IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තඹුත්තේගම උල්කාපාතයෙත් පොසිල ජිවීයෝ ?

අනුරාධපුර තඹුත්තේගම ඉකිරිවැව වෙල්යායට ගිය වර්ෂයේ 2013 දෙසැම්බර 08 දා වැටුණු උල්කා කැබලි වලින් විශ්වීය ජීව සාධක රැසක් සොයා ගෙන ඇති බව එංගලන්තයේ බකිංහැම් විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යා අධ්‍යන අංශයේ අධ්‍යක්‍ෂ මහාචාරය චන්ද්‍රා වික‍්‍රමසිංහ ස්කයිප් ඔස්සේ පැවසීය.

එහි තොරතුරු ලොව ප‍්‍රකට තාරකා ජීවී විද්‍යා සඟරාවක් වන ඇමරිකාවෙහි  ජර්නල් ඔෆ් කොමෝලොජි සගරාවෙහි පෙබරවාරී කලාපයේ පළවී ඇති බව හෙතෙම සදහන් කළේය.

මෙහි මූලික පරීක්‍ෂණ වෛද්‍ය පරීක්‍ෂණ තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න විසින් කැරුණු අතර උල්කා කොටස්හි අභ්‍යන්තර ව්‍යූහ පිළිබද ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂ පරීක්ෂණ ශ‍්‍රී ලංකා නැනෝ තාක්‍ෂණ ආයතනයේ විද්‍යාඥ ඒ ඩී එම් දමයන්ති විසින් කැරිණි.

එහිදී කරුණු රැසක් ලොවට හෙළිදරව් වූ බව එම සඟරාවෙහි දැක්වේ.

මෙමගින් උල්කා කොටස්හි අභ්‍යන්තර ව්‍යූහයන් හි මතුපිට ස්භාවය පෙනෙන ආකාරයෙන් අධි තාක්‍ෂණික ක‍්‍රම භාවිතයෙන් පරමාණූ අංශවල දත්ත ලබා ගැනීමට විද්‍යාඥයෝ සමත් වුහ.

මෙම ඡායා රූප මගින් ප‍්‍රාග් කේන්ද්‍රීය යුගයෙහි  එනම් මීට වසර මිලියන 1400 ත් 3200ත් අතර කාලයේ පොසිලවල සිටි විශේෂ ක්ෂුද්‍ර ජීවීන්

මෙම උල්කා කැබලි හි සිටිබව වෛද්‍ය පරීක්‍ෂණ තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න මහතා පැවැසීය

මෙම උල්කා කැබලි වල හදුනානොගත් මූලද්‍රව්‍ය  තිබීමද විශ්මය ජනක කාර්යයක් බව ඔහු පවසයි .

පොළොවේ සිට අඩි 30 000 ක් 41 000 ක් උඩට යැවූ බැලූනයකින් 2013 ජූලි මායේදී එංගලන්ත මහාචාර්යය මිල්ටන් චේන් රයිට් විසින් පරීක්‍ෂා කළ අභ්‍යවකාශ සිට වැටෙන උල්කා වල දුවිලි අංශු වල පරමාණූ අංශු ඡායාරූප ද අනුරාධපුර තඹුත්තේගම ඉකිරිවැව වෙල්යායට ගිය වර්ශයේ  2013 දෙසැම්බර් 08 දා වැටුණු උල්කා කැබලි හි පරමාණූ අංශු ඡායාරූප ද එක සමාන බව එම  සඟරාවෙහි ද පළවී තිබේ.

1969 ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් මර්චිසන් නගරයට වැටුණු උල්කා කොටස් හි පරමාණූ අංශු හි ඡායාරූප ද මීට සමාන වීම අදහාගත නොහැකි බවත් 2013 දෙසැම්බර් මස පෘතුවියට වැටුණු  ටොරිඩ් නම් උල්කා වර්ෂාවෙහි කැබලි තඹුත්තේගම ඉකිරිවැව වෙල්යායට වැටී අති බවත් ශී‍්‍ර ලංකාව සමකයට ආසන්න රටක් වීම හේතුවෙන් මෙලෙස ග‍්‍රහ වස්තු කොටස් කඩා වැටීම මගින් ලොව පුරා විද්‍යාඥයින් ශී‍්‍ර ලංකාව ට  ඇලූම්කරන බවත් මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ මහතා පැවැසීය .

මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ මහතා හා වෛද්‍ය පරීක්‍ෂණ තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූ අවස්ථාවේදී

ශ‍්‍රී ලංකාව වීශ්වීය ජීවිය පිළිබද ලොව සුවිශේෂි රටක් බවත් ශ්‍රී ලංකාවේ තාරකා ජීව විද්‍යාව පිළිබද පරීක්‍ෂණ කටයුතු සිදුකිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට කඩිනමින් ක‍්‍රියා කිරීමට එකඟ වූ බවත් කියා ඇත.

 ජනාධිපති මේ පිළිබද දැඩි කැමැත්තක් දැක්වීම අගය කළයුතු බව මහාචාර්ය වික‍්‍රමසිංහ මහතා පැවසීය. මේ පිළිබද වැඩිදුර තොරතුරු වෛද්‍ය පරීක්‍ෂණ තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න මහතාගෙන් 071 811 27 86 විමසිය හැකි බව හෙතෙම සදහන් කළේය.

 

( මහාචාර්ය වික‍්‍රමසිංහ මහතා තඹුත්තේගමින් සොයා ගත් උල්කාපාත කැබැලි බකින්හැම් සරසවියේ විද්‍යාගාරයේදී පිරික්සන අයුරු)

 

 

 

 

 

 

 



අදහස් (0)

තඹුත්තේගම උල්කාපාතයෙත් පොසිල ජිවීයෝ ?

නිලූ Monday, 10 February 2014 02:02 PM

මම හිතන්නේ ඕවා පිට සක්වල ජීවීන්ගේ මළපහ වෙන්න ඇති. (දී)

:       0       0

චමින්ද ජයනාත් Monday, 10 February 2014 12:50 AM

ඇයි අපේ රටේ කට්ටිය කිව්ව නේද මේව අකුණක් ගහපු ඒවලින් නිර්මාණය වූ පාංශු කොටස් කියල. ගම්මු පවා කිව්ව මේව අහසින් වැටුණ ඒව කියල. බලාපුහම අබේ රටේ සමහර විද්‍යාඥයන්ට ගමේ මුනුස්සයෙකුට තරම්වත් මොලයක් නෑනෙ. (අ)

:       0       0

දසනායක Monday, 10 February 2014 08:29 AM

බලාපුහම අපේ රටේ සමහර විද්‍යාඥයන්ට ගමේ මුනුස්සයෙකුට තරම්වත් මොලයක් නෑනෙ. (දී)

:       0       0

පෙරේරා Monday, 10 February 2014 09:52 AM

හෙට අනිද්දා වෙනකොට ඔය පිටසක්වල පොසිල ජීවියොත් ලංකාවේ ඡන්දෙ ඉල්ලවිද දන්නේ නැහැ නේද?(දිල්)

:       0       0

මදු ..ප්‍රන්සය Sunday, 09 February 2014 02:54 PM

අර ගොවි මහත්මයට කුඹුරක් දුන්නද ? (දී)

:       0       0

විද්‍යා Sunday, 09 February 2014 03:28 PM

අසුචි වල අනිවාර්යෙන්ම පොසිල ජීවීන් ඉන්නවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site