(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනු කර ඇති අපරාධ නඩුව ජූරි සභිකයන් 18 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විභාග කිරීමට නියමිත අතර එම නඩු විභාගයේ දෙවැනි දවසවූ ඊයේ (16) ජූරි සභිකයන් 7 දෙනෙකු නඩු විභාගය සඳහා තෝරා ගැනීමට අධිකරණය කටයුතු කර ඇත.
පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු එම ජූරි සභිකයන් සත්දෙනාට අයත් විය. අයර්ලන්තයේ සිට පැමිණ නිව් යෝර්ක් නගරයේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු පුද්ගලයෙකු 18 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවේ ප්‍රධානියා ලෙස පත් කර ඇත.ඒ අනුව ඉදිරිදින වලදී තවත් ජූරි සභිකයන් 11 ක් තෝරා පත් කර ගැනීමට නියමිතව තිබේ.
අපරාධ නඩුව ඊයේ(16) කැඳවූ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් එක් ජූරි සභිකයෙකු අපහසුතාවයට පත්වන අයුරින් අධිකරණයේදී කටයුතු කර ඇති බවත් එය කිසිසේත් ඉවසිය නොහැකි බවත් මින් ඉදිරියට එසේ නොකරන ලෙසට අවවාද කරන බවත් පවසමින් විනිසුරු ජුවාන් මර්චන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවා ඇත.
එසේම ජූරි සභිකයන් ලෙස පෙනී සිටීමට පැමිණ සිටි පුද්ගලයන් පස් දෙනෙකු ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව සමාජ මාධ්‍ය තුළ අපහාසාත්මක අයුරින් ප්‍රකාශ පළ කර තිබෙන බවත් ඒ හේතුවෙන් ඔවුන් පස්දෙනා ඉවත් කරන ලෙසත් ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විනිසුරුවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබිණි.
ජූරි සභිකයන් 18 දෙනෙකු තෝරා පත්කර ගැනීමෙන් පසුව ලබන සතියේදී නඩු විභාගය ආරම්භ කරමින් දෙපාර්ශ්වය ආරම්භක දේශන ඉදිරිපත් කිරීමට නියමිතය.ඩොනල්ඩ් ට්‍රම්ප් නඩු විභාගයේදී චෝදනා 34 සඳහාම වරදකරු බව අධිකරණය තීරණය කළහොත් ඒ සඳහා ඔහුට වසර 10 කට වැඩි සිර දඬුවමක් නියම විය හැකි බවට නීති විශාරදයෝ මත පළ කළහ.එපමණක් නොව ඇමෙරිකානු ඉතිහාසය තුළ ජනාධිපති ධුරය දැරූ පුද්ගලයෙකු අපරාධ නඩුවක් සඳහා මුහුණ දෙන ප්‍රථම අවස්ථාවද මෙය වේ.
වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නිර්මාණය වන චිත්‍රපට සඳහා රංගනයෙන් දායකවන ස්ටෝර්මි ඩැනියෙල් සඳහා 2016 වසරේ පැවතී ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකානු ඩොලර් 130,000 මුදලක් ගෙවීම ඇතුළු එවකට සිදුවූ තවත් මුදල් ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් අසත්‍ය ව්‍යාපාරික වාර්තා ගොනු කිරීම සම්බන්ධයෙන් චෝදනා 34 යටතේ මෙම නඩුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනු කර ඇත.
දින ගණනක් තිස්සේ නෙකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, කෙන්යාවේ වේල්ලක් කැඩී ගියේය.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර( බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.
කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළං
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා කොටසේ මුහුදු රළ ගොඩගැලීමෙන් මාර්ගයේ වැලි තිබීම හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින් යතුර
නිවසක තනිව විසූ අවිවාහක වයෝවෘද්ධ නීතිඥවරියක නිවසේ ඇඳ මත අභිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලිසිය කියයි.
රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ට්‍රම්ප්ට එරෙහි නඩුවේ දෙවැනි දිනට ජූරි සභිකයින් 7ක්
Prabha Wednesday, 17 April 2024 11:54 AM
ට්‍රම්ප් හිටියා නම් හැබැයි... මේ කාලකණ්ණි යුද්ධ නොවෙන්න එදා තිබුණා...