
(අංජුල මහික වීරරත්න)
බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්තිය අනුව, ප්‍රවාහන මාධ්‍ය අතර අන්තර් සම්බන්ධීකරණය තුළින් Transit Cities සහ එම Transit Cities හි සිට ප්‍රධාන නගර වෙත කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පහසුකම් සහිතව බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, බස් රථ, දුම්රිය, කුළී රථ සේවා වැනි ප්‍රවාහන මාධ්‍ය අන්තර් සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමේ අරමුණ සහිතව දිවයිනේ වැඩිම මගී සංසරණයක් සිදු වන බවට හඳුනාගෙන ඇති බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථාන ඒකාබද්ධ කරමින් විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට යටත්ව, ප්‍රමුඛ පදනම මත පහත සඳහන් බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.
*මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ලෝක බැංකු මූල්‍ය කරණය යටතේ දැනට ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත).
*අනුරාධපුර (දක්ෂිණ) බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නිම කිරීමට ආසන්න ව ඇත).
*අනුරාධපුර (උතුර) බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ශක්‍යතා අධ්‍යයන සිදු කර මූලික කටයුතු අවසන් කර ඇත).
*කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (කොළඹ සහ කදාසන්න ප්‍රදේශ වල නාගරික ප්‍රවාහනය සම්බන්ධයෙන් සකස් කරනු ලැබ ඇති ComTrans Master Plan මඟින් යෝජනා කර ඇත).
*මොරටුව බහු වීධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ComTrans Master Plan මඟින් යෝජනා කර ඇත).
* රාගම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ජපාන ජාක්‍යන්තර සහයෝගිතා ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයනයක් මඟින් හඳුනා ගෙන ඇත).
* අවිස්සාවේල්ල, ගාල්ල, කටුනායක, කුරුණෑගල බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථාන (නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික සැලසුම් අනුව හඳුනාගෙන ඇත).
*ගම්පහ බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානය (නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික සැලසුම් අනුව සහ කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ දුම්රිය විද්‍යුත්කරණය යටතේ හඳුනාගෙන ඇත).
* කටුනායක බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ගුවන් කොටු පොළ සංවර්ධන සැලැස්ම යටතේ හඳුනා ගෙන ඇත).
* කළුතර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ යෝජනාවක් පරිදි හඳුනාගෙන ඇත).
* කන්කසන්තුරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික සැලැස්ම යටතේ හඳුනා ගෙන ඇත).
2025 දෙසැම්බර් මස 04
277
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
408
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තැන් 12කට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන
de silva Tuesday, 11 November 2025 03:25 PM
මේක හොඳ අදහසක් , මෙම මධ්‍යස්ථානවල සිට පැය 24 ආවරණ වන පරිදි බස් සේවයක් හදුන්වා දෙන්න පුලුවන්නම් දිවාකාලයේ තිබෙන වහන් තදබදය අඩුවෙලා ප්‍රවාහනය කාර්යක්ෂම වෙනවා. මේවා හැදුවට වැඩක් නැහැ සවස 6 පස්සේ බස් නැති නම් , කරුණාකර වහාම රාත්‍රි 10 පමණ වනතෙක් අධිවේගී මාර්ගයේ අම්බලන්ගොඩ , තංගල්ල බස් නැවතුම් වල සිට කොළඹට සහ කොළඹ සිට පිටතට කාලසටහනක් හදා බස් ධාවනය කරන්න කටයුතු කරන්න , රාත්‍රියට බස් නැතිව මේවා හදල තේරුමක් නැහැ.
Bunny Preena Wednesday, 12 November 2025 09:42 AM
මගී ප්‍රවාහනය සේවයක් හැටියට කෙරුවේ ලංගමය විතරයි