IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ට්‍රම්ප්ගේ තීරණයෙන් 2030දී කෝටි 14කට මරණය?

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාව විදේශයන්ට ලබාදෙන මානුෂීය ආධාර සහාය බොහොමයක් කපා හැරීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය, 2030 වසර වන විට ලෝකයේ අමතර ලක්ෂ 140 ක ජනතාවකට මරු කැඳවනු ඇතැයි නවතම අධ්‍යයන වාර්තාවකින් අනාවරණය වී ඇත.

එලෙස අකල් මරණ උරුම වන ලක්ෂ 140 ක ලෝකවාසි ජනතාවකගෙන් ලක්ෂ 45 ක් වයස අවුරුදු 5 ට දරුවන් වනු ඇති බවද එම අධ්‍යනයෙන් පුරෝකතනය කර තිබේ. එසේත් නැතිනම් අවුරුද්දකට දරුවක් ලක්ෂ 7 ක් පමණ ට්‍රම්ප්ගේ තීරණයෙන් මියයනු ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මහතා ප්‍රකාශ කර සිටියේ ජනාධිපති ට්‍රම්ප්ගේ පරිපාලනය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ වැඩසටහන් වලින් සියයට 80 ක් නවත්වා දැමීමට තීරණය කළ බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය පහළ සහ මැදි ආදායම් ලබන රටවල් රැසකට එල්ල වන කම්පනය ගෝලීය වසංගතයකින් හෝ යුද ගැටුමකින් එල්ල වන කම්පනයට සමාන වනු ඇතැයි අධ්‍යනයේ සම-කර්තෘ ඩේවිඩ් රසෙල්ලා ප්‍රකාශ කළේය.ඇමෙරිකාව විසින් සිදුකළ අරමුදල් කප්පාදු කිරීම්, අවදානමට ලක්වූ ජනතාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලබාගත් ප්‍රගතිය වහාම නතර කර දැමීමට හෝ ආපසු හැරවීමට හේතු වනු ඇතැයි රසෙල්ලා පැවැසුවේය.

එක්සත් ජාතීන්ගේ නායකත්වයෙන් යුත් ආධාර සමුළුවක් සඳහා මේ සතියේ ස්පාඤ්ඤයේ සෙවිල් නගරයේදී ලෝක නායකයන් පිරිසක් රැස්වීමට නියමිතව තිබෙන අවස්ථාවක මෙම වාර්තාව එළි දක්වා ඇත. මෙම ආධාර සමුළුව දශකයේ විශාලතම ආධාර සමුළුවද වේ.

රටවල් 133 දත්ත මත පදනම්ව අධ්‍යනය කළ පර්යේෂකයන් ඇස්තමේන්තු කර ඇත්තේ 2001 සිට 2021 දක්වා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතන සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදුන් සහායෙන් මරණ ලක්ෂ 910ක් වළක්වා ඇති බවයි.

කෙසේ නමුත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ප්‍රකාශ කර සිටියේ අරමුදල් කප්පාදු කිරීමෙන් පසුවත් වැඩසටහන් 1000 ක් පමණ ලොවපුරා ක්‍රියාත්මක වනු ඇති බවත් එම වැඩසටහන් පෙරටත් වඩා කාර්යක්ෂමව ක්‍රියාත්මක වනු ඇති බවත්ය.

 



අදහස් (5)

ට්‍රම්ප්ගේ තීරණයෙන් 2030දී කෝටි 14කට මරණය?

සෙනරත් Tuesday, 01 July 2025 03:26 PM

ඉතිං දැන් චීනෙට පුළුවන්නෙ ඔය යුඑස්එඅයිඩි එකෙන් කරපු දේ කරන්න.චීනෙ ඇමරිකාව පාස් කරල ගිහින්ලුනේ.ඇත්තටම ට්‍රම්ප් කළේ ඇමරිකාවේ අගය ලෝකෙට දැනෙන්න සළස්වපු එක.ඇමරිකාවෙන් ආධාර අරන් ඇමරිකාවටම බණින මිනිස්සුන්ට පාඩමක් උගන්වපු එක.තීරුබදු ගැහුවෙත් ඒකයි.චීනෙන් අමුද්‍රව්‍ය අරගෙන ඇඳුම් මහල ඇමරිකාවට විකුණන එක නවත්වන්න කියල තමයි ඇමරිකාව ලංකාවටත් කිව්වෙ.

:       1       13

රුවන් Tuesday, 01 July 2025 03:59 PM

උදාහරණයක් ගමු, අද පිටකොටුවේ ඉන්න සිඟන්නට අද රුපියල් කෝටියක් දුන්නත් හෙටත් හිඟා කනවා. ඒ වගේ තමයි හැමදාම දුප්පත් රටවල් අධාර ගන්නවා. හැබැයි කිසි දියුණුවක් නෑ. දෙන්න ඕනේ දියුණු වෙන විදිහ කියලා දෙන එක...

:       0       10

sam Tuesday, 01 July 2025 04:35 PM

කෝටි 14ක්?

:       0       0

Prabath Tuesday, 01 July 2025 05:05 PM

සමෘද්ධි, අස්වැසුම යනාදියත් නවත්තලා දාන්න. පොහොර ඇතුළු සියලු සහනාධාරද නවත්තලා දාන්න.

:       0       2

don Tuesday, 01 July 2025 05:11 PM

චීනය ලෝක බලවතා වෙනවා නම් දැන් ඉතින් මේ ඔක්කොම බර චීනෙ කරට ගන්න කාලෙ හරි. ඇමෙරිකාව මොන තරම් දුප්පත් රටවල්වලට උදව් කළාද? විශේෂයෙන්ම ලංකාව වගේ රටවල් වලට... දැක්කනේ බදු වැඩිකරනවා කියලා බය කරපු ටිකට වෙච්චි දේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 571 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 328 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site