කරගැනීමටත් මැදිහත් වෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
උතුරේ තරුණයන්ට දකුණට නෑගම් එන ලෙස ද නියෝජ්‍ය අමාත්‍යවරයා ආරාධනා කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ යාපනයේ මේ දිනවල පැවැත්වෙන Youth Link Sri Lanka වැඩසටහනේ තෙවන දිනය වූ අද (09ද) පැවති වැඩසටහන් දෙකක් සඳහා සම්බන්ධ වෙමිනි.
ඩෙල්ෆ් දූපතේ පැවති ක්‍රීඩා වැඩසටහනට සහ කරෙයිනගර්වල පැවති වැඩසටහනක් සමඟ සම්බන්ධ වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන Youth Link Sri Lanka වැඩසටහනේ සමාරම්භක උත්සවය 7 වැනිදා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ දී පැවැත් විය. මෙම වැඩසටහන නොවැම්බර් 7 වෙනිදා සිට 12 වැනිදා දක්වා යාපනයේ ස්ථාන 5කදී ක්‍රියාත්මක වේ. මෙහිදී දකුණේ දිස්ත්‍රික්ක 5ක තරුණ තරුණියන් උතුරු පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක නවාතැන් ගෙන එහි සංස්කෘතික අත්දැකීම් ලබාගැනීමට නියමිතය.
මෙම අවස්ථාවට තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න, උතුරු පළාත් තරුණ සේවා අධ්‍යක්ෂ ගාමිණි චන්ද්‍රසේකර මහත්වරු ඇතුළු තරුණ සේවා නිලධාරීහු එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු පියා තරුණයන්ට ගෙනැල්ල දෙනවයි කියපු ජපන් මෝටර් සයිකල් වලට ගහන බදු අඩුකරලා දෙන්න බැරිද?