(නිමල් ජයරත්න) 

වැලිකන්ද අසේලපුර සිට කුරුළුබැද්ද දෙසට ධාවනය වු ටැක්ටර් රථයකට,රාත්‍රි 7.00 ට පමණ පාර මාරුවෙමින් සිටි පිරිමි දරුවෙකු යට  වීමෙන් මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ වැලිකන්ද අසේලපුර මහවැලි නිවාස ලිපිනයේ පදිංචිව සිටි ඩබ්ලිව්.එච්.ඩී.මතීෂ කවිස්ක යන දරුවෙකු බව පරික්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය පවසයි.

අනතුරට සම්බන්ධ මහ ට්‍රැක්ටර් රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිකන්ද පොලිස් ස්ථානාධිපති එල්.පී.ආර් කුමාරසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.