(යොහාන් භාසුර)
මෙරට ප්‍රසිද්ධ ටයර් නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 26 කට අධික දඩ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ.
මෙම දඩ මුදල නොගෙවීම නිසා එම සමාගමට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
ටයර් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමු ද්‍රව්‍ය ආනයනය කිරීම වෙනුවෙන් රේගුවට ගෙවිය යුතු බදු වශයෙන් මුලදී රුපියල් කෝටි 800 කට ආසන්න බදු මුදලක් පනවා තිබූ නමුත් පසුව එම මුදල රුපියල් විසි හයකෝටි දසලක්‍ෂයක (රුපියල් 261,000,000) දඩයක් දක්වා අඩු කළ බව ද ඔහු කීය.
පසුගිය මාර්තු 18 වැනිදා පැනවූ එම දඩය පවා සමාගම ගෙවීම මඟහරිමින් සිටින බව ද එම නිලධාරියා කීය.
මෙරටට ටයර් ආනයනය අත්හිටුවීමෙන් පසුව අදාළ සමාගම ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දැනුවත් කිරීමකින් තොරව රුපියල් කෝටි 500 ක් පමණ වටිනා ටයර් දේශීය වෙළෙඳපොළේ අලෙවි කර ඇති බව ද ඔහු කීය.
2021 වසරේ මෙම සමාගම එහි සම්පූර්ණ නිෂ්පාදනයම දේශීය වෙළෙඳපොළට යොමුකර අති විශාල ලාභයක් ලබා ඇති බව ද ඔහු කීය.
එම සමාගමට එහි නිෂ්පාදනවලින් සියයට 20 ක් පමණක් රේගු බදු ගෙවීමෙන් පසුව දේශීය වෙළෙඳපොළට නිදහස් කිරීමට නීතියෙන් අවසර ඇති බව ද ඔහු සඳහන් කළේය. ඒ පිළිබඳව ලැබුණු පැමිණිල්ලකට අනුව රේගු දෙපාර්තමේන්තුවේ පශ්චාත් නිෂ්කාශන හා විගණන අංශය විධිමත් පරීක්‍ෂණයක් කළ බවත් එහිදී එම සමාගම රුපියල් කෝටි 500 කට අධික වටිනාකමින් යුත් නිෂ්පාදන දේශීය වෙළෙඳපොළේ අලවි කර ඇතැයි හෙළි වූ බවත් එම නිලධාරියා කීය.
ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවස
සිය බිරිඳ මරා වැසිකිළි වළක දමා සැඟවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා වසර හතරකට පසුව අත්අඩංගුවට ගත් බව හිනිදුම පොලිසිය කියයි.
කටුනායක ගුවන්තොටුපොළේ වීසා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ ප
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි
ඇස්ට්‍රාසෙනෙකා සමාගම හඳුන්වාදුන් කොරෝනා එන්නතින් අතුරු ආබාධ ඇති වන බවට එම සමාගම බ්‍රිතන්‍ය මහාධිකරණ ඉදිරියේ පිළිගැනීමත් සමග එම එන්නත ගැන සැකයක් ඇතැ
එල්ටීටීඊ කොටි සංවිධානයට එරෙහිව ඉන්දියාව පනවා ඇති තහනම තවත් වසර පහකින් දීර්ඝ කරන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ටයර් සමාගමකින් කෝටි 26ක බදු පොල්ලක්
Shashika519 Sunday, 28 April 2024 09:34 PM
ඩුබායිවල මැරියට් හෝටලේ නාමමාත්‍රික අයිතිකරුගෙ ලංකාවේ ෆෙරෙන්ටිනෝ කොම්පැණි එක. රාජපක්ෂ මහත්තුරුන්ගෙ තවත් අභිමානවත් වැඩක්. කෝටි 80 කෝටි 26 කට අඩුකරලා
udaya Monday, 29 April 2024 07:21 AM
ප්‍රකට මෝටර්සයිකල් ආනයන සමාගමක් ඉන්දියාවේ ලංකාවේ මුදලින් 150000 වන බයිසිකලයක් ලංකාවේ විකුනන්නේ 650000 කට ඔවුන් ලක්ෂ 5ක් රජයට බදු ගෙවනවා දැයි සොයා බැලිය යුතුය. ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ හදන ඉන්දියානු මෝටර් රථයක් රුපියල් ලක්ෂ 70 කටත් වැඩියෙන් විකුණන අතර එම රතය ඉන්දියාවේ අලෙවි වන්නේ ලක්ෂ 30ක් වැනි මුදලකටය.
Nimal Monday, 29 April 2024 12:41 PM
මගේත් ණයත් තියෙනවා... ඔයිට වඩා අඩු ගාණක්... බැරි වෙයිද 75%ක් විතර කපලා දෙන්න. අනිත් ගාණ ගෙවන්නම්... !
Nihal Monday, 29 April 2024 02:48 PM
ලැබෙන වෙළෙඳ දැන්වීම් ටික නැති වෙයි කියල බයට නම කියන්නෙ නෑ නේද...