(විමුක්ති එස් රුද්‍රිගු සහ හසිනි නවෝද්‍යා)
ශ්‍රී ලංකාව ඇමෙරිකාවට අපනයනය කරන සියලුම භාණ්ඩවලට එළැඹෙන අගෝස්තු 1 වැනිදා සිට සියයට 30 ක තීරු බද්දක් "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ පනවනු ඇති බවත් තිබෙන වෙළඳ හිඟය මග හරවා ගැනීම සඳහා පැනවිය යුතු සැබෑ තීරු බද්දට වඩා අඩු තීරු බද්දක් මෙරටට පනවා තිබෙන බවත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (09) ප්‍රකාශ කළේය.
ඇමෙරිකාවේ භාණ්ඩ සඳහා පනවා තිබෙන බදු තවදුරටත් ඉහළ දැමීමට ශ්‍රී ලංකාව තීරණය කළහොත් ඇමෙරිකාව සියයට 30 ක තීරු බද්ද තවත් ඉහළ නංවනු ඇතැයි ජනපති ට්‍රම්ප් පැවැසුවේය.ශ්‍රී ලංකාව හෝ මෙරට සමාගම් ඇමෙරිකාවට පැමිණ නිෂ්පාදන කටයුතු සිදු කිරීමට තීරණය කළහොත් කිසිඳු තීරු බද්දක් අය නොකරන බවත් ඒ සඳහා අවශ්‍ය අනුමැතීන් සති කීපයක් තුළ කඩිනමින් ලබා දීමට අවශ්‍ය සියලු සහාය ලබාදෙන බවත් ඇමෙරිකානු ජනපතිවරයා ප්‍රකාශ කළේය.
ඇමෙරිකාවට විශාල වෙළඳ හිඟයකට මුහුණ දීමට හේතු වූ මෙරට බදු, ප්‍රතිපත්ති සහ වෙළෙඳ බාධක නිවැරදි කිරීමට මෙම තීරු බද්ද අත්‍යාවශ්‍ය බවද ජනපති ට්‍රම්ප් පැවැසුවේය. ඇමෙරිකාව ශ්‍රී ලංකාව සමග ඉදිරියට යාමට තීරණය කළ බවත් නමුත් සාධාරණව සහ සමබරව මින් ඉදිරියට වෙළෙඳ කටයුතු සිදුවනු ඇති බවත් ජනපතිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ඇමෙරිකානු භාණ්ඩ සඳහා පනවනු ලබන සියයට 88 ක තීරු බදු වලට පිළිතුරු ලෙස "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44 ක තීරු බද්ද පනවන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල් 2 වැනිදා නිවේදනය කළේය.
එම බද්ද පසුගිය අප්‍රේල් 9 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණත් සාකච්ඡා මේසයට පැමිණීම සඳහා දින 90 ක කාලයක් ලබාදෙමින් ඊයේ (09) එය අත්හිටුවනු ලැබුවේය. ඒ සමග සියයට 44 ක තීරු බද්ද අඩුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා මේසයට පැමිණි අතර වොෂින්ටනයේදී ඇමෙරිකා වෙළඳ නියෝජිත කාර්යාලය සමග මුහුණට මුහුණ සාකච්ඡාවට දෙකක් සහ මාර්ග ගතව සාකච්ඡාවට කීපයක් පැවැත්වූවේය.
ඒ අනුව ඇමෙරිකාව සිය වෙළෙඳ හවුල්කරුවන් 21 කට වැඩි ප්‍රමාණයකට "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ පනවනු ලබන නව තීරුබදු ප්‍රතිශත පිළිබඳව ඊයේ (09) වනවිට දැනුම් දී තිබුණේය.
පසුගිය 7 වැනිදා පළමු වරට රටවල් 14කට ලිපි මාර්ගයෙන් නව තීරුබදු ප්‍රතිශත පිළිබඳව ඇමෙරිකාව දැනුම් දී තිබූ අතර එම ලිපි ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ටෘත් සෝෂල් ගිණුමේ ප්‍රසිද්ධ කරනු ලැබුවේය.
එහිදී ලාඕසය සහ මියන්මාරයට සියයට 40 ක තීරු බද්දක් පනවා තිබිණි. ලාඕසයට සියයට 48 ක සහ මියන්මාරයට සියයට 44 ක තීරුබදු ප්‍රතිශතයක් පැනවීමට පසුගිය අප්‍රේල් 2 වැනිදා යෝජනා විය. මීට පෙර "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ ජපානයට සහ මැලේසියාවට සියයට 24 ක තීරු බද්දක් පැනවීමට යෝජනා වී තිබූ අතර එය සියයට 1 කින් ඉහළ දමමින් සියයට 25 ක නව තීරු බද්දක් පැනවීමට ජනපති ට්‍රම්ප් තීරණය කර ඇත.
දකුණු අප්‍රිකාවට සියයට 30 ක්ද, තායිලන්තයට සියයට 36ක්ද, සර්බියාවට සියයට 36ක්ද, ඉන්දුනීසියාවට සියයට 32ක්ද, දකුණු කොරියාවට සියයට 25 ක්ද, තීරු බදු ප්‍රතිශත ලෙස පැනවීමට මිට පෙර යෝජනා වී තිබූ අතර නව තීරුබදු ප්‍රතිශත යටතේ එහි කිසිඳු වෙනස්කමක් සිදුව නොමැත. කාම්බෝජයට මීට පෙර සියයට 49 ක තීරු බද්දක් යෝජනා වී තිබූ අතර එය සියයට 36 දක්වා අඩුවී ඇත.
එසේම බංග්ලාදේශයට මීට පෙර පැනවීමට යෝජනාවී තිබූ සියයට 37 ක තීරු බද්ද සහ සර්බියාවට පැනවීමට යෝජනාවී තිබූ සියයට 36 ක තීරු බද්ද සියයට 35 දක්වා පහළ දමා තිබේ. ටියුනීසියාවට සහ කසක්ස්තානයට පැනවීමට යෝජනාවී තිබූ සියයට 28 ක තීරු බද්ද සියයට 25 දක්වා අඩුකර ඇත. බොස්නියාව සහ හර්සගොවිනාවට පැනවීමට යෝජනා වූ සියයට 36ක තීරු බද්ද සියයට 30 දක්වා පහළ දමා තිබේ.
එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයේ දත්ත වාර්තාවලට අනුව පසුගිය වසරේ ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ද්වි පාර්ශ්වික වෙළෙඳාමේ අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.4 කි. පසුගිය වසරේදී ඇමෙරිකාව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 368.2 භාණ්ඩ අපනයනය කර තිබූ අතර 2023 වසරට සාපේක්ෂව සියයට 4.9 ක ඉහළ යාමක්ද විය. කෙසේ නමුත් ශ්‍රී ලංකාව පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක භාණ්ඩ ඇමෙරිකාවට අපනයනය කර තිබෙන අතර එය 2023 වසරට සාපේක්ෂව සියයට 6.1 ඉහළ යාමකි.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර වෙළෙඳ භාණ්ඩ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6 කි. එය 2023 වසරට සාපේක්ෂව සියයට 6.3 ක ඉහළ යාමකි.
මෙරට ඇඟලුම් නිෂ්පාදන සඳහා ප්‍රධාන ජාත්‍යන්තර වෙළෙඳපොළ වන්නේ ඇමෙරිකාවය. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පසුගිය වසරේ මෙරට ඇඟලුම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.7 ක් වූ අතර එම ආදායම ඉපැයූ ඇඟලුම් අපනයනයන්ගෙන් සියයට 40.04 ක් ශ්‍රී ලංකාව අපනයනය කර තිබුණේ ඇමෙරිකාවටය. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක් විය.
පනවනු ලබන ඉහළ බදු ප්‍රතිශත එළැඹෙන 1 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති බවත් නැවත කාලය දීර්ඝ කිරීමක් ලබා නොදෙනු ඇති බවත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. කෙසේ නමුත් ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙන්නේ නැවත කාලය දීර්ඝ කිරීමක් ලබානොදෙන බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළත් ඔහු 28 වතාවක් වචනය වෙනස් කර ඇති බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ට්‍රම්ප්‌ගෙන් ලංකාවට ලොකු සහනයක්
chanika Thursday, 10 July 2025 02:18 PM
ඕකට ඔක්තෝම්බර් මාසේ ආපහු 18ක් එකතු කරයි. ලංකාවේ යූ ටියුබ්, ෆේස් බුක්, නෙට්ෆ්ලිස්ක්... වලට ලංකාවේ ආණ්ඩුව 18% බද්දක් ගහන්න පටන් අරන් කියලා දැනගත්තාම.
යෝගා ඩෝබි Thursday, 10 July 2025 02:58 PM
අපේ සීයා තවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්න කලින්, ට්‍රම්ප් බයවෙලා තමයි බද්ද මේ විදිහට අඩුකරේ...
විපරමා Thursday, 10 July 2025 04:21 PM
විපක්ෂයේ නහින්ඩ හදපු අයට දැන් කරකියා ගන්ඩ දෙයක් නැතුව ඇති.
sugath Thursday, 10 July 2025 04:24 PM
ඇමෙරිකාව යනු අපේ ඇඟලුම් සඳහා ඇති ප්‍රධානතම වෙළඳපොළයි. ඇමෙරිකානු භාණ්ඩ සඳහා ඇති 88% බද්ද 0% දක්වා අඩුකළ යුතුයි.
Neel Thursday, 10 July 2025 04:49 PM
දැන්වත් පුතානෝට නින්ද යයිද දන්නේ නැහැ...
A.M.A. Kumara Thursday, 10 July 2025 05:41 PM
විපක්ෂයට තිබුණ තවත් මාතෘකාවක් එසේ නිමා විය.
කපුරුහාමි Thursday, 10 July 2025 06:27 PM
බදුල්ලේ පැත්තේ ඉන්න ගොන් තඩියෙක් වගේ මන්ත්‍රී කෙනෙක් කිව්වනේ ට්‍රම්ප් ගේ කකුල් දෙක අල්ලලා වැඳලා හරි බද්ද අඩු කරගන්න කියලා. මෑන් හිතාගෙන හිටියේ බදු පැනවීම අපේ රටට විතරක් කරපු දෙයක් කියලා....
Ram Thursday, 10 July 2025 07:05 PM
අනික් රටවලට 10-20% දක්වා තියෙනකොට අපිට 30% කොහොමද ලොකු සහනයක් වෙන්නේ. තාම අපි ඉන්නේ ලොකුම බදු ක්‍රමයේ...!
Banda Thursday, 10 July 2025 07:39 PM
මෙහි තේරුම ලංකාවෙන් ඇමෙරිකාවට යවන බඩුවල මිල 30%කින් ඉහළ මුදලකට ඇමෙරිකානු වෙළදපල තුළ විකිණීමට සිදුවන බවයි. ඒ වැඩිවන 30% ඇමෙරිකානු රජයේ බදු. අනෙකුත් රටවල් භාණ්ඩ සමග තරඟ කිරීමට එය විශාල බාධාවක්. මේක විශාල පරාජයක්... ඉදිරියේදී ලංකාවෙන් යන භාණ්ඩ මිලදී ගැනීම ඇමෙරිකානු ජනයා ප්‍රතික්ෂේප කර වැඩි වූ මිලට වඩා අඩු වෙනත් රටවල භාණ්ඩ මිලදී ගනු ඇත. මෙය ඉදිරියේදී අපගේ ආර්ථිකයට විශාල පහරක් වදින ක්‍රියාවක්...
ලලනි Thursday, 10 July 2025 08:05 PM
අයියෝ යෝගා…, හපොයි ගුණරත්න, මොකක්ද මේ වුණු අපරාදේ…?
පොඩිඑකා Thursday, 10 July 2025 08:07 PM
හලෝ යෝගා, ගුණරත්න එක්ක එකතුවෙලා, අපුල්ලපු රෙදිටික රෝල් කරලා කැමති තැනක ගහගන්න.
ගුණරත්න Thursday, 10 July 2025 08:09 PM
ජවිපෙ ඩෝබි ටික උද්දාමයට පත් වෙලා, ඒත් මෝඩ හැත්ත දන්නේ නැහැ කලින් 8% අඩු බද්ද දැන් 30% වෙලා කියලා. මොවුන්ගේ කෙටිකාලීන මතකයට අනුව අපේක්ෂිත බද්ද 40% ඉඳලා 30% කළා කියලයි කල්පනාව. අනේ මෙහෙමත් ගොන් බූරුවන් ටිකක්...!