
(මනෝප්රිය ගුණසේකර)
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරඟ පාවාදීම සඳහා ක්‍රීඩකයන්ට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ සම හිමිකාරීත්වය දැරූ බංග්ලාදේශ ජාතික ව්‍යාපාරිකයාට රුපියල් කෝටි 2 1/2ක දඩයක් කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ රණතුංග මහතා අද නියම කළේය.
විත්තිකරුට නියම කළ රුපියල් කෝටි 2 1/2කට ආසන්න දඩ මුදල නොගෙවුවහොත් වසරක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා ඊට අමතරව වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 05ක කාලයක් දක්වා අත්හිටුවීමටද නියම කළේය.
ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුට එරෙහිව නඟා තිබූ චෝදනා දෙකකට වරද පිළිගත් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ සම හිමිකාරීත්වය දැරූ බ්‍රිතාන්‍ය පුරවරසිභාවය හිමි බංග්ලාදේශ ජාතික ව්‍යාපාරික තමීම් රහ්මාන් මහතාට මෙලෙස දඬුවම් නියම කෙරිණී.
2024 වසරේ අපේ‍්‍රල් 19 වැනිදාත් 30 වැනිදාත් අතර කාලසීමාව තුළ දඹුල්ලේදී මුජිබර් උර් රෙහෙමාන්, බිලාල් හුසේන්, ඉක්බාල් ජාවේඞ් සහ පැමිණිල්ලේ නම නොදත් තවත් අය සමඟ එක්ව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලය වෙනස් කිරීම සඳහා හෝ තමන්ට වාසිදායක වන අන්දමට ප්‍රතිඵල ලබා ගැනීම වෙනුවෙන් දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ අධ්යක්ෂවරයා වූ චන්දිම සශ්‍රීක පිරීස් පුස්සෙගොඩ නැමැත්තාට ‘තමාට නම්මා ගත හැකි ක්‍රීඩකයන් සොයා බලන්න’ යනුවෙන් උපදෙස් දීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd