(අංජුල මහික වීරරත්න)
නව ජාතික සංඛ්‍යාන පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ සංගණන පැවැත්වීම සඳහා බල පැවැත්වෙන ප්‍රධාන නීතිමය රාමුව 1900 අංක 9 දරන සංගණන ආඥා පනතයි. 1935 අංක 44 දරන සංඛ්‍යා ලේඛන ආඥා පනත මඟින් ශ්‍රී ලංකාවේ නිල සංඛ්‍යා ලේඛන රැස් කිරීම, සකස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ බෙදාහැරීම සඳහා පුළුල් ව්‍යවස්ථාපිත රාමුවක් ස්ථාපිත කර තිබේ.
එසේ වුවද, වත්මන් නීතිමය රාමුව, නිල සංඛ්‍යාලේඛන නිපදවන්නන් සියලු දෙනාගේ සම්බන්ධීකරණය ඇති කිරීම, පරිපාලන හා විකල්ප දත්ත මූලාශ්‍ර ඒකාබද්ධ කිරීම හෝ ස්වාධීනත්වය, අපක්ෂපාතිත්වය සහ තත්ත්ව සහතිකය සනාථ කරන පාලන විධිවිධාන අනුගමනය කිරීම සඳහා ප්‍රමාණවත් පසුබිමක් සපයනු නොලබන බව හඳුනාගනු ලැබ ඇත.
එබැවින්, එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාන අංශයේ විශේෂඥවරයෙකුගේ තාක්ෂණික මඟ පෙන්වීම මත, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් විසින්, ජාත්‍යන්තර විශේෂඥ දැනුම, දේශීය ආයතනික දැනුම සමඟ ඒකාබද්ධ කර ගෝලීය වශයෙන් ස්ථාවර සහ ජාතික වශයෙන් අනුකූල වන පරිදි ජාතික සංඛ්‍යාන මූලික පනත් කෙටුම්පතක් සකස් කර ඇත.
යෝජිත මූලික කෙටුම්පත මඟින් ශ්‍රී ලංකාවේ නිල සංඛ්‍යා ලේඛන සකස් කිරීම, සම්බන්ධීකරණය සහ පාලනය සඳහා වන නීතිමය රාමුව නවීකරණය කර ඒකාබද්ධ කරමින්, නිල සංඛ්‍යාලේඛන නිපදවන්නන් සියලු දෙනාගෙන් සමන්විත ජාතික සංඛ්‍යාන පද්ධතියක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරනු ලබයි.
ඒ අනුව, 1900 අංක 9 දරන සංගණන ආඥාපනත සහ 1935 අංක 44 දරන සංඛ්‍යාලේඛන ආඥාපනත ඉවත් කරමින් අදාල මූලික කෙටුම්‍පත මත පදනම්ව නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ජාතික සංඛ්‍යාන පනත අලුත් වෙයි