IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ණය බරෙන් නිදහස් වෙන්න පාසල් දැරිය පැහැරගන්න හදලා

(බිමල්  ශ්‍යාමන් ජයසිංහ) 

කුරුඳු වත්ත ප්‍රදේශයේ කාන්තා විද්‍යාලයක් අසල නවතා තිබූ අති සුඛෝභෝගී  මෝටර් රථයකට අයුතු ලෙස ඇතුළු වී   තියුණු ආයුධයක්    පෙන්වා     " කෑ ගහන්න එපා" යයි දැරියගේ මවට තර්ජනය කර   ඒ තුළ  සිටි   8   හැවිරිදි  පාසල් දැරියක් පැහැර  ගෙන කප්පම් ගැනීමට උත්සාහ දැරූ  පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවක්    ඉකුත් 2 වෙනි   දින සිය දියණිය  පාසලෙන් රැගෙන දියණිය මෝටර් රථයේ පිටුපස අසුනේ වාඩි කර ඇය රියදුරු අසුනේ අසුන් ගන්නා අවස්ථාවේදී තම දියණිය සිටි පසුපස අසුනේ නාඳුනන  පුද්ගලයෙකු තියුණු ආයුධයක් අත දරා සිටි බවත් තම දියණිය පසෙකට තල්ලු කරමින් වාඩිවී "කෑගහන්න එපා" යනුවෙන් තර්ජනය කළ බවද  ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

එම අවස්ථාවේදී පැමිණිලිකාරිය වහා ක්‍රියාත්මක වී මෝටර් රථයෙන් බැස පිටුපස දොර ඇර තම දියණිය මෝටර් රථයෙන් පිටතට ගෙන  උදව් ඉල්ලා කෑ ගසා ඇති අතර එම අවස්ථාවේදී මෝටර් රථයේ සිටි නාඳුනන පුද්ගලයා එයින් බිමට බැස  පලා ගිය බවද ඇය කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

සැකකරු එදින මෝටර් රථයෙන් බැස මඳ දුරක් පලා ගොස් පැළඳගෙන සිටි කැප්තොප්පිය අතට ගෙන  කුරුඳුවත්ත 27 වෙනි පටු මගේදී කුලී යතුරුපැදියකට නැග කොලොන්නාව කරා ගොස් තිබූ බව පොලිසිය සීසීටී වී දර්ශනඅනුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට සමත් වී ඇත.

සැකකරු කොළොන්නාව ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

සැකකරු පවසා ඇත්තේ තමා  අධික ලෙස ණය වී ඇති එබැවින් ඒවායි නිදහස් වීමට කප්පම් ගැනීම සඳහා මෙය සිදු කරන්න උත්සාහ කළ බවයි.

 

 

 



අදහස් (0)

ණය බරෙන් නිදහස් වෙන්න පාසල් දැරිය පැහැරගන්න හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 479 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site