IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


ඩඩ්ලි, ආණ්ඩුවේ හොඳ නරක දෙකම දකී

(නිමල් ජයරත්න)

අපි දේශපාලනය කරලා හෙම්බත් වෙලා ඉන්න මිනිස්සු, මේ ආණ්ඩුව මීට අවුරුද්දකට පෙර ගත්ත තීන්දුවක ප්‍රතිඵල අපට පේනවා. හැබැයි මදි, අඩුපාඩු කතා කරන්න හුඟක් අය ඉන්නවා හැබැයි හොඳ දේ කතාකරන්න ඉන්න පිරිස අඩුයි, නමුත් රජය වගකීමක් හැටියට අරගෙන තියෙන්නෙ මල්වට්ටියක් නෙමෙයි, බෝම්බ වට්ටියක් බව අරලිය සමූහෝ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළේය.

රජය දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් යම් අඩුපාඩු කම් සිදු කරනවා, රාජ්‍ය නිලධාරීන්ගේ කායික හා මානසික තත්ත්වය ගොඩනැගීම ද අපේ යුතුකමක් වෙනවා, හැබැයි ඇමතිතුමා මේක ජනාධිපතිතුමාටත් කියන්න ඕනේ නැත්නම් මම හරි කියනවා, මම දැන් සති දෙක තුනක ඉඳලා ප්‍රවෘත්තියක් දකිනවා අපේ බැංකු පිළිබඳව, රටක අපි ශක්තිමත් වුණොත් පමණයි රජයට මේ වගේ සංවර්ධන වැඩපිළිවෙළවල් ඉදිරියට කරගෙන යන්න පුළුවන්. අපි මේවා කරා කියලා බදු සහන දෙන්නෙත් නෑ, රටක යහපත් සංවර්ධනයක් ඔබතුමාගේ නායකයාගෙන් අපි බලාපොරොත්තු වෙනවා ඒක කරන්නත් ඕනේ. පහුගිය කාලවලදී බැංකු වලින් ලබාදීලා තියෙන ණය වර්ග කිරීමේ දී, සියයට අසූ හයක් ණය දීලා තියෙන්නෙ වාහන මිලදී ගන්නයි, රත්තරන් බඩු උකස් අරවා ගන්නයි.

ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථාන සියයක් නවීකරණ වැඩසටහන යටතේ පොළොන්නරුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඩඩ්ලි සිරිසේන මහතා ඒ බව සඳහන් කළේය.

මෙම අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා ඇතුළු දේශපාලන අධිකාරිය, පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් සුජන්ට ඒකනායක මහතා ඇතුළු රාජ්‍ය අංශ ප්‍රධානීන් කිහිප දෙනෙකුම එක්ව සිටියහ.

 



අදහස් (0)

ඩඩ්ලි, ආණ්ඩුවේ හොඳ නරක දෙකම දකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1642 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site