IMG-LOGO

ණයවර ලිපි ගැටළුවකින් වාහන 500ක් වරායේ හිර වේ

(විමුක්ති එස් රුද්‍රිගු)

තෙවැනි පාර්ශ්වයේ රටවල (ජපානය හා ශ්‍රි ලංකාව හැර)  බැංකු ණයවර ලිපි විවෘත කර ඇති ජපන් වාහන මුදා හැරීම පසුගිය මැයි 27 වැනිදා සිට රේගුව අත් හිටුවා ඇති බවත් ජපානයෙන් ගෙන්වූ වාහන 500 ක් පමණ මේ වනවිට රේගුව මුදා හැරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කොළඹ සහ හම්බන්තොට වරායන්හි සිරවී තිබෙන බවත් වාහන ආනයනකරුවෝ පවසති.

තෙවැනි පාර්ශ්වයේ රටක ණයවර ලිපි විවෘත කිරීම හේතුවෙන් කොළඹ වාරයේ සිරවී තිබෙන ටොයෝටා යාරිස් මෝටර් රථයකට ලක්ෂ 14 ක පමණ ප්‍රමාද ගාස්තුවක් එකතු වී තිබෙන බවත් හම්බන්තොට වාරයේ සිරවී සිටින එවැනිම මාදිලියේ මෝටර් රථයක් සඳහා ලක්ෂ 4 ක පමණ ප්‍රමාද ගාස්තුවක් මේ වනවිට එකතු වී තිබෙන බවත් වාහන ආනයනකරුවෝ ප්‍රකාශ කළහ.

තවත් එවැනිම ණයවර ලිපි විවෘත කළ වාහන මෙරටට පැමිණීමට තිබෙන බවත් ඉක්මනින් විසඳුමක් ලබා නොදුනහොත් වරායන්හි සිරවී ඇති වාහන ගණන 1000 පසු කරනු ඇති බවත් වාහන ආනයනකරුවෝ පැවැසූහ.

හම්බන්තොට වාරයේ සිරවී තිබෙන මෝටර් රථ සඳහා ගෙවනු ලබන ප්‍රමාද ගාස්තු මෙරට රජයට නොලැබෙන බවත් එම ගාස්තු ලැබෙන්නේ චීන රජයට බවත් ඔවුහූ සඳහන් කළහ. මෙම වාහන නිදහස් කරගන්නා දිනය වනවිට එකතු වී තිබෙන ප්‍රමාද ගාස්තු වාහන ආනයනය කිරීමේ පිරිවැයට එකතු වනු ඇති බවත් එම වාහනවල වෙළෙඳපොළ මිල ඉහළ යාමටද හේතුවක් වනු ඇති බවත් වාහන ආනයනකරුවෝ ප්‍රකාශ කළහ.

මෙම අති විශේෂ ගැසට් පත්‍රය 2013 වසරේදී නිකුත් වුවත් පසුගිය වසර 12 පුරාවට මේ ආකාරයෙන් වාහන මෙරටට ගෙන්වූ බවත් හිටිහැටියේ රේගුව එම ගැසට් වැරදි ලෙස අර්ථකතනය කරමින් බලාත්මක කිරීමට තීරණය කර ඇති බවත් ඔවූහු පැවැසූහ.

ජපානයෙන් වාහනයක් ගෙන්වන විට එරට බැංකුවක මුද්‍රාව ලියාපදිංචිය අවලංගු කිරීමේ සහතිකයේ සහ තත්ව පරීක්ෂණ සහතිකයේ තිබිය යුතු බව රේගුවේ ස්ථාවරය වී ඇති බව ආනයනකරුවෝ ප්‍රකාශ කළහ.

රේගුව වාහන සිරකර ගෙන සිටින්නේ කිසිඳු ලිඛිත දැනුම් දීමකින් තොරව බවත් වරදක් තිබේ නම් ඒ බව සඳහන් කරමින් ඒ හේතුවෙන් වාහනය නිදහස් නොකරන බවට එම වාහනය ගෙන්වූ ආනයනකරුට ලිඛිතව රේගුව දැනුම් දියයුතු බවත් ඔවූහු පැවසූහ.

මුදල් අමාත්‍යාංශය, ඇතුළු බලධාරීන් ගණනාවක් සමග මේ පිළිබඳව සාකච්ඡා කළත් මාස 2කටත් වැඩි කාලයක් ගතවී තිබුණද තවමත් රජය ඊට විසඳුමක් ලබාදී නොමැති බව වාහන ආනයනකරුවෝ පෙන්වා දුන්හ. නීතිපති දෙපාර්තමේන්තුවටද මේ පිළිබඳ දැනුම් දී තිබෙන බව බලධාරීන් පැවැසුවත් සිදුවන්නේ දිනෙන් දින ප්‍රමාද ගාස්තු එකතු වීමක් පමණක් බවද ආනයනකරුවෝ ප්‍රකාශ කළහ. ඉන් රජයට විශාල ආදායමක් අහිමිවන බවද ඔවූහු පෙන්වා දුන්හ.

තමන් ඉල්ලා සිටින්නේ ණයවර ලිපි විවෘත කර ඇති වාහන නිදහස් කර ගැනීමට ඉඩ ලබාදී පසුව රජයට අවශ්‍ය ආකාරයට එම ප්‍රශ්නගත ගැසට් සංශෝධනය කර ගන්නා ලෙස යැයි වාහන ආනයනකරුවෝ ප්‍රකාශ කළහ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කර සිටියේ රජයෙන් මේ පිළිබඳව සහනයක් නොලැබුණහොත් මෙම වාහන නැවත ප්‍රති අපනයනය කිරීමට සිදුවන බවයි. රජය මේ පිළිබඳව සහනයක් ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් ඉක්මණින් මෙම වාහන සම්බන්ධයෙන් ගන්නා අවසන් තීරණය දැනුම් දෙන බවත් රේගුව ප්‍රකාශ කළේය. එතෙක් මෙම වාහන මෙරට වෙළෙඳපොළට නිදහස් කළ නොහැකි බවද රේගුව පැවැසුවේය.

 



අදහස් (4)

ණයවර ලිපි ගැටළුවකින් වාහන 500ක් වරායේ හිර වේ

Mafia Monday, 14 July 2025 07:23 AM

හොරට ගෙන්නපු වාහන කොහොමහරි එළියට දාගන්න ඕනි

:       3       1

රුවන් Monday, 14 July 2025 07:25 AM

දැන් මිනිස්සු කාර් සෙල් වලින් වාහන ගන්නේ නෑ ජොන් කීල්ස් BYD ගන්න පුළුවන් වැන්ග් ආර් එකක් ගන්න ගානට. අඩුම අවුරුදු ගානක් වගකීමක් දෙනවා පරිසර හිතකාමී යි. ලක්ෂ 6-7 වාහනය කොහුවල සෙල් වල 150% වැඩියි.

:       1       2

Asela Monday, 14 July 2025 08:38 AM

ඉහළ ආදායම් ලබන නමුත් බදු නොගෙවන (විශේෂඥ, උපකාරක පන්ති ගුරුවරුන්, බාහිර විශ්ව විද්‍යාල දේශකයින්, ලංවිම/ජල සම්පාදන මණ්ඩලයේ සහ රේගුවේ සුපිරි පන්තියේ) අය හැර, සාමාන්‍ය පිරිමින්/කාන්තාවන් මෙම ධනවත් ජනතාව ඉලක්ක කරගත් වාහන ආනයන යෝජනා ක්‍රමයෙන් කිසිදු ඵලක් නැත. පැරණි වාහන මිල අහස උසට ඉහළ ගොස් ඇත. මේ තරම් මෝඩ ආණ්ඩුවක් මම දැක නැත.

:       0       6

sachith Monday, 14 July 2025 09:44 AM

ඔයාලා බබාලා, මෙච්චර දවසක් කරපු නිසා මේ පාරත් ඕනි කියලාද කියන්නෙ? 2013 නීතියක් ගෙනාවා කියලා දැන දැන ඉස්සර වගේ නටන්න යනවට හොඳ වැඩේ!

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 42 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 33 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 438 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site