
( ෂේන් සෙනෙවිරත්න)
හම්බන්තොට හා ගොන්නොරුව විදුහලේ සිසුන් පිරිසක් මහනුවර අධ්‍යාපන චාරිකාවක යෙදෙන අතරතුර ඉන් සිසුන් පස් දෙනෙකු හදිසියේ ක්ලාන්ත වී බිම ඇද වැටීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය කියයි.
මෙම සිසුන් පිරිස ඊයේ (20) සවස පේරාදෙණිය උද්භිත උද්‍යානය නැරඹීමෙන් අනතුරුව ඉන් එළියට පැමිණ එහි අවට තිබූ වෙළඳ සැල් වලින් කෙටි ආහාර සහ කිරි ආහාරයට ගෙන ඇති අතර ඔවුන් රාත්‍රී කාලයේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීම සඳහා ගොස් ඇත.
අනතුරුව ඔවුන්ගේ බස් රථය නවතා තිබූ ජාතික පොළ භූමිය අසලට සිසුන් කණ්ඩායම පැමිණීමෙන් පසු සිසුන් පස් දෙනකු හදිසියේම ක්ලාන්ත වී බිම ඇද වැටි ඇති අතර ඔවුන් සුව සැරිය ගිලන් රථ මගින් මහනුවර ජාතික රෝහලට වහාම ඇතුළත්කොට තිබේ.
එම සිසුන් ගත් කිසියම් ආහාරයක් විස වීම හේතුවෙන් ඔවුන් එසේ ක්ලාන්ත වී ඇති බවට වෛද්‍යවරුන්ගේ නිගමනය වී ඇති අතර ඔවුන් ආහාර ලබාගත් බව කියන වෙළඳසැල් සොයා ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාකිමයිනා ගමට ආවාම. එල ගව මී හරක් රෑනක් ඇවිත් තියෙනවා. නෑකමට නෑගම් ඇවිත්. දැනුම් දීමකින්. තොරොව. ඇවිත් තියෙන්නෙ. වැසිකිලි අපසතා නිසාමුලු ගමයි නගරයයි. අසුචි වලක් කියලා ගමේ කෙනෙක් කිව්වා. ඒ නිසා වෙන්න ඇති මෙහෙම අසනීප වුනේ උරලෑවා ආවා වගේලු. ඒ ගද.