
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම පියා බව පවසමින්, තුර්කි කාන්තාවක් පීතෘත්වය තහවුරු කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා නඩුවක් ගොනු කළ බව විදෙස් මාධ්‍ය පවසයි. නෙක්ලා ඔස්මෙන් මෙම 55 හැවිරිදි කාන්තාව, මෙසේ පවසන්නේ ඇය හා ට්‍රම්ප් අතරේ ඇති සමානකම් ද පෙන්වමිනි.
නෙක්ලා ඔස්මෙන් තුර්කියේ අන්කාරා අගනුවර පදිංචිකාරියකි. 1970 වසරේදී උපත ලැබූ නෙක්ලා, ලේඛනවලට අනුව සාති සහ දුර්සුන් ඔස්මෙන් යන යුවළගේ දියණියයි. තමන් හදාගත් දියණියක බව 2017 වසරේදී ඇයට දැන ගන්න ලැබී ඇත.
1970 වසරේදී අන්කාරාහි රෝහලකදී සිදු වූ දරුවන් මාරුකිරීමක් ගැන ඇය කරුණු දක්වා ඇත. සාති රෝහලේදී මළ දරු උපතක් සිදු කළ බවත්, එම අවස්ථාවේදීම දරුවකු ප්‍රසූත කළ සොෆියා නම් ඇමරිකානු කාන්තාවක තම බිළිඳියව ඔස්මෙන් පවුලට ඇති දැඩි කිරීමට ලබා දුන් බවත් ඇය පවසා තිබේ.
සොෆියා නමැති කාන්තාව පෙන්වා දී ඇත්තේ මෙම දරුවා ට්‍රම්ප් සමඟ පැවති අනියම් සබඳතාවයක ප්‍රතිඵලයක් බවය. නෙක්ලා පවසන්නේ සොෆියා සහ ට්‍රම්ප් මුණගැසුණු ආකාරය තමන් නොදන්නා බවත්, දරුවා භාරදෙන විට සොෆියා ට්‍රම්ප්ගේ ඡායාරූපයක් පෙන්වා පියා ගැන විස්තර පැවසූ බව සාති තමන්ට හෙලි කළ බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd